කවදාවත් මෙන්න මේ ආහාර වර්ග 17 සුපර් මාකට් වලින්නම් මිලදී ගන්න එපා

සුපිරි වෙළඳසැල් වල දීමනා සහ වට්ටම් යටතේ ආකර්ෂණීය ඇසුරුම් වලින් තිබෙන භාණ්ඩ වලට පාරිභෝගිකයින්ගේ අවධානය යොමුවන්නේ නිරායාසයෙන්මයි. නමුත්, පාරිභෝගිකයින් වන ඔබ විසින් මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ වෙළඳපොලේ ඇති සෑම ආහාර ද්‍රව්‍යයක්ම ඉහළ ගුණාත්මක බව තහවුරු කල ඒවා නොවන බවයි.ඇතැම් ආහාර වර්ග ඔබ නොහිතන ආකාරයෙන් ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් කාලයත් සමඟ ඇතිකරවයි. එබැවින් මේ වගේ ආහාර මිලදී නොගෙන ඉන්න එක ඔබේ සෞඛ්‍යයට වඩාත් හිතකර වේවි.

භාණ්ඩ ඇසුරුම් කර ඇති ආකාරය සහ රාක්ක වල අසුරා ඇති ආකාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන්න.

  • චීස් පෙති නිෂ්පාදන වල නිෂ්පාදිත දිනය කිහිපවරක්ම පහසුවෙන් ගලවා වෙනස්කල හැකිය. මෙය චීස් වල පෙනුමක් නොවෙනස්ව තිබෙනතාක් අලෙවියට තබා තිබෙන උපක්‍රමයකි.බොහෝ විට මෙය භාවිතා වන්නේ මිලෙන් අධික නිතර අලෙවිය සිදුනොවන චීස් නිෂ්පාදන සඳහාය.
  • කිරි ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේදිද වඩාත් සැලකිලිමත් වන්න. තත්ව පරික්ෂාවන්ට (time-test) ලක් කෙරුණු නිෂ්පාදන සන්නාම වල නිෂ්පාදන මිලදී ගන්න.
  • ප්ලාස්ටික් නැතිනම් පොලිතින් බෑග් යනු ඇසුරුම්කරණය සඳහා ඇති හොඳම ක්‍රමය් නම් නොවේ.එමෙන්ම භාණ්ඩ වල සුරක්ෂිත බව ආරක්ෂාකරමින් කල්තබාගැනීම සඳහා වෙළඳසැල තුල නිසි ප්‍රමිතියකින් යුතු ගබඩා ස්ථාන සහ නිසි උෂ්ණත්වයන් යටතේ ගබඩාකර තිබීම ඉතා වැදගත්ය
  • වෙළඳසැලේ නමින් ඇසුරුම් කල පාන් වර්ග  මිලදි නොගැනීම සුදුසු බව එක්තරා වෙළඳසැල් සහයකයින් පිරිසක් පවසා ඇත. එක් අයෙකු පවසා තිබුණේ පාන් විශාල ප්‍රමාණයක් වෙළඳසැලට ගෙන්වාගනිමින් එහි සේවකයින් ලවා ඒවා ඇසුරුම් කරන බවයි. ඇතැම් අවස්ථා වල පිරිසිදු කරන්නියන් ලවා එය සිදුකරවාගන්නා බවත් ඔවුන් පවසා ඇත.

ඇතැම් ආහාර වර්ග ඔබේ සෞඛ්‍යයට හානිකාරී විය හැකියි

  • මැරිනේටඩ් නැතිනම් පදම් කල මස් වර්ග මිලදී නොගන්නා ලෙස විශේෂඥයින් පවසති. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඒවා සඳහා බොගෝ රසකාරක සහ කල් තබාගැනීමේ ද්‍රව්‍ය මෙන්ම ජලය භාවිතා කිරීමයි. බොහෝ විට කල් ඉකුත්වූ මස් වර්ග වල හමන දුගඳ නැතිවන සේ ඒවාට කුළුබඩු මිශ්‍රකරමින් නැවත අලෙවියට තබන බව කියවේ. මෙවැනි තත්වයේ මස්වර්ග සොසේජස්, මීට් බෝල්ස් සහ වෙනත් පෙර සැකසූ ආහාර ඇසුරුම් ලෙස සුපිරි වෙළඳසැල් වල විකිණිමට ඇත.
  • ඉඳි වර්ග හොඳ දිප්තිමත් සහ ඇලෙන සුලු බවකින් තිබෙන ආකාරය දැකිය හැකියි. ඊට හේතුව වන්නේ ඒවා සීන් සිරප් වල පොඟවා තිබීම නිසාය. මෙසේ කිරීම බැක්ටීරියා වර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය කරයි. වියළි ඇප්‍රිකොට් ඇට වල තැඹිලි පැහැය  ඇතිවන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වල බලපෑමිනි, ඒවා ආහාරයට ගැනීමෙන් ඇතැම් විට හිසරදය සහ උගුරේ අපහසුතා පවා මතුවිය හැකියි. ස්වභාවික ඉඳි matte ස්වභාවයෙන් සහ වඩාත් ඝනකමින් යුක්තයි. ස්වභාවික වියළි ඇප්‍රිකොට් ඇට කලු හෝ දුඹුරු පැහැයක් ගනියි.
  • ප්ලාස්ටික් ඇසුරුම් වල දමා ඇති ලුණු දැමු  මාලු වර්ග සහ මාලු බිත්තර නිෂ්පාදන නිසි පරිදි ගබඩාකල යුත්තේ තෙල් වලය. නමුත්, එම ඇසුරුම් වල තෙල් අඩංගු නොවේ නම් , ඉන් අදහස් වන්නේ ඒවා කල්තබාගැනීමට ‘urotropine’ නම් තහනම් කල්තබාගැනීමේ ද්‍රව්‍ය එක් කර ඇති බව විය හැකියි.
  • ප්ලාස්ටික් වල ඇති මයෝනිස් නිෂ්පාදන කෙරෙහිද සැලකිලිමත් වියයුතුයි. ප්ලාස්ටික් ඇසුරුම ඝනකමින් යුක්ත නොවේනම් ඔක්සිජන් වලට පහසුවෙන් එතුලට කාන්දුවිය හැකියි. ඒවා මයෝනීස් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් නිෂ්පාදනය ඔක්සිකරණයට ලක්වි එහි වර්ණය සහ රසය වෙනස්වී ඉක්මනින් නරක්වීමට පටන්ගනියි.

