‘කාලය එක්ක මට ඒ දේ අත්හරින සිදුවුනා’ තරුණයන් වශීවෙලා පෝලිමේ පස්සෙන් යන නිම්මි කියන කතාව

ලංකාවේ මේ වනවිට ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන අපූරු කතා තේමාවක්වක් ඔස්සේ ගලා යන ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. අපේ කාලීන ජන ජීවිතයේ විවිද සිදුවීම් සමග ගලා යන මේ ටෙලිනාට්‍ය මේ වනවිට ලංකාවේ විශාල පිරිසක් නරඹනවා. ඉතින් මේ ප්‍රේක්ෂකයන් අතරින් බහුතරයකගේ ආදරේ දිනාගන්න සමත්වුණ චරිතයක් තමයි ‘පොඩ්ඩී’ කියන්නේ. මේ දවස්වල මනමාලන් එක්ක හුරතල් වන ‘පොඩ්ඩී’ ගේ චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක වන නිම්මි මනෝහාරී විසින්. නිම්මි කියන්නේ නිලියක් වෙන්න හිතාගෙන හිටපු නෙකෙන් නෙවෙයි ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මම නිලියක් වෙන්න හිතාගෙන හිටියේ නෑ. හැබැයි මම පාසලේ මාධ්‍ය ඒකකය එක්ක එකතු වෙලා වැඩ කළා. ඒ වගේම මම නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. හැබැයි කාලය එක්ක නිවේදන වෘත්තිය අත්හරින සිදුවුනා” කියලයි.

‘නාඩගම්කාරයෝ’ කියන්නේ නිම්මිගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. ඉතින් මේ නාට්‍යයේ නිම්මි අතින් සිදුවන අඩුපාඩු මොනවද කියා ඇසු පැනයකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් ”මට මුල් දවස්වල ඩයලොග් මතක නැතිවෙනවා. මම ඒවා කටපාඩම් කළා චරිතය හිතෙන් මවාගෙන රඟපාන හැටි ප්‍රසන්නජිත් සර් කියලා දුන්නා ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට කැමරා කීපයක් තියෙනවා කියලා මට අමතක වෙනවා. පොඩ්ඩ පොඩ්ඩ අඩුපාඩු හදාගෙන තමයි මේ ගමන යන්නේ” කියලයි. ඉතින් අපේ කළා ලෝකයට අලුතෙන් පය තබපු ලංකාවේ තරුණයන් රැසකගේ ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් වන නිම්මි මනොහාරිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.