කමල් අද්දරාරච්චිගේ ප්‍රථම පෙම්වතිය වන රමණී බර්තෝලමියුස්ගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලංකාවේ එක්තරා යුගයක ජනප්‍රියම චරිතයක් වුන ඒ වගේම ලෝකයක් ආදරේ කල සුන්දර රුවකට උරුමකම් කියපු චරිතක් විදියට රමණී බර්තෝලමියුස් හඳුන්වන්න පුළුවන්, කළුවන් කෙස් කළඹත් ලා දුඹුරු පැහැති දෑසත් නිසා ඇය ගොඩක් කැපී පෙනෙන දඟකාර යුවතියක් වුනා. ඇයගේ සම්පුර්ණ නම ”රමණී එලිසබෙත් බර්තෝලමියුස්”. 1966 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු දින උපතලැබූ ඇය, 1983දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘යුගාන්තය’ චිත්‍රපටයෙ ‘චමරි’ නම් චරිතයකින් රිදී තිරයට අවතීර්ණ වුනා. මේ අවදියේදී ඇය ගම්පහ ‘සිරිකුරුස විද්‍යාලයේ’ අධ්‍යාපනය හදාරමිනුයි සිටියේ. 1985 වර්ෂයේ ඇය විශ්ව රුරජින කිරුළට ඉදිරිපත්වනවා. 1985 වසරේදීම ‘ඇය මිස් ශ්‍රී ලංකා’ කිරුළත් දිනාගන්නවා ඉන්පසු ඇය ධර්මසිරි බණ්ඩාරණායකගේ “මාරාක්ෂයහී” සහ කමල් අද්දරාරච්චි සමග ”හිම කුමාරි” යන සිනමා පටවලට රංගනයෙන් දායක වෙනවා. රමණී විසින් රංගනයෙන් දායක වූ ”භාග්‍යා” ටෙලි නාට්‍යයේ ”ආජුතපර ලාහිලා” ගීතය එකල අතිශය ජනප්‍රිය වෙනවා,

රමණී බර්තෝලමියුස් කියන්නේ කමල් කමල් අද්දරාරච්චි මහතාගේ පෙම්වතිය බව හැමෝම දන්නා කරුණක්, රමණීගේ අකල් වියෝව පිලිබඳ විවිද කටකතා පැතිරුනා, ඉතින් තමන්ගේ පැරණි පෙම්වතිය පිළිබඳ කමල් කියන්නේ මේ වගේ කතාවක් “රමණී කියන්නේ මගේ ප්‍රථම පෙම්වතිය. ඒ වගේම මම රමනිට ගොඩක් ආදරේ කළා, අද රමණි හිටියනම් අපි දෙන්නා විවාහවෙලා අවුරුදු 27ක් විතර අපිට දරුවොත් ඉන්න තිබ්බා. මට රමනිව මතක් නොවෙන සවසක් නෑ එයා නිතරම මගේ මතකේ ඉන්නවා. අපි දෙන්නා හරියට ඈදිලා ගියේ කාන්දමක් වගේ. අපි දෙන්නම දෙන්නට දෙන්නා ගොඩක් ආඩම්බරයි. දෙන්නම කැමැත්තෙන් හිටියට කවුරුවත් ආදරෙයි කිවුවේ නෑ, හැබැයි ශුටින් යද්දී මම එයාට මලක් අරගෙන යනවා. මමයි ඇයට මුලින්ම ආදරේ ප්‍රකාශ කලේ. රමණි මගේ ආදරේ පිළිගත්තා, ඒ විදියට අපි අවුරුදු දෙකක් ආදරේ කළා. ඒ අවාසනාවන්ත දවස එනම් අපි ගොඩක් ආදරේ කළා, කවුරු මොනවා කිවුවත් මම ආදරේ කරපු කෙනාට නිය පහරක්වත් මගෙන් වැදුනේ නෑ. මම ආදරේ කරන කෙනාට මට එහෙම කරන්න බෑ” ඉතින් යුගයක ආදරේ දිනාගත් අවුරුදු 20ක් වැනි කුඩා වයසකින් මොලොවින් නික්මුණු ඒ සුන්දර තරුණියගේ පින්තූර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.