ඕනම කෙල්ලෙක් වශී කරගන්න පුළුවන් සරලම ක්‍රමය

තමන්ගේ ආදරය කරන කෙනාට ඒ ආදරය මුලින්ම ප්‍රකාශ කරන එක අභියෝගාත්මක දෙයක්. හැබැයි හැම දේටම වගේ මේ දේටත් ක්‍රමයක් තියෙනවා. ඔබේ හිතේ ඉන්න තරුණියගේ හිත දිනාගන්නේ කොහොමද කියලයි අද අපි කියන්න යන්නේ. මේ කියලා තියෙන විදියේ ගතිගුණ ඔබ තුලත් ඇති කරගත්තොත් ඔබේ උත්සාහය බොහෝ දුරට අසාර්ථක වෙන එකක් නම් නැහැ.

• ඔබ ඇය ගැන උනන්දු වන බව හැඟවීම

1 පටන්ගැන්මේදී ඔබ එතරම් කලබලයකින් කටයුතු කල යුතු නැහැ. ඔබ බලපෑම් කරන අයෙකු බව ඇයට සිතෙන්නට ඉඩ තිබෙනවා. එයින් ඔබ ගැන ඇයට පිළිකුලක් මිස කැමැත්තක් ඇතිවන්නේ නැහැ.

2 නිර්භීත වීමට උත්සාහ කරන්න. තරුණියන් ආත්මවිශ්වාසයක් ඇති පිරිමි පුද්ගලයින්ව ඉතා ප්‍රිය කරනවා. උඩඟු වීම ඔබට අවාසියක් වේවී. ඒ නිසා නොබියව ඇය සමඟ කතාකරන්න. කුඩා කතාබහකින් ඔබ ඇය ගැන උනන්දු වන බවට ඇයට ඉඟියක් ලබාදීමට හැකිවේවි. විශේෂයෙන්ම ඇයව වර්ණනා කිරීම හෝ උදව්වක් ඉල්ලමින් ඔබට ඇය හා කතා කිරීමට උත්සාහ කල හැකියි.

3 අනිත් ගැහැණු ළමුන් සමඟ මිත්‍රශීලී වෙන්න. හැබැයි අනවශ්‍යලෙස ලෙස ඔවුන් සමඟ කුළුපග වීමට උත්සාහ කරන්න එපා. එසේ කිරීම ඔබට අවාසියක් විය හැකියි. මෙහිදි, තිබෙන වැදගත්කම තමයි ඔබ අන් ගැහැණු ළමුන් සමග මිත්‍රයෙකු සේ කටයුතු කිරීම දකින විට ඔබේ සිත් ගත් තරුණියටත් සිතෙන්නට පුලුවන් ඔබ විශ්වාසවන්ත සහා යහපත් පුද්ගලයෙකු බව. හැකිනම් ඇයගේ යහලුවන් ඔබේත් යහලුවන් කරගැනීමට උත්සාහ කරන්න. ඇයගේ මිතුරියන් ඔබට කැමති නම් ඔබ කැමති තරුණියටත් ඔබ කෙරෙහි හැඟිමක් ඇති වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. මොකද කියනවා නම් බොහෝ තරුණියන් මේ වගේ කාරණා සම්බන්ධයෙන් උපදෙස් ගන්නේත් තමන්ගේ සමීපතම මිතුරියන්ගෙන් වීම. අවංකව උත්සහ කලොත් මේ පියවරත් එතරම් අපහසුවන එකක් නැහැ.

4 ඔබේ පිළිවෙල සහා පිරිසිදුකම ගැන හිතන්න. මේ දේවල් හරහා ඔබේ ආකර්ෂණියබව තවත් වැඩිකරගන්න පුලුවන්. අපිළිවෙල ඇඳුම් සහා අපිරිසිදු පෙනුමක් ඔබ වෙතින් දකින්නට ලැබීම නිසා ඔබව ඇයට පිළිකුල් වීමට තිබෙන ඉඩ වැඩියි. හිස සහා ‍රැවුල හොඳින් බා පිළිවෙලකට සකස්කරගන්න. ඒ වගේම සුවඳවත්බවක් ඔබ දෙසින් වහනය වීමත් ඔබට වාසියක් වේවී. ඕනැවට වඩා විලවුන් භාවිතා නොකරන්න. දහදිය දුඟද පිටතට නොදැනීමට විලවුන් ප්‍රමාණව නැහැ. සුවඳවත් බව ආරක්ෂා කරගැනීමට හොඳ Deodorant එකක් භාවිතාකරන්න. ඔබ ක්‍රීඩා කරන කෙනෙක් නම් අනිවර්යෙන්ම දහදිය දුඟඳ ගැන සැලකිලිමත් වියයුතුයි. ඒ නිසා පිරිසිදුව, නැවුම්ව සහා සුවඳවත්ව සිතීමට උත්සාහ කිරීම මේ කටයුත්තෙදි විතරක් නෙවෙයි හැම විටම ඔබට යහපත් ප්‍රථිපල ලබාදේවි.

