කවදා හෝ ඔබට ප්‍රයෝජනවත් විය හැකි ආත්මාරක්ෂක උපක්‍රම 8 ක් මෙන්න

ජීවිතයේ සෑම මොහොතක්ම ඉතාමත් අවිනිශ්චිතයි. මේ තාක් අපි නිරුපද්‍රිතව ජීවත් වුණත් ඊලඟ තත්පරයේදී මොනවගේ කරදරයකට, විපතකට පත්වෙන්නට සිදුවේද කියන දේ අපි කවුරුත් දන්නේ නැහැ. අන්න ඒ නිසයි පෙර සූදානම කියන දේ බොහෝ වැදගත් වෙන්නේ. මේ ලැයිස්තුවේ සඳහන් ආකාරයේ අනපේක්ෂිත උවදුරකදි, හදිසි අවස්ථාවකදි ඊට හොඳින් මුහුණ දී ඔබේ ජීවිතයට අනතුරක් නොවි ආරක්ෂා කරගැනීමට ඔබට ප්‍රයෝජනවත් විය හැකි දැනුම සහ කරුණු කිහිපයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

01. දිය ‍රැළි පහරකට හසුවුවහොත්

පිහිනන විදිය දැනගෙන සිටීමෙන් අදහස් වන්නේ නැහැ ඔබ ඕනෑම ජල මූලාශ්‍රයකදී , විශේෂයෙන්ම මුහුදේදී වැනි පරිසරයක ආරක්ෂිතයි කියලා. ඇතැම් විට ඔබට දරාගත නොහැකි තරම් ප්‍රබල ජල තරංග ඇති විය හැකියි. මුහුදේ ප්‍රබල දිය ‍රැළි දිගින් දිගටම ඇති වි ඔබට තව දුරටත් පිහිනීම අපහසු බවක් දැනේ නම්, උඩු අතට හැරී පින්තූරයේ පරිදි පාවීමට පටන්ගන්න. මේ ක්‍රමයෙන් ඔබේ හුස්ම හිර නොවි ජීවිතය ‍රැකගත හැකියි.

02. ලේ ගැලීම නවතාගැනීමට

මෙය UFC වැනි ප්‍රසිද්ධ තරඟාවලි වල මලල ක්‍රීඩකයින් පවා භාවිතා කරන තහවුරු කරන ලද උපක්‍රමයකි. ඔබට කැපුම් තුවාලයක් ඇතිවුවහොත්, තුවාලය පළමුව පිරිසිදු කරන්න, සීරුම මත මද පීඩනයක් එල්ල කරන්න, පිරිසිදු කරගත් දැත් වලින් පෙට්‍රෝලියම් ජෙලි ස්වල්පයක් ගෙන තුනී ස්තරයක් සේ තුවාලය මත ආලේප කර රුධිරය ගැලීම නවතාගත හැකිය. හැකිනම් තුවාලය ගෝස් පටියකින් හෝ ඩක්ට් ටේප් කැබැල්ලකින් ආවරණය කරන්න.

03. මුහුදේදී ටෝනෑඩෝවකින් බේරී සිටීමට

ටොනෑඩෝ තත්වයකදි වඩාත් සුරක්ෂිතම ස්ථානය වන්නේ පාදම ස්ථානයකට ගන කර සැඟවීමයි. නමුත්, ජලයේ සිටින විට මෙය ප්‍රායෝගික නැහැ. ඔබ සිටින්නේ විවෘත මුහුදේ නම් ඔබට ටොනෑඩෝවක් පැමිණෙන බව දැකිය හැකිනම්,ඉන් බේරීමට ඊට ලම්භක දිශාවට (perpendicular direction) ගමන් කරන්න.

