කන් කලාදුරු වල වර්ණය අනුව ඔබේ සෞඛ්‍ය ගැන හෙලිකරන රහස් 07ක් මෙන්න

සාමාන්‍යයෙන් නාන විට දින කිහිපයකට වතාවක් වත් කන් පිරිසිදු කිරීම සිදුකරනවා. කනේ එකතු වන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ කන් කලාදුරු යන නමිනි. මේවා අපද්‍රව්‍ය ලෙස සිතුවත් ඇත්තෙන්ම කලාදුරු කියන්නේ කනේ කන් බෙරය ඇතුලු සංවේදී කොටස් වල ආරක්ෂාව වෙනුවෙන් බාහිර කනේ ග්‍රන්ථි වලින් ශ්‍රාවය කෙරෙන ද්‍රව්‍යයකි. කනේ අභ්‍යන්තරයේ ඇති එවැනි ග්‍රන්ථීන් දෙකකින් නිකුත් වන ශ්‍රාවයන් එකට එක්වී මෙවැනි කලාදුරු සෑදීම සිදුවේ. මේවා කනේ ආරක්ෂාව සඳහා ඇති ආරක්ෂක ආවරණයක් බඳුය. මෙය ස්වභාවික ක්‍රියාවලියක්. කන් අග්ගිසට පැමිණි කලාදුරු ඉවත් කිරීම කවුරුත් කරන දෙයක්. නමුත්, මේවා ඉවත් කිරීමට යාමේදී ඇතැම් අය භාවිතා කරන ඇතැම් අනාරක්ෂිත ක්‍රම නිසා මේවා කන ඇතුලටම තල්ලු වීම නිසා ආසාදන වැනි ගැටලු මතු විය හැකියි වගේම කන තුවාල වීම පවා නොසිතූ ලෙස සිදුවිය හැකියි.

කෙසේවෙතත්, කලාදුරු වල පැහැයන් වෙනස් වීම් අපගේ සෞඛ්‍ය ගැන යම් යම් ඉඟි සපයයි. ශරීරයේ ඇති වන වෙනස්කම් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය.   ඒවායේ වර්ණ අනුව හෙලි වන සෞඛ්‍ය කරුණු මොනවාද කියා දැන් අපි දැනගනිමු.

01. දුඹුරු පැහැති  කන් කලාදුරු

කලාදුරු ඉතා තද වර්ණයකින් සමන්විත වීම සහ වැඩි වශයෙන් නිර්මාණය වී තිබීමෙන් බොහෝ දුරට පෙනී යන්නේ ඔබේ සිරුර දැඩි ආතතීයකින් යුතු කාල සීමාවක් පසුකර ඇති බවයි. සාමකාමී සහ සන්සුන් පරිසරයක ටිකක් විවේකයෙන් ගත කිරීමට උත්සාහ කරන්න!

02. කලු පැහැති කන් කලාදුරු

මෙය සිදුවූයේ එක් වතාවක් පමණයි නම් ඔබට වද වීමට තරම් හේතුවක් නොමැත. කෙසේවෙතත්, ඔබට ඔබේ කනේ කැසිල්ලක් දැනේ නම්, එය ක්‍රමයෙන් වැඩි වන බව හැඟේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වීමට කටයුතු කරන්න. ඊට හේතුව තමයි කන් කලාදුරු කලු පැහැයට හැරී ඇත්තේ දිලීර ආසාදනයක ඇති වී තිබෙන නිසා විය හැකි බැවිනි.

03. සුදු පැහැති  කන් කලාදුරු

කන් කලාදුරු සුදු පැහැයකින් යුක්තවීම  මඟින් ඉඟි කරන්නේ ඔබේ සිරුරේ විටමින් සහ ක්ෂුද්‍ර පෝෂක (යකඩ, තඹ වැනි)ඌනතාවන් හටගෙන ඇති බව විය හැකියි. ඔබේ ආහාර වේලට විටමින් සහ ඛනිජ පෝෂක බහුල ආහාර එක්කරගන්න. විශේෂයෙන්ම බෝංචි සහ ඕට්ස් වැනි ආහාර වඩාත් හිතකරයි. නිසි නිර්දේශයක් යටතේ විටමින් පෝෂක ලබාගැනීමත් හොඳ විසඳුමකි.

04. දියරමය ස්වභාවයකින් යුතු  කන් කලාදුරු

කනේ කලාදුරු වල සාන්ද්‍රණය මෑතකදී සිට වෙනස් වි ඇති බව පෙනී යයි නම් එය කනේ අභ්‍යන්තරය ප්‍රදාහයට ලක් වීමට පටන්ගෙන තිබීමේ තත්වයක් ඇතිවී තිබෙන බවට ඉඟියක් ලෙස සැලකිය හැක්කකි.මෙවැනි ලක්ෂණයක් හඳුනාගැනීමට ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු මුණගැසීමට කටයුතු කරන්න.

05. අලු පැහැති කන් කලාදුරු

කිසිඳු රෝග ලක්ෂණයක් මතු නොවී ඔබේ කන් කලාදුරු අලු පැහැයකට හැරී තිබීම ගැන ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. බොහෝ විට ඒවා දූවිලි විය හැකියි. කන් නිවැරදි ක්‍රමයක් භාවිතා කර පිරිසිදු කරගන්න.

06. ලේ බිඳිති සහිත කන් කලාදුරු

කන් පිරිසිදු කිරීමේදී කලාදුරු සමඟ ලේ කොටස් ද දැකිය හැකි නම් ඉන් බොහෝ දුරට අදහස් වන්නේ කන් බෙරය සිදුරු වී ගොස් ඇති බව විය හැකියි. මෙවැනි තත්වයක් ඇති වී තිබෙන විට කන තුල විවිධ ආසාදනයන් වැනි තත්වයන් වර්ධනය වීමට වැඩි ඉඩකඩක් ඇත. එය ශොත්‍රදාහය (කන ප්‍රදාහයට ලක්වීම) හෙවත් otitis තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති අතර ඔබේ ශ්‍රවණ හැකියාව සම්බන්ධව ගැටලු මතුවිය හැකියි. එබැවින්, මෙවැනි ලක්ෂණ හඳුනාගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිම නුවණට හුරුය.

07. වියළි  කන් කලාදුරු

කන් කලාදුරු වල වියළි බව ඇතිවන්නේ බොහෝ දුරට සිරුරේ අඩු මේද (lean fats) ඌනතාවක් ඇතිවීම නිසා බව පැවසිය හැකියි. තවද එය චර්මදාහය (dermatitis ) නම් තත්වය හෝ වෙනත් චර්ම රෝග තත්වයක් නිසා සම වියළීයාමට පටන්ගෙන තිබීම නිසා ද විය හැකියි.