කවදාවත් මෙම ආහාර වර්ග 7 මයික්‍රෝවේව් උඳුන් වලින් රත්කරලා ආහාරයට ගන්න එපා

1946 දී පර්සි ස්පෙන්සර් විසින් අහම්බයෙන් වගේ සොයාගත් මයික්‍රෝවේව් උඳුන වර්තමානය වනවිට මුළුතැන්ගෙයි පවතින ප්‍රධානතම උපාංගයක් බවට පත්වෙලා.ආහාර පිසීමට වගේම රත්කරගැනීමේ කාර්යය සඳහාත් මෙම උඳුන භාවිතා කරනු ලබයි. ඒ නිසාම මයික්‍රෝවේව් උඳුනකට දමා නැවත වරක් රත් කිරීම සිදු නොකලයුතු ආකාරයේ ආහාර වර්ග ගැනත් ඔබ දැනුවත් වී සිටීම වැදගත්. මෙහෙම කියන්න හේතුව තමයි ඇතැම් ආහාර වර්ග නැවත රත් කිරීමේදි නරක්විය හැකි වීම සහ තාපයට ලක්වීමේදි ඇතැම් ආහාර වල අපේ සිරුරට අහිතකර ආකාරයේ සංඝටක නිර්මාණය ව්මේ අවදානමක් තිබීම.

මස් සහ මාලු

  • සකස් කල මස් නිෂ්පාදන (processed meat) වල කල්තබාගැනීමේ ද්‍රව්‍ය ‍රැසක් අඩංගු වේ. ඒවා විද්‍යුත්චුම්භක විකිරණ වලට නිරාවරණය වීමේදි ඔක්සිකරණයට ලක් වූ කොලෙස්ටරෝල් මේද (oxidized cholesterol) වැනි සිරුරට හානිකාරී ආකාරයේ සංඝටක බවට පරිවර්තනය වීම සිදුවේ.
  • බැදපු චිකන් වර්ග නැවත රත්කිරීමේදි ඒවායේ ක්‍රිස්පි ස්වභාවය පෙඟුණු ස්වභාවයකට පත් විය හැකියි වගේම මස් වර්ග සමානව හොඳින් පිසගැනීම අපහසු වේ.
  • මාලු ආහාර නැවත රත්කිරීමේදී උඳුන තුල දැඩි දුර්ගන්ධයක් ඇතිවීම සිදුවිය හැකියි. එමෙන්ම සැමන් වැනි මාලු වර්ග නැවත රත්කිරීමේදි ඒවායේ තෙතමනය සහිත ස්වභාවය ඉවත් වී ඝනකම් සහ වියළි බවට පත් වී ආහාරයට ගැනීමට නොහැකි තත්වයකට පත්විය හැකියි.

ඇතැම් එළවළු, පලතුරු සහ හතු වර්ග

  • මයික්‍රෝවේව් උඳුනක රත්කිරීමේදි බ්‍රෝකෝලි ගෝවා වල ගුණ ‍රැසක් විනාශ වී යයි. වඩාත් හොඳ ක්‍රමය වන්නේ ඒවා වාෂ්පයෙන් තම්බාගැනීමයි. එමඟින් එහි රසය වගේම විටමින් හා ඛනිජ ගුණයන් ද නොනැසි ආරක්ෂා කරගත හැකි වේවි.
  • කොළ වර්ග (බීට් කොළ වැනි) උඳුනක රත්වීමේදි ඇතැම් විට ගිනි ගැනීමේ හැකියාව ඇත. ඉන් ඔබේ කෑම වර්ග ආහාරයට ගත නොහැකි තරමට පිලිස්සිම වගේම උඳුනටත් හානිවිය හැකියි.
  • විද්‍යුත් චුම්භක විකිරණ බලපෑම් නිසා නිවිති සහ බීට් වැනි ආහාර වල සිරුරට හානිකර රසායනයන් නිර්මාණව වේ. උදාහරණයක් ලෙස nitrosamines වැනි හානිකර සංඝටක , මේවා පිළිකාකාරක ද්‍රව්‍යයකි.
  • මිරිස් වල ඇති කැප්සයිසින් (capsaicin) මයික්‍රෝවේව් උඳුන තුල රත්කිරීමේදි වාෂ්පවි යයි. උඳුනේ පියන විවෘත කල විට එහි සැර දුමෙන් මුලුතැන්ගෙය පිරි යාවි
  • මිදි සහ ගූස්බෙරි වර්ග රත්කිරීමේදි රුධිරය (ප්ලාස්මා) ස්වරුපයට සමාන දියාරු ස්වභාවයකට පත් වේ. මෙය අවදානම් පරීක්ෂණයක් නිසා උත්සහ කරන්න යන්න එපා.

