ඕනම කෙනෙක් වශී වෙන ඩයනා කුමරියගේ විලාසිතා රහස් 11ක් මෙන්න

අද වන විට අප අතරේ නැති අයෙක් වුවත් බ්‍රිතාන්‍ය ඩයනා කුමරිය යනු කිසිදා මතකයෙන් නොමැකෙන චරිතයක් ලෙස නම් දරාසිටින ලොව සිටි ශ්‍රේෂ්ඨ පෞරුෂයක් සහිත කාන්තාවකි. රාජකීය පවුලේ සාමාජිකාවක් වුවද ඇය බොහෝ විට මිනිසුන් සමඟ ගැවසෙමින් ඔවුන්ට සේවය ලබාදීමට කටයුතු කලාය.

ඩයනා කුමරිය  විශේෂ කෙනෙක් වීමට හේතුවක් තමයි ඇය විලාසිතා ලෝකයේ අයිකනයක් ලෙස හැඳින්වෙන අයෙක් වීමයි. ඇය තම සුවිශේෂී විලාසිතා භාවිතාවන් හරහා මුලු ලෝකයාම වසඟ කරගැනීමට සමත් වූවාය. රාජකිය පවුලේ උදවියට පැණවෙන රාජකීය නීති රීති වලට අනුව විලාසිතා භාවිතයෑදී ඔවුන්ට යටත් වීමට සිදුවන විධිවිධාන තිබෙන බව අසන්නට ලැබෙනවා.

රාජකීය නීති රීති වලට අනූකූලව තමන්ටම ආවේණික වූ විලාසිතා භාවිතාවන් වඩාත් සමබරතාවයකින් යුතුව හොඳින් ගලපා  භාවිතා කරමින් ,ඒ සෑම විටකම අන් අයගේ ආකර්ෂණය දිනාගැනීමට ඇය සමත් වූවාය. 

ඇගේ විලාසිතා භාවිතාවන් තුල දැකිය හැකි ආකර්ෂණීය සුවිශේෂිතා කිහිපයක් ගැනයි මේ.

01. අසමමිතිකබව

කර පහළින් පිහිටි ගවුම් විලාසිතා වලින් ඇය සැරසී සිටි අවස්ථා දුර්ලභය. අසමමිතික සහ එක් කරක් පමණක් ඇති විලාසිතා වලින් ඇයට ආකර්ෂණීය පෙනුමක් එක්කර ඇති අයුරු දැකිය හැකියි.

02. රතු නිය ආලේපන

රාජකිය නීති රීති වලට අනුව ‘නියුඩ් කලර්ස්’ ලෙස හැඳින්වෙන ලා පැහැති නිය ආලේපන සඳහා පමණක් ඔවුන්ට අවසර  ලැබේ. ඩයනා කුමරිය චාර්ල්ස් කුමරුගෙන් වෙන්වීමත් සමඟ ඇය මෙසේ රතු පැහැයෙන් යුතු නිය ආලේපන නිතර භාවිතා කල බව පුවත් වාර්තා වී තිබුණා. මේ ඇයගේ ධෛර්යය සහ ඇගේ ජීවිත දැක්ම පිලිඹිබු වූ භාවිතාවක් ලෙස ඇතැම් අය අදහස් පල කර තිබුණා. කෙසේ වෙතත් ඇයගේ තැරීම ඇයගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කර ඇති බව මේ පින්තූර දකින ඕනැම අයැකුට සිතේවි.

03. ඇඳුම් වල උඩ කොටස් සඳහා පෆ් අත භාවිතා කිරීම

80′ දශකයේ මෙම පෆ් ස්ලීව් ක්‍රමය හෙවත් බෝරිච්චි  ක්‍රමය ප්‍රචලිත වි තිබී ඇත. ඇයගේ විලාසිතා අතර කෙටි බෝරිච්චි අත සහිත, බැලුන් අත සහිත , පැඩඩ් උරහිස් සහිත ඇඳුම් විලාසිතා ද වේ. ක්වීං ඔෆ් ස්ලීව් ලෙස ඇය විලාසිතා ලෝකයේ හැඳින්වු අවස්ථාද ඇත.

04. අසාමාන්‍ය පෙනුමක් ඇති ආභරණ භාවිතය

මේ පින්තූරයේ ඇය පැලඳ සිටින්නේ ඇයගේ මිතුරු මිතුරියන් ඇයගේ 16 වන උපන්දිනය දා ඇයට තෑගි කල රත්‍රං මාලයකි. එහි D අකුර සහිත පෙන්ඩනයක්ද වේ. ඇය චාර්ල්ස් කුමරු හා විවාහ වූ පසුවද ඇතැම් අවස්ථාවල මෙම මාලය පැලඳ සිටි අවස්ථා ඇති බව වාර්තා වෙනවා. කෙසේවෙතත් ඇයගේ සියලු ආභරණ ‍තෝරාගැනීම් ඇයගේ පෞරුෂත්වය වඩාත් කැපී පෙන්වීමට සමත් ඒවා බව බොහෝ දෙනාගේ අදහසයි.

