‘කාලයක් තිබ්බා ආදරේ නිසා හොඳටම අඬපු, හැබැයි දැන් මාව අඬවන්න කාටවත් බෑ’ ශලනි කියන කතාව

පහුගිය කාලය පුරාවට බොහෝ දෙනෙක් කතා කරපු චරිතයක් තමයි ශලිනි කියන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් විවේචනය කරපු චරිතයක්. මේ හැමදේම එකතු කරගෙන අපි අද ඇය සමඟ කතා කරන්න හිතුවා. මේ දිනවල බොහෝ දෙනෙක් අතර ‘ජනප්‍රිය කියාදෙන්න ආදරේ තරම්’ සහ ‘චලෝ’ නාට්‍ය හරහා ප්‍රක්ෂේකයන් අතරට එන ශලිනි බහුතර ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ඉන්න චරිතයක්. ඒ නිසාම මුලින්ම ඒ චරිත එක්ක බැදුන ශලිනි ගැන කතා කරන්න හිතුවා,

ඉතින් අපි හිතුවා ශාලනිගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න, මේ වගේ එකිනෙකට වෙනස් චරිත දෙකක් කරද්දී මේක අභියෝගයක් කියලා හිතුනේ නැද්ද?. ” ඇත්තම කියනවනම් මට මේ චරිත දෙකම තරමක අභියෝගයක්. ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය අද බොහෝ දෙනෙක් බලන කතාවක්. ඒ නිසාම මම ඒ කතාව තුල ඇය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා හැබැයි ‘චලෝ’ කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. මොකද ‘චලෝ’ කියන්නේ පාසල් යන තරුණියකගේ චරිතයක්. මුලින් මටම හිතුනා මට මේක කරන්න පුළුවන්ද කියලා. ඒත් රංගනයට ඇත්තටම වයස අදාල නෑ කියලා හිතුනා. හැබැයි නොහිතපු විදිහට මේ චරිත දෙකම ජනතාව ආදරයෙන් වැළදගත්තා.”

ශලිනි කියන්නේ ශක්තිමත් කෙනෙක් නෙවයි කිවොත් ඔබ එයට දෙන පිළිතුර,” නෑ මම ඒක පිළිගන්නේ නෑ. ඇත්තටම මම ශක්තිමත් කාන්තාවක්. කාලයක් තිබුනා මම රංගනයට ආව එකට මටම දොස් කියපු. සමහර අපවාද විවේචන මට දරාගන්න බැරි වුනා. මම සෑහෙන්න ඇඩුවා තනිවුනා. සමහර කතා වල කිසිම හරයක් නැතත් සමහරුමට ඇගිල්ල දික් කලා. හැබැයි ගල් ගහපු නිසාම මගේ හිත හැදුනා. ඒ හැමදේම මම භාරගත්ත නිසාම මම හිත හදාගත්තා. හැබැයි අද මම තැනක ඉන්නවා. අද ඒ කිසිදෙයක් ඉස්සරහ මම වැටෙන්නේ නෑ. කවුරු මොන දේ කිවත් මගේ ඇගේ වදින්නේ නෑනේ කියලා මම මගේ ගමන යනවා. වැටෙන්න වැටෙන්න නැගිටින්න ඉගෙන ගත්ත නිසාම මම ජිවිතේ නොවැටි ඉන්න උත්සහ කරනවා.”

ශලිනි මේ වෙද්දි පෙම්වතියක්ද? “මම ආදරේ කරලා තියෙනවා. හැබැයි ⁣මම දැන් පෙම්වන්තියක් නෙවෙයි. ආදරය වුනත් ඕනි කාලේට ලැබෙයි කියලා මම විස්වාස කරනවා. මොකද මම හදිස්සි වෙලා ජිවි⁣තේ තිරණ ගන්න ලෑස්ති නෑ. රංගනයෙන් සිනමාවෙන් ඉදිරියට යන්න ආස මට කාලයත් එක්ක හරි කෙනෙක් මුණ ගැහෙයි..”

රංගනය කරපු ඔබ අධ්‍යක්ෂණයටත් යොමු වෙලා නේද දැන්, “ඇත්තටම ගොඩක් සතුටුයි. මම කරපු පළවෙනි වැඩේටම මට හොද ප්‍රතිචාර ලැබුනා. හිතාගෙව හිටපු නැති දෙයක් අධ්‍යක්ෂණය කියන්නේ.⁣ ගෙවුන කාලේ තමා මේ සැලසුම මගේ ඔලුවට එන්නේ. අපිට හොද කණ්ඩායමක් සෙට් වුනා. ඉතින් නොහිතපු විදිහට අපි කරපු ඒ වැඩේ සාර්ථක වුනා. හැබැයි අධ්‍යක්ෂණය කියන්නේ වෙනම දෙයක්. ඒක ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. බලමු ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.” සුන්දර දඟකාර ශලිනි ටෙලි වංශකතාවේ තම නාමය රදවා අවසන්. සම්මාන රැසකට උරුමකම් කියා අවසන්. ඉතින් ඇගේ ගමන තව දුර වෙද්දි ජිවිතේ අභියෝග සමඟ ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.