5 ඇයව සතු‍ටු කරවන්න. ඒ කිව්වේ ඇයව හිනාගස්සන පුලුවන් දේවල් කිරීම. හැබැයි, මේ පියවරින් ඕනැවට වඩා ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න යන්න එපා. ඒ කිව්වේ මුලින්ම් ඔබ ඇයගේ හොඳ මිතුරෙක් වීමට උත්සාහ කලයුතුයි කියන එකයි. මොකද කියනවනම් ඇයට ඔබ ගැන විශ්වාසයක් ඇති වීම තමයි පළමුවෙන්ම වැදගත් වෙන්නේ. ඔබ මිතුරෙකු ලෙස පිලිගත් පසුව ඔබ ඇයව සතු‍ටු කිරීමට දරන උත්සාහය ගැන ඇයට යම් හැඟිමක් ඇතිවිය හැකියි. විශේෂයෙන්ම ඔබ ඇයගේ සිත නොරිදනු ඇති බවත් මේ විදියටම ඇයව ඉදිරියටත් සතුටින් තියනු ඇතැයි ඇයට ඔබ කෙරෙහ් විශ්වාසයක් ඇතිවීමට පටන්ගනීවි.

6 හැම විටම අවංකවීමට උත්සාහ කරන්න. වර්ණනාකිරීම්, උකුළුමුකුලුකිරීම් ,අනවශ්යමය විහිලුතහලු වගේ දේවල් වලින් ඔබ කෙරෙහි ඇයගේ සිතේ කැමත්තක් ඇතිකිරීම සිදුකල හැකියි කියා නම් සිතිය නොහැකියි. ඔබ ඇයව වර්ණනා කරනවානම් එය අවංක හැඟීමකින් සිදුකිරීම වැදගත්. එහිදී ඔබ ඇය කෙරෙන් දකින විශේෂත්වය කුමක්දැයි ඇයට නොසඟවා පවසන්නට උත්සහ කරන්න. ඔබ යම් දෙයකට එකඟ නොවෙයි නම් ඒ බව සඟවමින් බොරු මවාපෑම් සිදුනොකරන්න. ඔබේ අවංක බව ඉන් ඉස්මතු කර පෙන්වනවා, ඇතැම් විට ඔබේ ඒ ගතිගුණය කෙරෙහි ඇය පැහැදීම නිසා ඔබ දෙස ගරුත්වයකින් යුතුව බැලීමට පටන්ගැනීමට ඉඩ තිබෙනවා.

7 ඔබ ඇත්තෙන්ම ඇයට කැමති බව ඔප්පුකර පෙන්වන්න. ඔබේ උනන්දුව නිකම් ආකර්ෂණයක් හෝ අයුතු ප්‍රයෝජන ලබාගැනීම සඳහා නොව ඔබ ඇය කෙරෙහි ඇති සත්‍ය හැඟිමක් බව ඇයට ඒත්තුගන්වන්න. ඇයට කෙසේ දැයි ඇයගෙන් තොරතුරු විමසන්න. විශේෂයෙන්ම ඇයට ඇහුම්කන් දීම ඔබට සිදුකල හැකියි.

8 ඇයව අගය කිරීම ඔබට සිදුකල හැකියි. නමුත්, මෙය එතරම් පහසු දෙයක් නොවේවි. ඔබ අගයන ආකාරය ඇයව සතු‍ටු කිරීමට ප්‍රමාණවත්ද යන්න යම් අභියෝගයක් විය හැකියි. අපි හැමෝම කැමතියි තමන්ව කවුරුන් හෝ කෙනෙක් අගය කරනවාට. ඒ නිසා කුඩා අගය කිරීමකට වුණත් බොහෝ බලපෑමක් කලහැකියි. ඉතින්, ඔබ මිතුරෙක් විදියට ඇය ගැන දරන මතය පැවසීම ඔබේ පියවරටත් වැදගත් වේවි. ඇය ගැන ඇයට ඇති වැරදි අවබෝධය නිවැරදි කරන්නට නැති නම් ඇයව තවදුරටත් අභිප්‍රේරණය වන අන්දමින් අදහස් දැක්වීමට ඔබට ඇකියි. ඇය යම් ක්ෂේත්‍රයකට දක්ෂතා පෙන්වයි නම් ඒ සඳහා තවදුරටත් ඇයව උනන්දු කරවිමට ඔබේ අදහස් සහා ඇගයුම් භාවිතා කරන්න.

9 ඇයගේ රූපය සහා පෞරුෂය ගැන වර්ණනා කිරීමට යාමේදී ශරීරාංග ගැන අනවශ්යනය ලෙස අදහස් දැක්වීම නොහොබිනා දෙයකි. ඇයගේ ලස්සන ගැන වර්ණනා කිරීමේදී යම් ගරුත්වයක් ඇති වනසේ ඔබේ අදහස් දක්වන්නට මතක තබාගන්න.ඇයගේ දක්ෂතා සහා පෞරුෂය කෙරෙහි ඔබට ඇත්තේ ගෞරවනීය හැඟිමක් බව හඟවන්න. පෙනුම වර්ණනා කිරීමේදී ඇයගේ සිනහව, කොණ්ඩය, ඇස්, තොල්, ඇඳුම් සහා විලාසිතාව යන දේවල් කෙරෙහි අවධානය යොමුකරන්න.

•ඇයව හඳුනාගැනීම

1 ඈයගේ ඇස් දෙස බලමින් කතාකරන්න. ඔබට හමුවෙන ඕනෑම කෙනෙකු සමඟ ඇසට ඇස බලා කතා කිරීමට හුරු විම ඔබ කෙරෙහි ආකර්ෂණයක් ඇති වීමට හේතුවක් වේවි.

2 ප්‍රේමණීය විලාසයකින් කටයුතු කරන්න. හොඳ විශ්වාසයකින් යුතුව ඔබේ හැඟීම ඇයට දැනීමට සලස්වන්න. යහපත් ප්‍රතිචාරයක් ඔබට ලැබුණොත් ඇයව ස්පර්ෂ කිරීමට උත්සාහ කරන්න. නමුත් ඔබේ මේ ක්‍රියාව තර්ජනාත්මක එකක් නොවිය යුතුයි. උදා: ඔබ වැදගත් දෙයක් පවසින විට, ඇයට යම් දෙයක් පහදා දෙන විට ඇයගේ අතින් අල්ලා කතාකිරීම ගැටලුවක් නොවේවි. ඇයගේ අවධානය ඔබට ලබාගත යුතු අවස්ථාවකදී ඇයගේ උරහිසට උඩින් අල්ලා ඇයට කතා කරන්න. ඇය වඩාත් විශ්වාසයෙන් සිටින දෙයක් ගැන සියුම්ව සරදම් කරන්න. ඔබේ මේ ක්‍රියාවෙන් ඇයට තේරේවි ඔබ ඇයට විහිලුවක් මිසක හෑල්ලුවට පත් නොකරන බව. උදා: ඇය වඩාත් දක්ෂ දෙයක් ඇය සමඟ කිසිදා ඔබ කරන්නට සූදානම් නැති බවත්, ඊට හේතුව ඇය අනිවාර්යෙන්ම ඔබව පරද කරන බව ඔබ දන්නා නිසත් වැනි දේ කියමින් ඇයව දිරිගැන්වීමට පුලුවන්. ස්පර්ෂය ගැන කතා කරන විට ඇයව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඔබදෙදෙනා අතර ඇති එම බාධකය ඉවත්කරගැනීමට උත්සාහ කරන්න. ස්පර්ෂයන් සිදුකිරීමට කලබල නොවීම යහපත් වේවි.

3 කාලය නාස්ති කරමින් මෙය සෙල්ලමක් කරගන්න එක සුදුසු නැහැ. ඔබේ උත්සාහ ඇය සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගැනීම නම් ඔබ එහිදී ඇයගෙ අපේක්ෂාකරන්නේ මොනවාදැයි පැහැදිලිව පවසන්න. ඇයගේ අපේක්ෂාවන් ඔබේ ඒවාට වඩා වෙනස් වනේදැයි ඔබට කලින්ම දැනකියා ගැනීමට ඔබට එය පහසුවක් වේවි/. නමුත්, ඔබ දෙදෙනා අතර් ඒවෙනි අදහසක් හුවමාරු කරගැනීමට තරමක් අවකාශයක් නිර්මාණය වී නැත්නම් පේ සඳහා හදිසි වීම සුදුසු නැහැ. ඇතැම් විට ඔබ කෙරෙහි ඇය වැරදි වැටහීමක් මේ නිසා ඇතිකරගැනීමට ඉඩ තිබේවි.

