කාන්තා ආකර්ෂණය අඩුකරවන පිරිමි විලාසිතා 10ක්

21 වන සියවස කියන්නේ නවීන විලාසිතා ලෝකයට වැඩි වැඩියෙන් බිහි වෙමින් පවතින කාලයකි. කාලයෙන් කාලයට වෙනස් වන සහා අලුත් වන විලාසිතා කොච්චර තිබුණත් ඇඳුම් පැලඳුම් භාවිතා කරන ආකාරයන් වෙනස් වන්නේ නැහැ නේද? අද දවසේදි අපි කතා කරන්න සූදානම් වන්නේ එවැනි නිසි නොවන වැරදි විලාසිතා භාවිතාවන් පිලිබඳවයි. හැබැයි මේ විශේෂ මාතෘකාව පිරිමි පාර්ශවයේ විලාසිතා ගැනයි. විලාසිතා භාවිතා කරන විට අනුගමනය කලයුතු සරල නිති කිහිපයක් තිබෙනවා. ආකර්ෂණීය බව සහා විලාසිතානුකූල බව වැඩි වන්නේ ඒවාට අනුගතව විලාසිතාවන් භාවිතා කිරීමෙන් පමණයි. එම නිසා ඔබේ පෙනුමට බාධාවක් නොවන ලෙස වඩාත් ගැලපෙන ආකාරයෙන් විලාසිතා අනුගමනය කරන්නේ කොහොමද කියා මේ උපදෙස් ඔබට පැහැදිලි කරාවි!

01. ඔබේ බ්ලේසරය වඩාත් දිගුවීම හෝ කෙටිවීම උචිත නැත.

පිරිමි අයගේ ‘ෆුල් සූට්’ විලාසිතාවේ අනිවර්ය අංගයක් තමයි බ්ලේසර් එක කියන්නේ. එමඟින් ඇඳුමට හොඳ නිමාවක් වගේම විලාසිතානූකූල බවක් එක්කරනවා. ඒ වගේම බ්ලේසර් භාවිතය නිසා ඔබේ විලාසිතාවේ පෙනුම විනාශ වී යන්නත් බැරි නැහැ. එසේ වන්නේ නිවැරදි ලෙස බ්ලේසර් එකක නොපැලඳීම නිසයි. කෝට් භාවිතයේදිත් මේ ලෙසට සැලකිලිමත් විම ඉතා වැදගත් වේ. සූට් එකට උඩින් බ්ලේසර් එකක් පැලඳ සිටින විට කෝට් එකක් භාවිතා කරන්නේ නම් කෝට් එකේ දිග බ්ලේසර් එකේ දිගට වඩා වැඩි විය යුතුයි.

02. branded T-shirts පමණක් ඇඳීම

ප්‍රසිද්ධ සන්නාම වල T-shirt පමණක් භාවිතා කිරීම බොහෝ පිරිමි අය විසෛන් සිදුකරති. නමුත්, ඊට වඩා වැදගත් වන්නේ සැපපහසුව සහා උචිත බවයි. T-shirt වල විශාල මුද්‍රිත රූප ඇති ඒවාට වඩා කුඩා ලාංඡන සහා රූප සහිත ඒවා ‍තෝරාගන්න.

03. ශරීර ප්‍රමාණයට වඩා විශාල සහා නොගැලපෙන ඇඳුම් භාවිතය

අනාගතයේදි මහත් වුණොත් ප්‍රමාණයේ ගැටලුවක් නැතිවෙයි කියා සිතමින් ඔබේ සිරුරේ ප්‍රමාණයට වඩා විශාල ඇඳුම් මිලදී ගැනීම නුවණැති ක්‍රියාවක් නොවෙයි. විශේෂයෙන්ම ජීස් කලිසම්, රෙට්‍රො ස්ලැක් කලිසම හෝ සූට්-පෑන්ට් වර්ගයේ කලිසම් මිලදී ගැනීමේදී ඒවා ඔබේ සිරුරට හොඳින් ගැලපෙන ප්‍රමානයන්ගෙන් යුක්ත වීම ඉතා වැදගත් දෙයක් වෙනවා. ඔබේ උසට වඩා දිග, සහා කකුල් වල ප්‍රමාණයට වඩා අධික ලෙස විශාල කලිසම් ඇඳීමෙන් ඔබේ පෙනුමට අවලස්සාක් ඇති විය හැකියි. ඒ වගේ ඔබටත් ප්‍රයෝජනයක් නොමැති දේ සඳහා මුදල් වියදම් නොකර සිටීම වඩාත් උචිතයි. ගැලපෙන ප්‍රමාණයන්ගෙන් ඇඳුම් ‍තෝරාගැනීම පැටලිලා වැටෙනවාට වඩා කොච්චර හොඳද?

04. යට කමිසය පිටතට නොපෙනිය යුතුයි.

කමිසය මත දහදිය පැල්ලම් ඇතිවීම වැළැක්වෙන ආරක්ෂාකාරී ඇඳුමක් ලෙස යට කමිසය හෝ බැනියම හැඳින්විය හැකියි. එය පිටතට පෙනීම අපරාදයක් නම් නෙවෙයි. ඒ වුණත් එය එතරම් විලාසිතානුකූල නැහැ. යට කමිසය යනු යට ඇඳුමක් නිසා ඒවා පිටතට නිරාවරණය වි පෙනිම සුදුසු නැහැ කියලයි විලාසිතා ආචාර ධර්ම වල සඳහන් වෙන්නේ. යට කමිසය පිටතට පෙනෙන විට කර අවට (අනුපාතයන් වෙනස් වී )අනවශ්‍ය ලෙස තිරස් රේඛා පිහිටීමෙන් ඔබේ ශරීර ප්‍රමාණය වෙනස් වී පිටතට පෙනිමට ඉඩ ඇත. විශේෂයෙන්ම,පපුව හරහා කමිස වාටිය දිස් වීමෙන්. ඒ වගේම ඔබ ඊට උඩින් අඳින් ටී-ෂර්ට් වර්ණය යට කමිස වර්ණයට වඩා වෙනස් නම් ඒක  වඩාත් ඉස්මතු වී කැතට පෙනෙන්නට පුලුවන්

05. ඕනෑවට වඩා accessories භාවිතා නොකල යුතුයි.

ඔබේ ඇඳුමට ඕනෑවට වඩා accessories  භාවිතා කිරීම එතරම් ගැලපෙන දෙයක් නොවේ. බ්‍රේසස්ලට්,මාල,ඔරලෝසු,තොප්පි,බඳ පටි, කොලර් පින් ,අත් පලඳනා මේ සියල්ල එක වර පැලඳීම ඔබේ පෙනුමට ගැටලුවක් විය හැකියි.අනවශ්‍ය පලඳනා ඉවත් කරමින් සුදුසු ලෙස සරල දේවල් කිහිපයක් භාවිතා කිරීමට මතකතබාගන්න.

06. ‘සැන්ඩල්ස්’ සමඟ මේස් පැලඳීම උචිත නැත.

මෙය යල් පැන ගිය විලාසිතාවක් වුණත් ඇතැම් පිරිමි අය මෙය තවම භාවිතා කරන විලාසිතාවක් බවයි පැවසෙන්නේ.’සැන්ඩල්ස්’ බොහෝ විට පලඳින්නේ මුහුදු වෙරළකදී සහා උණුසුම් දින වගේ අවස්ථාවලටයි.  කකුල් වලට පහසුවක් දැනෙන ලෙස පලඳින සෙරෙප්පු වර්ගයක් මිස ඒවා මේස් සමඟ සැන්ඩල්ස් පලඳින්නේ නැත. පාද නිරාවරණය වීම ඔබට අපහසුවක් ඇතිකරනවා නම් පාදයේ ඇඟිලි ආවරණය වන ආකාරයේ සපත්තු පැලඳිය හැකියි.

07. බොහෝ වර්ණ කිහිපයක් එකවරක ඇඳීම සුදුසු නැත.