මෙම මුතු පොට හතේ නිල් මැණික් මාලය ඇයගේ ප්‍රියතම විලාසිතාවක් වී ඇත. එහි මැද ඇති නිල් මැණික් පලඳනාව  එලිසබෙත් මහ‍රැජිණ ඇයට විවාහයෙදි තෑගි කල එකකි. ඩයනා කුමරිය විසින් මෙම පලඳනාව තම ප්‍රියතම මුතු මාලයට විලාසිතානුකූල බවක් එක්වන සේ අලලා සකස් කරගෙන තිබූ බව සඳහන් වේ. ඇය කෙටි සහ වක්‍රාකාර මාල වලට වැඩි ප්‍රියතාවක් දැක්වූ බව සඳහන්  ය.එමෙන්ම ඇගේ මාල විලාසිතා කරාබු වලට ගලපා භාවිතා කර ඇත.ඇය තම මුදු තම සුලැඟිල්ලේ පැලඳ සිටීම කාගේත් අවධානය දිනාගත් දෙයක් විය.

05. ක්ලැසික් සහ ස්පෝර්ට් විලාසිතා සංකලනයක් ලෙස භාවිතා කල අවස්ථා

ඇය ඇතැම් අවස්ථා වල ස්ව්ට් ෂර්ට්, ෂෝර්ට්,ජෑකට් සහ කැප් තොප්පි වැනි විලාසිතාවන් වලින්ද සැරසුණු අවස්ථා කැමරා කාච වල සටහන් වි තිබේ.

06. පිරිමි විලාසිතාවලට හුරු ඇඳුම් පැලඳුම්

බෝ ටයි එක, ‘ටර්ට්ල් නෙක්’ ක්‍රමයේ කර, පිරිමි ජැකට්‍ටු සහ සූට් විලාසිතා වලින් ද ඇය සැරසී සිටි අවස්ථා ඇත. විශේෂයෙන්ම විවිධ ඇඳුම් වර්ග සමඟ බෝ ටයි පටි භාවිතය දැඩි ආකර්ෂණයක් දිනාගත් භාවිතාවක් වී ඇත.

07. පැස්ටල් වර්ණ භාවිතය

දීප්තිමත් වර්ණ වලට ඇය බොහෝ ප්‍රිය කලාය. පැස්ටල් වර්ණ වලින් නිර්මාණය කර ඇති විලාසිතා ද ඇය බහුලව භාවිතා කලාය. ඇගේ විලාසිතා වලට ලේස්, චිෆෝන් , සිල්ක් වැනි රෙදි වර්ග බහුලව භාවිතා වී ඇත.

08. සම්පූර්ණ පෙනුම එක් වර්ණයකින්

ඇඳුම් විලාසිතාව මෙන්ම ආභරණ සහ පාවහන් මෙන්ම පැලඳුම් වර්ග එකම වර්ණයකින් ‍තෝරාගැනීම ඇයගේ විලාසිතා අතර කැපී පෙනුනු ලක්ෂණයක් විය.

09. එකිනෙකට බොහෝ සෙයින්  වෙනස් වර්ණ භාවිතය

ඒකාකාරි වර්ණ භාවිතය මෙන්ම එකිනෙකට වෙනස් වර්ණ වලින් යුතු විලාසිතා ද දැඩි අවධානයක් දිනාගැනීමට සමත් වී තිබේ. තද වර්ණ වලින් යුතු ඇඳුම් විලාසිතා ඇයට කදිමට ගැලපී ඇති බව මෙම පින්තූර තුලින් දක්නට ලැබේ.

10. විලාසිතානුකූල අව් කණ්ණාඩි

විලාසිතානුකූල රාමු සහිත අව් කණ්ණාඩි භාවිතා කිරීමට ඇය ප්‍රිය කල බව සඳහන් වේ.නිල සහ නිල නොවන අවස්ථා සඳහා ද ඇය එම විලාසිතාවන් භාවිතා කර ඇත.ප්‍රමාණයෙන් විශාල කණ්ණාඩි භාවිතයට ඇය වැඩි කැමැත්තක් දැක්වූ බව ද සඳහන් වේ.

11. රතු පැහැය භාවිතා කිරීම

ඇයගේ බොහෝ විලාසිතා අතර රතු වර්ණ භාවිතය කැපී පෙනේ. රතු පැහැයෙන් යුතු ගවුම්, ජැකට්‍ටු, ස්වීටර්, කබා සහ සායවල් එකතුවක ඇය සතු වි ඇත. ඇය රතු පැහැය ගැලපෙන වර්ණ සමඟ මෙන්ම එකිනෙකට වෙනස්  වර්ණ සමඟ සංකලනයක්  ලෙස භාවිතා කිරීමට වැඩි කැමත්තක් දක්වා ඇත.