4 විශ්වාසනීය අයෙකු ලෙස හැසිරෙන්න. තරුණියන් හට තම සුරක්ෂිත බවයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසාම ඇයට විශ්වාසනීයත්වය සම්බන්ධව ගැටලු පවතිනවා. ඕබ් විශ්වාසය තැබිය හැකි කෙනෙකු බව ඇයට ඒත්තුගැන්විය හැකි නම් ඔබේ තවත් එක් පියවරක් සාර්ථක කරගැනීමට ඔබට හැකියි. ඇයගේ දෛනික කටයුතු වල තත්වය කෙසේද, ඇයගේ සැලසුම් සාර්ථක වූවාද ආදී දේවල් කෙරෙහි උනන්දුවෙන් විමසීම ඔබට සිදුකල හැකියි. මෙවැනි දේවල් මඟින් ඔබ ඇය කෙරෙහි උනන්දු බව ඇයට හැඟවීම අපහසු නැහැ. ඒ වගේම ඔබ පොරොන්දු වූ දේවල් ඉ‍ටුකිරීමත් වැදගත් වෙනවා. වචනයේ විශ්වාසය තැබීම හැම විටම යහපත් පුරුද්දක්. ඒ වගේම හොඳ වැදගත්කමකින් කටයුතු කරන්න. අන් තරුණියන් ගැන සමච්චල් නොකරන්න. ඔවුන්ට වාචිකව හිරිහැර නොකරන්න. ඔබේ සහායට යහපත් මිතුරන් පමණක් ඇසුරු කරන්න. හැම දෙනාගේම ගෞරවයට සහා ඇයයුමට පාත්රන වූ පුද්ගලයෙකු වීම ඔබ කෙරෙහි ඇය වඩාත් සමීප වීමට ප්රටබලව හේතු වේවි.

5 ඇයව ආරක්ෂා කිරීමට ඔබ සැලකිලිමත් වෙන බව ඇයට දැනී යාමත් වැදගත් වෙනවා. චිත්‍රපටි වල තම ජැකට්ටු ව තම පෙම්වතියට පොරවමින් ඇයව උණුසුම් කරන දර්ශණ ඔබ දැක ඇති. මේ කියන්නේ අන්න ඒ වගේ කුඩා කුඩා දේවල් ගෑන්යි. එමඟින් ඔබ කෙරෙහි ඇයට හොඳ හැඟීම තවත් වැඩි විය හැකියි. තමන්ව ආරක්ෂා කරන වගේම තමන් ගැන සැලකිල්ලක් දක්වන කෙනෙකුට තමයි තරුණියක් වඩාත් ප්‍රිය කරන්නේ.

6 ඇයට වඩාත් අවධානයක් ලබා දෙන්න. ඔබ ඇයගේ ජීවත් වන ආකාරය ගැන පැහැදී සිටින බව පවසන්න. ඇය කතාකරන විට ඇයට හොඳින් ඇහුම්කන් දෙන්න. ඇය යමක් පැහැදිලි කරන විට බාධාකරන්න එපා. ඇයට යම් ගැටලුවක් ඇති වී තිබෙන විට දී ඔබ ඇයට සවන්දෙන බව ඇයට හැ‍ඟෙන්නට නම් ඇයගෙන් ප්‍රශ්න අසන්න වගේම ඔබේ අදහස්ද ඉදිරිපත් කරන්න.

•සම්බන්ධතාවය තහවුරුකරගැනීම

1 හැඟීම් බෙදාහදා ගැනීමත් සම්බන්ධයකදී ඉතාම වැදගත්. ඇයගේ දුකකදි ඔබත් දුක් වෙන බවත් ඇයගේ සතුටකදී ඔබත් සතුටට පත් වෙන බවත් හඟවන්න. උදා: දවසේ සිදුවු යම් දෙයක් නිසා ඇය කනස්සල්ලෙන් සිටියි නම් ඔබට ඇයගේ දුක තෙරුම් ගත හැකි බවත් ඔබ ඕනැම දේය්ක් වෙනුවෙන් ඇයට සිටින බවත් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න. ඇයව සතු‍ටු කරමින් යථා තත්වයට පැමිණීමට උදව් කරන්න. ඇය සතු‍ටු වෙන විදියේ දේවල් තෑගි කිරීමටත් ඔබට පුලුවන්.