කහ කලිසම, රෝස කමිසය ,රතු බ්ලේසර් එක සහ කොළ සපත්තු පැලඳි පෙනුමක් විකාරයක් වගේ නේද? සාමාන්‍යයෙන් සුට් විලාසිතාවලදී දීප්තිමත් තද වර්ණ භාවිතා කිරීම එතරම් සුදුසු නැති බවයි විලාසිතා නීති වල දැක්වෙන්නේ. වඩාත් කැපීපෙනෙන පෙනුමකට ප්‍රාථමික වර්ණ ලෙස නාවික නිල්,අඟුරු අළු පැහැය, ලා අළු පැහැය,කලු පැහැය,තද දුඹුරු සහා කාකි වර්ණයෙ යුත් සූට් විලාසිතා භාවිතා කල හැකියි. වර්ණ සම්මිශ්‍රණයක් සහිත පෙනුමකට accessory එකක් හෝ තද වර්ණයක මේස් කුට්ටමක් පලඳින්න.

08. සූට් විලාසිතාවකට ‘ස්නීකර්ස්’ සපත්තු විලාසිතා නොගැලපේ.

ස්නීකර්ස් සපත්තු විලාසිතා අද කාලයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව ඉතා ජනප්‍රිය වී තිබෙනවා. ඒවා මුල් වරට නිර්මාණය කර තිබුණේ දිවීමේදී භාවිතා කිරීම සඳහා වන සපත්තු විශේෂයක් ලෙසයි. එබැවින් ‍රැස්වීම් ,ව්‍යාපාරික කටයුතු වැනි වැදගත් අවස්ථාවකට සහභාගී වීමට අඳින ෆුල් සුට් විලාසිතාවකට මෙම සපත්තු පැලඳීම කිසිසේත්ම උචිත නැහෑ. එය ඔබේ පෙනුමට හා ආකර්ෂණීය බවට හානි කරයි. එබැවින් ඒ සඳහා පැලඳිය හැකි වෙනම සපත්තු කුට්ටමක් (dress shoes) තබාගන්න.

09. T-shirt එක කලිසමට යට කිරීම මඟින් ඔබට මැදිවියේ පුද්ගලයෙකුගේ පෙනුමක් එක් කරයි

ඔබ ටී-ෂර්ට් අඳින විටදී කලිසමට යට නොකල යුතු වන්නේ එමඟින් ඔබගෙන් අපිළිවෙල ආකාරයක් දිස්විය හැකි නිසයි. ඒවගේම ටී-ෂර්ට් එක මේ නිසා හැකිලුණු ස්වභාවයක් ගන්නවා. ටී-ෂර්ට් එකක උස ප්‍රමාණය කෙසේ විය යුතුද කියාත් ඔබ දැන සිටිය යුතුයි. අත් පහළට දමා සිටින විට ඔබේ ට්-ෂර්ට් එකේ යට දාරය පිහිටන්නේ ඔබේ බාහු වල මැද සීමාවට කෙලින් නම් ඔබේ තේරීම නිවැරදියි.

10. ශරීර ප්‍රමාණයට නොගැලපෙන ටයි පටි භාවිතා නොකල යුතුයි.

සාමාන්‍යයෙන් ටයි පටියක් පළලින් අඟල් 3 සිට 3.75 කට වඩා වැඩි නොවිය යුතු බවත්, කලිසමේ බඳ පටියට පහළින් උස නොඉක්මවිය යුතු බවත් මූලික පිලිගැනීමයි.ටයි පටියක් ‍තෝරාගැනීමේදී සිරුරේ හැඩය ගැන සලකිලිමත් විය යුතුයි. කෙට්‍ටු සිහින් සිරුරක් තිබෙන පිරිමි අය පළලින් වැඩි ටයි පටි පැලඳීම ගැලපෙන්නේ නැහැ. එමඟින් ඇඳුම සිරුරට වඩා විශාල බවක් පෙන්වනවා. ටයි පටියක් පැලඳීම මඟින් ඇඳුමට හොඳ නිමාවක් එක්කරයි. එබැවින්, ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් කරුණක් වේ.