පීසා, චයිනීස් ආහාර වර්ග සහ බත්

  • පීසා රත්කිරීමේදි එහි වටා ඇති ක්‍රිස්පි කොටස් තෙතමනය සහිත මොලොක් ඇලෙන සුලු ගතියකට පත්විය හැකියි වගේම චීස් රබර් මෙන් ඝනකමකට පත්විය හැකියි. මෙය සාමාන්‍ය උඳුනක ඉහළ උෂ්ණත්වයක් යටතේ හෝ පෑන් එකක් මත හෝ රත්කරගැනීම සුදුසුයි.
  • ආහාර ඇසුරුම පිටින් උඳුනට නොදැමිය යුතුයි. කාඩ්බෝඩ් පෙට්ටි වල හානිකර අමුද්‍රව්‍ය අඩංගුය(ගම්, තීන්ත, ඉටි, ප්ලාස්ටික් හෝ ලෝහ කොටස් ). මේවා දහනය වන සුලු නිසා ගින්නක් ඇතිවීමට බැරි නැහැ.
  • චයිනීස් ආහාර වර්ග මයික්‍රෝවේව් කිරීමෙන් එම ආහාර වල රසය දියාරු සහ අප්‍රියජනක ස්වභාවයකට පත්විය හැකියි. එසේ සිදුවන්නේ ඒවායේ ඇති අමුද්‍රව්‍ය නිසාය.
  • බත් වර්ග මයික්‍රෝවේව් උඳුනේ රත්කරගැනීම සෞඛ්‍යාරක්ෂිත නොවන අවස්ථා ඇත. බොහෝ වෙලාවක් බත් කාමර උෂ්ණත්වයේ හෝ දවසකට වඩා සිසිල් ස්ථානයක තබා තිබුණේ නම් ඒවා ඉවත් කිරීම වඩාත් සුදුසුයි.  බත් ඇට වල ‘Bacillus cereus’ නම් බැක්ටිරීයා වර්ගයක් අන්තර්ගත වන අතර පළමු වර පිසීමෙන් පසුවද නොනැසී පවතියි. මයික්‍රෝවේව් උඳුනක උෂ්ණත්වය ඉහළ නොමැති නිසා මෙවැනි ක්ෂුද්‍ර ජීවින් විනාශ වන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර විෂවීම පවා සිදුවිය හැකියි. පිෂ්ටය අඩංගු ආහාර වලට ද මෙම තත්වය ආදාල වේ.

දියර වර්ග, තෙල් වර්ග සහ සුප් වර්ග

  • දියරමය ගතියෙන් වැඩි සුප් වර්ග කිසි ගැටලුවකින් තොරව රත්කරගත හැකිය. නමුත්, ඝන සුප් වර්ග රත්කිරීමේදි ඒවා බිඳිති ලෙස උඳුන පුරා රත් වී විසිරීමට පටන් ගනියි. මෙසේ සිදුවන්නේ එය අසමානව රත්වීම නිසාය. මිනිත්තුවකට වරක් එය හැන්දකින් කලවම් කිරීම හෝ ලී හැන්දක් හෝ කෝ‍ටුවක් සුප් බඳුනට දමා උඳුනේ රත්කරගන්න.
  • කෝපි පානයන් රත්කිරීමේදි එහි රසය විනාශ වී යයි. එහි රසය වඩාත් තිත්ත වීම  හෝ ඇඹුල් වීම සිදුවේ.
  • මයික්‍රෝවේව් උඳුන තුල ළමා කිරි සහ ආහාර වර්ග සමානව රත්කරගැනීමට නොහැකියි.
  • ජලය රත්කරගැනීමේදි එහි උෂ්ණත්වය ඉහළ ගියද බුබුලු මතු නොවිය හැකියි. එයට තේ බැගයක් හෝ හැන්දක් හෝ දැමූ විට ඇතැම් අවස්ථාවල වතුර කෝප්පය පිපිරීමටත් ඉඩ තිබෙනවා.
  • ඔලිව්, ග්‍රේප්, කැනෝලා හෝ තල තෙල් වැනි විවිධ මේද වර්ග මයික්‍රෝවේව් උඳුන තුරදි අවශ්‍ය උෂ්ණත්වය යටතේ රත්වීම සිදුනොවේ.