04. පිරන්හා වැනි තියුණු දත් සහිත මාලුන්ගෙන් බේරීමට

පිරන්හා මසුන් බහුලවම ඉන්නේ ඇමේසන් ගංගාව ආශ්‍රිතවයි. ඔබ සිටින තැනට ඔවුන් ඇවිස්සී පැමිණීම වළක්වාගැනීමට හැකිතාක් ශබ්ද නොකර ගමන් කිරීමට උත්සාහ කරන්න. මොවුන් ජීවත් වන්නේ නොගැඹුරු ජලයේය.මොවුන් සිටින ජලයේ පිහිනිමට සිදුවුවහොත් ඔබේ අත් සහ කකුල් ආරක්ෂා කරගනිමින් සීතල ජලය ඇති එහි ගැඹුරුම දෙසට පිහිනන්න. සපා කන මාලුන්ගෙන් බේරෙන්න ක්‍රමයක්.

05. ක‍ටු නොමැතිව සරලවම මැහුම් දාගන්නා ආකාරය

ගැඹුරු තුවාලයක් සිදුවී ඇතත් නිසි වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් අඩුකම නිසා බෙහෙත් කරන්න විදියක් නොමැති අවස්ථාවකදී, ගම් ටේප් (adhesive tape) කැබලි වල දාර කපමින් තුවාල කැපුම් මත රූපයේ පරිදි අලවා මැහුම් යොදන්න. තුවාලයට ප්‍රතිකාර කරන තෙක් තුවාල විවරය වසා තබාගනිමින් ආසාදන ඇති වීම වළක්වාගැනීමට මේ ක්‍රමය අවස්ථානෝචිතව ප්‍රමාණවත් වනු ඇත.

06. කුලප්පු වු අලියෙකුගෙන් බේරෙන විදිය

  • මෙහිදී ඔබ වේගයෙන් ක්‍රියාත්මක වන තරමට ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇත.
  • දුර තබාගෙන අලියා දෙසට මහ හඬින් කෑගසන්න.
  • සිග්-සැග් (zig-zag හෙවත් Z අකුරේ හැඩයට ) වේගයෙන් දුවන්න.
  • විශාල ආවරණයක් හෝ වස්තුවක් පි‍ටුපස මුවා වෙන්න.

07. මෝටර් රථ ගැටීමකින් ජීවිතය බේරගන්නේ කොහොමද?

මෝටර් බයිසිකලයක ගමන් කරන විට රියදුරාට ඇති ආරක්ෂාව ඉතා අඩුය. ඔබ ගමන් කරමින් සිටින මෝටර් බයිසිකලය අනතුරකට ලක් වීමට ආසන්න බව සහ එය වළක්වාගැනීමට නොහැකි බව ඔබට වැටහේ නම් පහත උපදෙස් පරිදි කටයුතු කරන්න.

  • ඔබ බිම පතිත වන තුරුම හැන්ඩ්ල්බාර් දෙකෙන් අත් නොහරින්න.
  • හිස පහළට හිරකරගනිමින්, වැළමිට සහ දණහිස් ඔබේ සිරිර දෙසට ඇද ලංකරගන්න.
  • බලපෑමට ලක්වන තුරු ඊට සූදානමින් සිටින්න-හැකිනම් බිම රෝල් විමට උත්සහ කරන්න.

මෙම පියවර කිහිපය අනුගමනය කිරිමෙන් ඔබේ සිරුරට බරපතල ගණයේ හානි ඇතිවීම බොහෝ දුරට පාලනය කරගැනීමට ඔබට හැකි වනු ඇත.

08. දිවියෙකුගේ ප්‍රහාරයෙන් බේරෙන විදිය

කඳු නැගීම හෝ කඳවුරු බැඳීම සඳහා වනාන්තර ප්‍රදේශ වලට ගමන් කරන ඇතැමුන්ට මෙවැනි අත්දැකීමකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවිය හැකිය. මෙවැනි සත්වයෙකු ඉදිරියට මුණගැසුණු විට දුවන්න එපා! නොසෙල්වි සිරුර උස් වී පෙනෙන සේ සිටගන්න, ඔබ ඇඳ සිටින ජැකට්‍ටුව හෝ කබාය විවෘත  කර පිහා‍ටු විහිදනවා මෙන් ඔබේ දෑත් ඉහළට ඔසවා  ප්‍රමාණයෙන් විශාල බවක් මවාපාමින් සතාව බිය වද්දන්න.