කල්නිකුත් වුනා කියලා මෙන්න මේ දේවල් 09 විසි කරන්න එපා

කල් ඉකුත් වූ දේවල් භාවිතය එතරම් ප්‍රසන්න අත්දැකීමක් නොවුණත් ඔබට ඉන් හොඳ ප්‍රයෝජනවත්භාවයක් ලබාගත හැකියි. ඔබේ නිවසේ ඇති මෙබඳු කල් ඉකුත් වු නිෂ්පාදන වර්ග කසල බඳුනට දැමීමට කටයුතු නොකර ඉන් මෙම ප්‍රතිලාභ ලබාගැනීමට උත්සාහ කර බලන්න.

01. අලිගැට පේර

ආහාරයට ගැනීමට නොහැකි ඉදුණු අලිගැට පේර ඔබේ හිසකෙස් වලට පෝෂණ සත්කාරයක් ලෙස භාවිතා කල හැකියි. අලිගැට පේර මද පොඩි කර හෝ බ්ලෙන්ඩ් කර තලපයක් සේ සකසා ගන්න. එය හිසකෙස් වල හොඳින් ආලේප කර පැය 6 ක් පමණ තිබෙන්නට හරින්න. සාමාන්‍ය පරිදි ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කරමින් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. මෙම ක්‍රමය මඟින් හිසකෙස් වලට හොඳ තෙතමනකාරක සත්කාරයක් ලබාදේ. පළමු සේදුම් වාරයෙන් පසු හිසකෙස් වියළි බවක් මෙන් ඔබේ අතට දැනිය හැකියි. නමුත්, වාර 2 ක් පමණ නැවත සෝදාගැනීමෙන් පසු හිසකෙස් වඩාත් සුමුදුව සහ දිදුලන ස්වභාවයකට පත්ව ඇති ආකාරය ඔබට දැකිය හැකි වේවි.

02. ෆේස් ෂීට් මාස්ක්

කල් ඉකුත් වූ පසු ෂීට් මාස්ක් මුහුණට භාවිතා කිරීම එතරම් සුදුසු නැහැ. ඒ වෙනුවට පැළුණු පතුල් වලට, පපු ප්‍රදේශයට, බෙල්ල සහ අත් වලට ඒවා භාවිතයෙන් මාස්ක් සත්කාර සිදුකල හැකියි.

03. මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ග සහ ක්ලෙන්සර් වර්ග

ඒවා බෑග්, මුදල් පසුම්බි වැනි මතුපිට පිරිසිදු කිරීම් සඳහා භාවිතා කල හැකියි. කපු පුළුන් කැබැල්ලකට ක්‍රීම් හෝ ක්ලෙන්සර් ස්වල්පයක් ගෙන පොලිෂ් කරගන්න.

04. එළකිරි

කල් ඉකුත් වූ කිරි භාවිතයෙන් නිවසේ සිටම චීස් සාදාගැනීමට, ආහාර බේක් කරගැනීමේදි භාවිතා කල හැකියි.  ඒ වගේම එය ෆේස් මාස්ක් එකක් ලෙසත් භාවිතා කල හැකියි. මුහුණ මත ගල්වා වියළෙන තුරු තබා මුහුණ සෝදා පිරිසිදු කරගන්න. කිරි වල අඩංගු ලැක්ටික් අම්ල මඟින් ඔබේ සමට හිතකර ප්‍රතිලාභ අත්කර දේ.

05. ෂේවිං ක්‍රීම්

කල් ඉකුත් වූ ෂේවිං ක්‍රිම් කුණු දුහුවිලි සහ ග්‍රීස් වැනි අපද්‍රව්‍ය පිරිසිදු කර ඉවත් කරගැනීම සඳහා භාවිතා කල හැකියි. එමෙන්ම ඒවා අපගේ නියපොතු යට පිරිසිදු කරගැනීම සඳහා ද භාවිතා කල හැකියි. ෂේවිං ක්‍රීම් නියපොතු වල ගල්වා ටූත් පික් එකක් ආධාරයෙන් ඒවා පිරිසිදු කරගන්න.

06. දත් බෙහෙත්

දන්තාලේප වල සේදුම්කාරක හෙවත් ඩිටර්ජන්ට් අඩංගුය. එම නිසා කාපට් වැනි මතුපිට පැල්ලක් පිරිසිදු කරගැනීම සඳහා දන්තාලේප භාවිතා කල හැකියි. එමෙන්ම බිත්ති මත කුරු‍ටු ගා ඇති ක්‍රේයෝන්ස් පැල්ලම් පවා හොඳින් ඉවත් කර පිරිසිදු කරගත හැකියි. ටෙනිස් පාවහන් සහ දුරකථනයේ තිරය ඇතුලු මතුපිට සුපැහැදිලිව පිරිසිදු කරගැනීමට ද හැකියි. කිරි බෝතල් වල කිරි පල් වූ ගන්ධය ඉවත් කරගැනීමට ද දන්තාලේප ප්‍රයෝජනයට ගත හැකියි.

07. යෝගට්

මේවා ඔබේ සමේ මැරුණු සෛල ඉවත්කරගැනීමට සඳහා මාස්ක් එකක් ලෙස භාවිතා කල හැකියි. යෝගට් ස්වල්පයකට මී පැණි හැන්දක් සහ අඹරාගත් පිපිඤ්ඤා ස්වල්පයක් දමා මිශ්‍රණයක් සාදාගන්න. ඒවා මුහුණේ ආලේප කරගෙන මිනිත්තු 15 ක් පමණ සම මත තිබෙන්නට හරින්න. ඉන් පසුව, උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න,

08. අයි ලයිනර් සහ ලිප් ලයිනර් වර්ග

කල් ඉකුත් වූ ඉහත සඳහන් නිෂ්පාදන දෙවර්ගය ඇස් හෝ තොල් වලට තවදුරටත් භාවිතා කිරීම සුදුසු නැහැ. නමුත් ඔබට ඒවා පාට පැන්සල් ආදේශක ලෙස භාවිතා කල හැකියි.

09. පීනට් බටර්

ෂේවිං ක්‍රීම් වෙනුවට ඔබට භාවිතයට ගත හැකි නිෂ්පාදනයක් තමයි පීනට් බටර් කියන්නේ. ඊට හේතුව තමයි පීනට් බටර් වල තෙල් ඉතා හොඳින් අඩංගු වීමයි. එමඟින් ෂේව් කිරීමෙන් පසු සම වියළීයාම වළකා සම සුමුදුව තබයි. ඉන් සමේ රළු ස්වභාවය ඇතිවීම වළක්වමින් මෘදු සමක් ඉතිරිකරයි.