කාන්තාවන්ගේ කියවිල්ල පිරිමි අයට වදයක් ලෙස හැ‍ඟෙන්නේ ඇයි?

තමන්ගේ පෙම්වතා/සහකරු තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක් නොවේ කියා මැසිවිලි නගන පෙම්වතියන්ටයි/ බිරින්දෑවරුන්ටයි මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. පිරිමි පුද්ගලයින් ඇහුම්කන් නොදෙන්නේ ඔවුන් ඔබ ගැන එපාවීම නිසා හෝ නොසලකා හැරීම නිසා නොවන බවයි අධ්‍යනයන් මඟින් පෙන්වා දෙන්නේ. එහෙනම් මේකට හේතුව මොකක් ද? සිදුකරන ලද අධ්‍යනයන් ‍රැසකින්ම හෙලි වී තිබෙන්නේ මේ සඳහා පිරිමි අයගේ මොලයේ ක්‍රියාකාරීත්වයේ ඇති වන යම් යම් සිදුවීම් හේතු වන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ පිරිමි පුද්ගලයින්ගේ මොලය කාන්තාවන්ගේ හඬ හඳුනාගන්නේ වෙනස් වෙනස් ආකාර වලින් බවයි. මේ අධ්‍යනයන් තුලින් හෙලි වූ පිරිමි අයගේ මොලයේ ක්‍රියාකාරීතවය සහා ඔවුන්ගේ ශ්‍රවණ හැකියාවන් ගැන  සඳහන් වන්නේ මෙවන් අදහස් කිහිපයකි.

කාන්තාවන්ගේ හඬවල් ඇසෙන විට පිරිමි අයගේ මොලය දැඩිව ක්‍රියාකිරීමට පටන් ගනියි. (female voices make men’s brains work harder)

 එක් අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ පිරිමි අය විසින් කාන්තාවන්ගේ හඬවල් සඳහා වෙනස් ආකාරයකට ප්‍රතිචාර දක්වන බවයි. වෙනත් පිරිමි හඬක් ඇසෙන විට ඔවුන්ගේ මොලයේ ඇතැම් කොටස් වල ක්‍රියාකාරීත්වය එතරම් සක්‍රීයව නොපවතියි. කාන්තාවන් පවසන දේ තේරුම් ගැනීම සඳහා ඔවුන්ගේ මොලය දැඩිව වෙහෙසවමින් එය අවබෝධ කරගැනීමට ඔවුන්ට සිදුවේ. එනම් කාන්තාවන් පවසන දේවල් ,ඔවුන්ගේ හැඟීම් සහා සිතුවිලි  වටහා ගැනීම පිරිමි අයට ඉතා අපහසු කටයුත්තක් බවයි.

කාන්තාවන්ගේ හඬේ විධානාත්මක ස්වරය අඩුය (less authoritative)

කාන්තාවන්ගේ ස්වර තන්තු සහා ස්වරාලයේ ප්‍රමාණය ඉතා වැදගත් සාධකයක් බව සොයාගෙන ඇත. ඉහළ හඬ ස්වරයක්(high-pitched) සහිත පුද්ගලයින්ගේ හඬට අවනත වන ස්වභාවය වැඩිය. පිරිමි පුද්ගලයින් තම මිතුරන්ට ඇහුම්කන් දෙන තරමවත් කාන්තාවන් හට ඇහුම්කන් නොදීමට මෙයත් එක් හේතුවක් බව සඳහන් වේ.

කාන්තාවන්ගේ හඬවල් සංකීර්ණ ය

ගැහැණු සහා පිරිමි හඬවල වෙනස මෙහිදි විශාල බලපෑමක් කරනු ලබයි. කාන්තාවන් කතා කරන විට ඔවුන් විසින් පිරිමි අයට වඩා විවිධ ශබ්ද භාවිතා කරන අතර යම් රිද්මයානුකූල ක්‍රමයකට කතා කිරීමට පෙලඹෙති. මේ සාධක දෙක නිසා කාන්තාවන්ගේ හඬින් පැවසෙන දේවල් ඉක්මනින් තේරුම් ගැනීම පිරිමි අයගේ මොලයට ඉතා ගැටලුකාරි සහා අපහසු වියහැකි බව එම අධ්‍යනයේ කරුණු වල සඳහන් වේ.

කාන්තාවන් අධිකව කතා කරනවා යැයි කීම අසත්‍යයක්

මෙය ඒකාකෘතික අදහසක් පමණි (stereotype) .මෙසේ නිගමනය කර ඇත්තේ එක්තරා පර්යේෂණයක් මඟිනි. කාන්තාවන් සහා පුරුෂයෙන් එකසේ සමාන ප්‍රමාණයකින් කතාබහ කරන බවත් අවස්ථාවේ හෝ සිදුවීම්(context) වල වෙනස්කම් අනුව එය වෙනස් තීරණය වන බවත් එහි දැක්වේ. ඇතැම් අවස්ථාවලදී කාන්තාවන් ට වඩා පිරිමි අය අධිකව කතාකරන බවත් සහා සමහර අවස්ථාවලදි කාන්තාවන් පිරිමි අයට වඩා කතා කරන බවත් හෙලි වූ බව ද එහි සඳහන් වේ. එබැවින් මෙවැනි මත පොදු පිලිගැනීමෙන් බැහැර කල යුතු කාලය එලැඹි ඇත.