‘කාමරේ දොරට තට්ටු කලේ කවුද බලද්දී සාරංග අයියා දොර ළඟ’ අසේකා විජේවර්ධන කියන කතාව

චන්න උපුලි කියන්නේ ලාංකිය නර්ථන කලාවේ නොමැකෙන තරු දෙකක්. ඉතින් මේ තරු දෙකට ඉන්න එකම පුංචි තරුව අසේකා විජේවර්ධන. නමින් නොදන්නවා වුනත් රුවින් ඇයව නොදන්න කෙනෙක් නැති තරම්. ඒ නිසාම අද අපි කතා කරන්නේ අසේකා සමඟ. අවුරුදු 28ක් වෙන අසේකා මේ වෙද්දි වෘත්තීය නර්ථන ගුරුවරියක්. නර්ථන ආභාෂය ලැබුනත් කුඩා කාලයේ ඇය නර්ථනයට ප්‍රිය කලේ නැති බව ආරංචි වුන නිසාම ඇයගෙන්ම මේ ගැන අහන්න හිතුවා, “ඔව් මම පොඩි කාලේ ඇත්තටම නර්ථනයට කැමති නෑ. මොකද මම බඩ⁣ පේන්න අදින්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් කාලයත් එක්ක අම්මා තාත්තා නිසා මම නර්ථන කලාවට සම්බන්ධ වෙනවා. ඉතින් අද මම වෘත්තීය නර්ථන ගුරුවරියක්.”

අසේකා ආදරය ගැන හිතන්නේ, ” දවසක මට හම්බවෙන්න ඕනි කලාවට ආදරේ කරන කෙනෙක්. මොකද මමත් කලාවේ ඉන්න නිසා. තාම මට එහෙම කෙනෙක් නෑ. අම්මා තාත්තා වුනත් මාත් එක්ක මේ ගැන කතා කරනවා. ඒත් තාම මම ආදරයට මුල පුරලා නෑ.”

අසේකා, ශලිනි, දිනක්ෂි හොදම යාළුවෝ කියලා හැමෝම දන්නවා. ඉතින් ඔයාට අමතක නොවෙන බර්ත්ඩේ සප්රයිස් එකක් පසුගිය දවසක ලැබුනා කියලයි ආරංචි ඒ ගැනත් කිවොත්, “එකනම් තාමත් මට හිතාගන්න අමාරුයි. මොකද මම හිතුවේ නෑ හරියටම රෑ දොළහට හැමෝම මාව හොයාගෙන එයි කියලා. මම එදා රෑ ෆිල්ම් එකක් බල බල හිටියේ. ඉතින් රෑ දොරට තට්ටු කරන සද්දෙට මම දොර අරිද්දි ලොකු කේක් එකක තියාගෙන සාරංග අයියා දොර ලඟ. ඒ දවස මතක් වෙද්දි අදටත් මට හරි සතුටුයි. මගේ අම්මා තාත්තා වුනත් මේක දැනන් ඉදලා නෑ. දිනක්ෂි ශලිනි කියන්නේ ඇත්තටම අපි එක පවුලක අය වගේ.”

නර්ථන කලාවට සම්බන්ධ ඔබ රංගන කලාවට එන්න ආස නැද්ද, “මට අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යයෙන් ඒක මම පිළිගන්නවා. මොකද මම කලාවට ආදරේ නිසාම රංගනයත් ඉගෙන ගන්න ආසයි. කාලයක් මට එහෙම ආරාධනා ලැබුනත් අධ්‍යාපන කටයුතු එක්ක එ දේවල් මඟ හැරුනා. ඉතින් අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන් ආයේ සම්බන්ධ වෙනවා.” කියලයි,