2 ඇයගේ අසමසම බව අගය කරන්න. සැම දෙනා තුලම අපි කැමති ආකාරයේ ගතිලක්ෂණ පවතින්නේ නැහැ. ඔවුන්ගේ ඒ විවිධත්වය අප තේරුම් ගත යුතු වෙනවා. ඇයගේ සුවිශේෂීතාවන්ට ආදරය කරන්න.ඇයගේ සුරක්ෂිත බව තහවුරු වනසේ කටයුතු කිරීමට අවධානය දෙන්න.

3 ඇය බොහෝ ලස්සන කෙනෙකු ලෙස ඔබ දකින බව පවසන්න. නමුත්, ඕනැවට වඩා අතිශයෝක්තියකින් ඒ ගැන කීමට අවශ්යදය නැහැ. එය ඔබේ මේ තාක් පියවර වලටත් බලපාන්න පුලුවන්. ඒ වෙනුවට ”අද ඔයා ලස්සනයි” වැනි සරල වර්ණනා සිදුකල හැකියි. වැදගත් වන්නේ ඇය සතු‍ටු වන ආකාරයේ දේවල් පමණක් පැවසීමයි. අතිශයෝක්තිය හේතුවෙන් ඔබ ප්‍රෝඩාකාරයෙකු ලෙස හැඟීයාමට ඉඩ තිබෙනවා.

4 ඔබ දෙදෙනා අතර හොඳ සන්නිවේදනයක් පවත්වාගන්න. දෙදෙනාගේම කැමති සහා අකමැති දේවල් ගැන අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා.ඇය ගැන තොරතුරු පමණක් දැන ගැනීම ප්‍රමානවත් නැහැ. ඔබත් ඔබේ තොරතුරු නොසඟවා ඇයට පැවසිය යුතුයි. ඇතැම් විට අන් අයට හෙලි කර නොමැති දේ පවා. ඇතැම් අවස්ථා වලදී ඇයගේ තත්වය හොඳින් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඇයට සිදු වී ඇති දෙයක් ඔබට සිදුවුවහොත් ඔබ කටයුතු කරන්නේ කෙසේද, එසේ සිතා ඇයට සහාය වීම වැදගත් වේවි.

5 පෙම් හමුවක් යොදාගන්න. මේ තාක් පියවර අතරේ අමාරුම පියවරට තමයි ඔබ දැන් ඇවිත් ඉන්නේ. ඇයට හොඳ ධෛර්යකින් යුතුව අදහස ඉදිරිපත් කරන්න. ඇතැම් විට ඇයගේ කැමත්ත ලැබීම හෝ නොලැබිම මත නැවත වතාවක් ඔබට උත්සාහ කිරිමට සිදුවේවි. ඔබේ පළමු පෙම් හමුවිමේදි නැවතත් ඇයව අපහසුතාවට පත් වන ආකාරයේ දේවල් යෝජනා කරන්න එපා. ඇතැම් විට ඇය තවම ඔබව පිලිගන්න සූදානම් නැති වෙන්න පුලුවන්. ඒ නිසා කලබල නොවී කාලයට ඉඩදීම තමයි වැදගත්ම දේ වෙන්නේ.

6 ඔබේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න. ඔබ ඇයගේ සුන්දරත්වයට් පමණක් නොව ඇතුලාන්තයේ ගතිගුණ වලටද ආදරය කරන බව ඇයට පවසන්න. ඒ විතරක් ප්‍රමාණවත් නැහැ. ඔබ ඔබේ ආදරය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුයි. ඇය කෙරෙහි ඔබේ ඇති සැලකිල්ල, අවධානය සහා සෙනෙහස තමයි ඇයගේ ප්‍රධාන අපේක්ෂාවන් වෙන්නේ. කාලයත් සමඟ ඔබ මේ ආකාරයේ කෙනෙක් බව ඇයට වැටහී ගියොත් මේ සම්බන්ධතාවය තහවුරු වීම ගැන සැකයක් නැහැ. අනිවාර්යෙන්ම ඇයත් ඔබට ආදරය කරාවි.