කාන්තා ආකර්ෂණය ලැබෙන පිරිමි විලාසිතා 09ක්

“ඔබේ විලාසිතාවන් ඔබ ගැන කතා කරයි”. නියම මහත්වරුන් ගැන කතා කරනවිට මෙය බොහෝ සෙයින්ම සත්‍යය කියමනක්. කාන්තාවන්ගේ සිත දිනාගත හැකි විලාසිතා වලට පිරිමි කවුද අකමැති? මේ තරුණියන් වඩාත් ප්‍රියකරන ආකර්ෂණීය පිරිමි විලාසිතා කිහිපයක්.

01. හොඳ පාවහන් යුගලක් පැලඳීම

ඕනෑම Outfit එකක අත්‍යවශ්‍යයම අංගයක් තමයි පාවහන්. ඔබේ පාවහන් තේරීම් වලින් ඔබ ගැන බොහෝ දේ කියැවෙනවා.පාවහන් ‍තෝරාගැනීමේදී ඔබේ කලිසම් වර්ණයට ගැලපෙන ලෙස හෝ තද වර්ණයකින් ‍තෝරා ගැනීම උචිතයි.

02. Henley කමිස වර්ගය

කවදාවත් පරණ නොවන විලාසිතාවලින් එකකි.බොහෝ හොලිවුඩ් තරු වගේම ක්‍රීඩා තරු මේ කමිස වර්ගයෙන් හැඩවී සිටින ආකාරය දැකිය හැකියි. මෙය ඔවුන්ගේ ප්‍රියතම විලාසිතාවක් ලෙසයි කියැවෙන්නේ. කොලරයක් රහිත, ඉදිරිපස බොත්තම් ඇල්ලූ විවරයක් සහිත මෙම කමිස වර්ගය ඔබට වඩාත් කඩවසම් පෙනුමක් ලබාදේ.

03. සුදු කමිසය සහා ජීන්ස් කලිසම

 මේ ඇඳුම් වර්ග දෙක හොඳ සුසංයෝගයක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයි. මෙය පිරිමි ඔබේ කඩවසම් බව වැඩි කර පෙන්වන ආකාර්ෂණීය ඇඳුම් තේරීමක්.

04. “ V ” හැඩැති කර සහිත ස්වීටර් විලාසිතාව

තරුණියන් මේ පිරිමි විලාසිතාවට පිස්සු වැටෙනවා කියලයි කියන්නේ. මේ ඇඳුම් විලාසිතාවෙන් හැඩවූ තරුණයෙකුගෙන් හොඳ හැදියාවක් සහිත කෙනෙක් යන හැඟීම ඇති කරවීමට සමත් වෙනවා කියා මතයක් තියෙනවා.

05. අත් නැවූ කමිසය සහා සිහින් ටයි පටිය

මේ පෙනුමත් එකිනෙක හොඳින් ගැලපූ ඇඳුම් විලාසිතාවලින් එකක්.

06. Tailored suit විලාසිතාව

 කොච්චර විලාසිතා බිහිවුණත් කිසිදා පරණ නොවන තවත් විලාසිතාවක්. එමඟින් පිරිපුන් පෙනුමක් වගේම වැදගත් බවක් ඔබගෙන් දිස් වෙනවා.

07. Accessories භාවිතය

 ලෙදර් බෑන්ඩ් ,ගොතන ලද නූල් මේ කාලයේ වඩාත් කැපි පෙනෙන පිරිමි ආභරණ විලාසිතාවේ.

08. තොප්පි විලාසිතා

හරියට ගැලපෙන තොප්පි ‍තෝරා නොගත්තෝත් සම්පූර්ණ ඇඳුම් විලාසිතාවේම වටිනා පෙනුම විනාශ වෙන්න පුලුවන්.

09. පිළිවෙල පෙනුම

“Well-groomed look”, නැතිනම් පිරිසිදුකම හා පිළිවෙල ඔබේ පෙනුමින් බැලු බැල්මට හොඳින් දිස් වෙනවා. මොන විලාසිතාව කරත් පිළිවෙල නැත්තම් ඔබේ පෙනුම සම්පූර්ණ වෙන්නේ නැහැ.