මයික්‍රෝවේව් උඳුනෙන් ලබාගත හැකි ප්‍රයෝජන

සුදුලුණු පොතුඉවත්කරගැනීමට

  • සුදුලූණු ගෙඩියක් උඳුනට දමා තත්පර 15-20 ක් පමණ රත්කරගන්න.

නැවුම් යුෂ පාන සකස්කිරීමට

  • දොඩම් හෝ ලෙමන් වැනි පලතුරු උඳුනට දමා තත්පර 10-20 ක් පමණ රත්කරගන්න. එමඟින් ඒවා පහසුවෙන් මිරිකා යුෂ ලබාගත හැකිවේ. විකිරණ මඟින් සිට්‍රස් පලතුරු වල ඇතුලත සිවිය විනාශ කර දමයි.

ඇට සහ නට් වර්ග බැදගැනීමට

  • ඒවා සෙරමික් බඳුනකට දමා තෙල් ස්වල්පයක් එක්කර උඳුන තුලට දමා මිනිත්තු 3 ක් පමණ රත්කරගන්න.

එළවළු පොතුඉවත් කරගැනීමට

  • සුකිනි හෝ අල වර්ග පහසුවෙන් පොතු ඉවත්කරගැනීමට ඒවා මිනිත්තු 2-3 ක් පමණ උඳුනේ අඩුම උෂ්ණත්වයෙන් රත්කරගන්න. දැන්, ඒවායේ පොතු පහසුවෙන්ම ඉවත්කරගත හැකියි.

ලූණු කපාගැනීමට

  • ලූණු කපද්දි කඳුලු එන එකනම් කාටත් ප්‍රශ්ණයක්. මෙය වළක්වාගැනීමට ලූණු ගෙඩි උඳුන තුල තත්පර 45 ක් පමණ රත්කරගන්න. මෙමඟින් අපේ ඇස් වලට කඳුලු එමට හේතුවන ගැස් නිකුත් කරවන එන්සයිම විනාශ වී යයි.

කිරි වල පෙණ නගින තුරු බීට් කරගැනීමට

  • කැපචිනෝ වැනි පාන වර්ග සකස් කිරීමේදි කිරි වල හොඳින් පෙණ ලැබෙන සේ බීට් කරගත යුතුයි. මෙය සිදුකරගැනීමට  සෙරමික් බඳුනකට හෝ වීදුරුවකට බාගයක් පිරෙන සේ කිරි දමා පියනකින් වසාගන්න. එය හොඳින් කලත්තවන්න. පෙණ නැගීමට තත්පර 30-60 ක් පමණ ගත වේවි. ඉන්පසුව, එය මයික්‍රෝවේව් උඳුනේ තත්පර 30 ක් රත්කරගන්න. එහිදී පෙණ හොඳින් මතුවන අයුරු ඔබට දැකිය හැකි වේවි.

විශේෂඥයින් පවසන්නේ ඕනෑම ආහාර බඳුනක් එක්වරක් පමණක් නැවත රත්කරගැනීම සිදුකිරිම සිරුරට හිතකර බවයි.

  • ආහාර දිගුකලක් ගබඩාකර තැබීමේදි ඒවායේ බැක්ටිරියා වැනි ක්ෂුද්‍රජීවින් වර්ධනය වීමේ අවදානම වඩාත් ඉහළ යයි. නිසි පරිදි පිසගත් ආහාර වලින් ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවන්නේ නැත. නැවත රත්කිරීමේදි සිසිල් කොටස් ඉවත්වන තුරු හොඳින් කලවම් කරන්න. ආහාර නැවත නැවත රත්කරන වාරයක් පාස ඒවායේ රසය විනාශ වී යයි. විශේෂයෙන්ම එළවළු වර්ග තලප ස්වරූපයටත් මස් වර්ග රබර් වැනි ස්වභාවයකටත් පත් විය හැකියි.