‘කාලෙන් කාලෙට ආදර සම්බන්දතා ඇතිවෙනවා නැති වෙනවා’ ජනප්‍රිය නිලි දිලිනි කියන කතාව

අපේ කළා ලෝකය කියන්නේ ගොඩක් පුදුම හිතෙන තැනක්. මොකද උපතින්ම ගෙනා රංගන හැකියාවක් තියෙන රංගන ශිල්පිනියන් රැසක් අපේ කළා ලෝකයේ ඉන්නවා. ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නේ. කළා ලොවට පැමිණි මුල් කාලයේ ගැමි චරිත වලට පමණක් කොටුවෙලා හිටිය දිලිනි මේ වනවිට විවිද චරිත හරහා චරිතාංග නිළියක ලෙස රංගනයේ යෙදෙනවා. පසුගිය කාලයේ ‘සිඳු’ නාට්‍ය හරහා වගේම ස්වර්ණවාහිනියේ විකානය මදකට නතර කල ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍ය හරහාත් ඇය ප්‍රේක්ෂකන්ට දැක ගන්න ලැබුනා. දිලිනි මේවනවිට රංගනයට පිවිසිලා අවුරුදු නවයක් පමන වෙනවා. කොච්චර ජනප්‍රිය වුනත් දිලිනි තවමත් රංගන කටයුතු වලට එන්නේ ඇයගේ ගම වන කොස්ගම ඉඳලා කියලයි දිලිනි කියන්නේ.

දිලිනි කියන්නේ සාමාන්‍ය පවුලක හැදී වැදුන තරුණියක්, ඉතින් ඇය ඇයගේ පවුලේ විස්තර අප සමග කිවුවේ මෙහෙමයි ”මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි මල්ලියි විතරයි. තාත්තා පෞද්ගලික අංශයේ රියැදුරකු ලෙස සේවය කරනවා. මගේ අම්මා රැකියාවක් කරන්නේ නෑ. මල්ලි ඩුබායිවල කෝකියෙක් ලෙස සේවය කරනවා” කියලයි. දිලිනි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ඇය ආදරේ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මට ආදර සම්බන්දතා තිබිලා තියෙනවා. හැබැයි අනන්ත දුක් විඳගෙන ආදරේ කරලා නෑ. නොගැලපීම් එක්ක සම්බන්දතාවයක් පවත්වාගෙන යන්න බෑ. කාලයත් එක්ක ගොඩක් දේවල් තේරෙනවා. ඕනෑම කෙනෙක්ගේ ආදර සම්බන්දයක් ඇතිවෙනවා නැති වෙනවා. ජීවිතේ හැටි එහෙමනේ. අත්දැකීම් එක්ක අපි පරිනත වෙනවා. එතකොට තමයි සාර්ථ වෙන්න පහසු” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දිලිනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.