‘කසාද නොබැඳ අපි එක් වෙලා දැන් වසර විසිහතක්’ ජනප්‍රිය නළු ඩබ්ලිව් ජයසිරි කියන කතාව

පසුගිය කාලයේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි ‘සිඳු’ කියන්නේ. ‘මලී’ ‘අත්තම්මා’ ටෙලිනාට්‍යවල ඊළඟ කතා මාලාව වන ‘සිඳු’, මේ වනවිට ලංකාවේ ළමා පරපුර අතර විතරක් නෙවෙයි තරුණ පරපුර අතරත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ නාට්‍යයේ හැමෝගෙම ආදරය ගෞරවය දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි ඩබ්ලිව්. ජයසිරි. ‘සිඳු’ ටෙලිනාට්‍යයේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ චරිතයට පනපොවන්නේ ඔහු විසින්.

ඩබ්ලිව්. ජයසිරි කියන්නේ රංගන ශිල්පියෙක්ම පමණක් නෙවෙයි. ඔහු ගීත රචනා රැසක් හරහාත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ජයසිරි මහතා විසින් රචනා කල ‘උදුම්බරා හිනැහෙන්නේ’ ‘ආදරයේ ඔබ ඔබමයි’ කියන ගීත ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒවගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන ජයසිරි මහතා 1980 ‘බඹරු ඇවිත්’ සිනමාපටය වෙනුවෙන් රචනා කල ගීතය වෙනුවෙන් වසරේදී හොඳම ගී පද රචනයට හිමි ජනාධිපති සම්මානය දිනාගන්න සමත් වෙනවා. ඉන්පසු 1997 වසරේ ‘දුවට මවක මිස’ සිනමාපටයේ සිදුකල රංගනය වෙනුවෙන් ‘හොඳම සහය නළුවා’ සම්මානය දිනාගන්න ඔහු සමත්වෙනවා.

ඩබ්ලිව්. ජයසිරි මහතා මේ වනවිට විවාහකයි ඒ වගේම ඔහුට සුරූපී දියණියන් දෙදෙනෙක් ඉන්නවා, ඉතින් පසුගිය දිනක ජයසිරි මහතා ඔහුගේ විසි හත්වන විවාහ සංවත්සරය සමරලා තිබ්බා ඉතින් ඒ වෙනුවෙන් ඔහු මුහුනුපොතේ මෙන්න මේ වගේ අපූරු සටහනක් තියලා තිබ්බා ” මම යි රූපිකයි කොයිම ආකාරයක හෝ නීතිමය බැඳීමක් නැතිව එකිනෙකා අතර වූ ආදරය හා ගෞරවය නිසා එකවහලක් යටට වී 26-09-2021 අදට විසිහත් අවුරුද්දක් වෙනව. අපේ සෙණෙහසේ මල්ඵල වූ අන්නපූර්ණා හා මන්දාරිකා සමග අපි හතරදෙනාම කිසිවිටෙකත් ආගම්වාදී නොවී, ජාතිවාදී නොවී, අන්තවාදී නොවී සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා, සුවපත් වෙත්වා ප්‍රාර්ථනාවෙන් සාමකාමීව ජීවත්වෙමු.” කියලා ඉතින් ඩබ්ලිව්. ජයසිගේ විවාහ සංවත්සරයට අපිත් හදවතින්ම සුබ පතනවා.