අඩංගු අමුද්‍රව්‍ය මොනවාද යන්න ගැන සැලකිලිමත් වන්න

  • කුඩා දරුවන් ඉතා කැමති රසකැවිලි නිෂ්පාදනයක් වන gummy bears නිපදවා ඇත්තේ සීනි, පිටි, සිට්‍රික් ඇසිඩ් සහ ජෙලටින් වලිනි. ජෙලටින් යනු මස් නිෂ්පාදනයේදි ඉවතලන අස්ථි, සම, කාටිලේජ වැනි අපද්‍රව්‍ය කුඩුකර තැම්බීමෙන් සකසන ලද්දකි.
  • Granola යනු ගුණදායි ආහාරයක වුණත් වෙළඳසැල් වල විකිණීමට ඇති ඒවායේ බොහෝ සීනි අඩංගුවේ. ඕට්ස්, නට් වර්ග, බෙරි වර්ග, සහ පලතුරු කැමලි මිශ්‍රකරමින් ඔබට නිවසේදීම මෙය සකස් කරගත හැකියි.
  • ඇතැම් කකුළු මස් නිෂ්පාදන වල අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට් සහ රසායනික රසකාරක ද්‍රව්‍යයන් ය.

වට්ටම් හැමවිටම වාසිදායක වන්නේ නැත

ආකර්ෂණීය වට්ටම් සහ දීමනා වලට පාරිභෝගිකයින් ඇදී එති. නමුත්, මෙය අලෙවිය සඳහා භාවිතා කරන උපක්‍රමයක් බැවින් ඇතැම් අවස්ථාවල නිෂ්පාදන වල සැබෑ තත්වය සැඟවිමක් ලෙස සිදුකරන්නක් ද විය හැකියි. උදාහරණයක් ලෙස කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩ සඳහා තොග අවසන් වනතුරු ආකර්ෂණීය වට්ටම් ලබාදීම.

ආහාර ‍තෝරාගැනීමේදි මේ ගැනත් සැලකිලිමත් වෙන්න

  • වෙළඳසැල්වල තබා ඇති එළවළු වල දීප්තිමත් සහ පරිපුර්ණ පෙනුමක් ඇත්නම්, ඉන් අදහස් වන්නේ ඒවායේ පෙනුම ආරක්ෂා කරගැනීමට බොහෝ රසායනික ද්‍රව්‍ය භාවිතා කර ඇති බව විය හැකියි. ස්වභාවික එළවළු වර්ග ස්වභාවයෙන් අඳුරු පැහැයක් ගනියි.
  • පලතුරු වර්ග වසරේ ඒවා හටගන්නා වාරයේදි මිලදි ගැනීම වඩාත් සුදුසුයි. ලඟදී නෙලාගත් සහ ඔබ හොඳින්ම දන්නා තැන් වලින් එළවළු මිලට ගන්න. එළවළු වල නැවුම් බව මත ඒවායෙන් සිරුරට ලැබෙන ගුණය ඉතා ඉහළ වේ.
  • ඇසුරුම් කල මී පැණි බෝතල් වල බොහෝ විට අඩංගු වන්නේ සීනිය.
  • අධි සිසිල් කල එළවළු වර්ග  නීරොගි සහ නැවුම් බව පිලිගැනුන ද ඒවා සිසිල්වීමට ලක්වීමේදි ඇතැම් විටමින් පදාර්ථ විනාශ වී ගොස් තිබිය හැකියි.
  • කෙ‍ෆිර් වැනි ආහාර මිලදි ගන්නා විට මේද 3.2% අඩංගු ඒවා ‍තෝරාගන්න. මේද අඩු කෙෆීර් වල මේද අඩංගු නොවන නිසා මේද ද්‍රාවක විටමින් වර්ගයක් වන  විටමින් D පෝෂණය සිරුරට අවශෝෂණය කරගැනීමට අපහසු වෙයි. විටමින් D යනු කැල්සියම් සිරුරට උරාගැනීම සඳහා අත්‍යවශ්‍ය පෝෂකයකි.