කකුල් දෙක මැද කොට්ටයක් තබාගෙන නිදාගන්න ඉන් ඔබට ලැබෙන වාසි 04ක් මෙන්න

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු නිදන විට උපරිම සැපපහසුවක් සඳහා කොට්ට 6-10 ක් පමණ භාවිතා කලයුතු බව නිර්දේශයයි. නමුත්, අපි බොහෝ දෙනා හුරු වෙලා සිටින්නේ උපරිම කොට්ට 2 ක් හෝ 3 ක් භාවිතා කරමින් නින්දට යාමටයි.  පොදුවේ ගත් කල කොට්ටයක් භාවිතා කරන්නේ හිස තබා ගැනීමට ආධාරකයක් ලෙසයි. නමුත්, අපි කොට්ට සැපපහසුවට තුරුල් කරගන්නත් භාවිතා කරනවා. ඒ වගේම තමයි සමහර අය එක් කොට්ටයක් තමන්ගේ කකුල් අතරේ තබාගෙන නිදාගැනීමටත් පුරුදු වෙලා ඉන්නවා. කරුණු වලින් අනාවරණය වෙලා තිබෙන ආකාරයට මේ පුරුද්ද ක්‍රම කිහිපයකින්ම අපේ සිරුරට ඉතා හිතකර ප්‍රතිලාභ ලබාදෙනවා වගේම සුවබර නින්දක් ලබාගැනීමටත් උපකාරි වෙනවාලු. මෙය හිතකර පුරුද්දක් කියා හඳුන්වන්නේ මෙන්න මේ හේතූන් නිසයි.

01. එමඟින් සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව වැඩිදියුණු වේ.

පාද අතරේ කොට්ටයක් තබාගන්නා විට  පාද මදක් ඉහළට එසවි තිබෙන නිසා ඔබේ සිරුර තුල රුධිර වහනය සිදුවීමට බාධාවක් ඇති නොවන නිසා නින්දේදීද එය ක්‍රමානුකූලව පහසුවෙන් සිදුවේ. එමඟින් රුධිර ශිරා වල පීඩනය ලිහිල් කරමින් රුධිර සංසරණ ක්‍රියාවලිය පහසුකරවයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ඉන්ද්‍රියයන් ක්‍රමවත්ව ක්‍රියාත්මක වීමට දායක වන අතර සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා හොඳින් ක්‍රියාකාරී වීමට පටන්ගනියි. එය ඔබේ පාද වල වෙරිකෝස් නහර වල වේදනා සමනය කරගැනීමට ද උපකාරී වන ක්‍රමයකි.

02. නින්දෙන් ගෙරවීම වළක්වයි.

විශේෂඥයින් ගේ අදහසට අනුව, නින්දෙන් ගොරවන පුද්ගලයින් හට ඔවුන්ගෙ වම් අත පැත්තට හැරී නිදාගැනීම වඩාත් සුදුසුම ඉරියව්ව බව පැවසේ. නමුත්, එක් පැත්තකට හැරී නිදාගෙන සිටින විට කොන්ද සහ උකුල් ප්‍රදේශයට දැඩි පීඩනයක් එල්ල වීම සිදුවේ. එහිදී, පාද අතර කොට්ටයක් තබාගැනීමෙන් සිරුරට සැහැල්ලු බවක් ඇතිකරගත හැකියි.

03. එමඟින් ඔබේ දණහිස් වලට එල්ලා වන ආතතිය අවම කිරීමට උපකාර කරයි.

පාද වල. දණහිස් වල  කැක්කුම් නිසා රාත්‍රියා පුරා නින්දක් නැතිව අවදි වී සිටින පුද්ගලයින්ට මේ ක්‍රමය උත්සාහ කර බැලිය හැකියි! පාද අතරේ කොට්ටයක් තබාගැනිම හරහා පාද වලට හොඳ සැහැල්ලුවක් ඇති වන අතර එමඟින් පාද වල වේදනා-කැක්කුම් ස්වභාවය සමනය වීම බොහෝ දුරට සිදුවේ. ඔබ නිදන්නේ උඩු අතට වැතිරී නම්, ඔබේ දණහිස් වලට යටින් කොට්ටයක් තබාගන්න. ඔබට හුරු පැත්තකට හැරී නිදන්නට නම් , ඔබේ දණහිස් අතර මැදින් කොට්ටයක් තබාගන්න.

04. එය නින්ද අතරේ නිවැරදි ඉරියව්ව පවත්වාගැනීමට උපකාර කරයි.

අපේ වැරදි නිදන ඉරියව් නිසා නිතරම කොන්දේ කැක්කුම් සහ සන්ධි වේදනා ඇති වීම සිදුවිය හැකියි. නමුත්, නිදාගන්නා විට කකුල් අතර මැදින් කොට්ටයක් තබාගත් විට අපේ කොන්දට සහ කොඳු ඇට පෙළට එල්ල වන පීඩනය අඩුවී යයි. ඔබ නිදන්නේ උඩු අතට වැතිරී නම් ඔබේ කොඳු ඇට පෙළට යටින් කොට්ටයක් තබා නිදාගැනීමෙන් ඔබේ සිරුර ක්‍රමවත් ඉරියව්වකින් පවත්වාගැනීමට ඔබට පහසු වේවි.ඔබට කැමති ආකාරයෙන් සුවපහසුව සලසාගත හැකි විවිධ මාදිලියේ කොට්ට වර්ග වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙනවා.