ඔබ හීනෙකින්වත් හිතුවද ඇත්තටම මේ දේවල් සිදුවුනේ කොහොමද කියලා

ලෝකය ගැන දේවල් දැනගන්න දැනගන්න ඒවා ගැන ඇතිවන කුතුහලයත් වැඩි වෙනවා.. අප වටා ඇති පරිසරය,ලෝකයේ ඇතැම් සිදුවීම සහා අරුම පුදුම දේවල් ගැන දැනගන්න අපි හරි උනන්දුවන්නේ ඒ හේතුව නිසයි. මේ අප වටා ලෝකය ගැන සඳහන් ඒ වගේ අසාමාන්‍ය කරුණු 16 ක් ගැනයි.

01. චීන ජාතිකයින්ට කිරි පානය කල නොහැකියි. ඊට හේතුව ලැක්ටෝස් ජීර්ණය කිරීමේ හැකියාව අවම වීම නිසා ඇති වන සංකූලතා ඇතිවන නිසාය.

02. පරවියන් ඇවිදින විට හිස සොලවමින් ගමන් කරයි. (head-bobbing). ඔවුන් එසේ කරන්නේ ඔවුන් දකින දර්ශණය පැහැදිලි කරගැනීමටයි. ඔවුන්ගේ ඇස් පිහිටන්නේ හිසේ දෙපසින් බැවින් ඔවුන්ට එකවර දෙපසේ ඇති වෙනස් දර්ශණ දෙකක් එකවර දැකිය හැකියි.

03. දත්ත වාර්තා අනුව, 1.6% පමණ දෙනා හට වෙනත් අයෙකු වේදනාවකින් පෙළෙන බව දැකීමෙන් වේදනාව දැනීමට පටන්ගනියි.

04. රෝගියෙකු සඳහා වෙනත් අයෙකුගේ වකුගඩු බද්ධ කිරීමේදී, එම රෝගි පුද්ගලයාගේ වකුගඩු එලෙසින්ම සිරුරේ ඉතිරි වේ.

05. නෝර්වේ රාජ්‍යයේ හමුදා නිල තලයක් සහිත පෙන්ගුයින් නායකයෙක් සිටියි. නිලධාරීන් සඳහන් කරන ආකාරයට මෙම පෙන්ගුයින් ඕනෑම විටම ඔවුන්ව හඳුනාගන්නා බවත් ඔවුන් දු‍ටු විට ප්‍රීතියට පත් වන බවත්ය.

06. ස්විට්සර්ලන්තයේ නීතියට අනුව guinea pig සත්වයෙක් (එක් අයෙක් පමණක්) ලඟ තබාගැනීම තහනම් කර ඇත.

07. නිවුන් දරුවන්ට වෙනස් පියවරු සිටිය හැකි බව පැවසේ. මෙම සංසිද්ධිය ‘superfecundation’ (ගැබ්ගෙන සිටියදීම දෙවන වරට පිලිසිඳගැනීම) නම් වේ. මෙවැනි වෙනස් පියවරුන් සහිත නිවුන් දරු යුගල 10 ක් පමණ හඳුනාගෙන ඇත. ඉන් එක් සිදුවීමක් පෝලන්තයෙන්, එක් සිදුවීමක් ස්පාඤ්ඤයෙන්, සිදුවීම් 2 ක් ඇමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් සිදුවීම් 2 ක් බැගින් වාර්තා වී තිබේ.

08. මිනිසෙකු තරහින් රවාගෙන සිටින මුහුණුවරක් මෙන් පෙනෙන ආකාරයේ රටාවක් සහිත ක‍ටුවක්  ඇති කකුළුවන් විශේෂයක් ජපානයෙන් හඳුනාගත ඇත.

09. නිල් පැහැති ඇස් ඇති මිනිසුන් ලොව පහළ වී ඇත්තේ මැටි භාණ්ඩ නිෂ්පාදනය වීමටත් පසු කාලයක යැයි සඳහන් වේ.

10. සාමාන්‍ය කැපුමකට වඩා කඩදාසි වලින් සිදුවන කැපුම් තුවාල අතිශය වේදනාකාරී වේ. ඊට හේතුව එහි ඇතැම් විට රුධිරය ඉතා අල්පයක් වීම හෝ රුධිරය ගැලීමල් නොවී ස්නායු අන්තයන් වායුවට නිරාවරණය වීම නිසා ඇති වන පීඩාකාරී ස්වභාවය නිසයි.

11. මී මැස්සෙකු විසින් තවත් මී මැස්සෙකුට දෂ්ට කරන අවස්ථා ඇත. මී වදයට ඇතුල් වීමට උත්සාහ කරන ආගන්තුක මී මැස්සන් වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂක මි මැස්සන් විසින් පෙරමෝන (pheromone) නිකුත් කරන අතර අනෙකුත් මී මැස්සන් ආගන්තුකයාට ප්‍රහාර එල්ල කිරීම සිදුකරති.

12. Tyrannosaurus Rex නම් ඩයිනෝසර් විශේෂයට සමීපතම නෑකමක් කියන වර්තමානයේ ජීවත් වන සත්ව විශේෂය වන්නේ කුකුළන්ය.

13. ඇමෙරිකානු මනෝවිද්‍යාඥයිකු විසින් ඔහුගේ පර්යේෂණයක් හරහා තහවුරු කරමින් පෙන්වා දී ඇත්තේ මිනිස් සිරුරේ රෝම වර්ධනය එම පුද්ගලයාගේ බුද්ධි මට්ටම කෙරෙහි බලපෑමක් ඇති බවයි. ඒ අනුව සිරුරේ රෝම අධික වන තරමට ඔබ බුද්ධිමත් අයෙකු බව නිගමනය වේ. 1996 වසරේදී, Dr. Aikarakudy Alias නමැත්තා පවසා ඇති ආකාරයට වෛද්‍යවරු , ආචාර්යවරු ඇතුලු හොඳින් උගත් පුද්ගලයින් බොහෝ දෙනාගේ පපු ප්‍රදේශයේ වැඩි රෝම වර්ධනයක් ඇති බවයි.

14. කොලොම්බියාවේ වෛවර්ණ ස්වභාවයකින් යුත් cano cristales නම් ගංගාවක් ඇත. එය ප්‍රසිද්ධියට පත් වීමට ප්‍රධාන හේතුවක් වි ඇත්තේ එහි ජලය වර්ණ 5 කින් : රතු, කහ, කොළ, නිල් සහ කළු යන වර්ණ වලින් සමන්විත වීම නිසයි.

15. Adam’s apple නැතිනම් උගුරු දණ්ඩ (ඇටය) පිහිටා ඇත්තේ පිරිමි පුද්ගලයින් තුල පමණක් නොවේ. එය කාන්තාවන්ගේ උගුර ප්‍රදේශයේ ද පිහිටා ඇත, නමුත් එය පිරිමි අයගේ මෙන් කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස වර්ධනය නොවේ.

16. 1973 වසරේදි, මාර්ග සංඥා ආලෝක පද්ධතියේ නිල් පැහැති වර්ණය කොළ පැහැයට වෙනස්කල යුතු බව ජපන් බලධාරීන් විසින් තීරණය කරන ලදි. වර්තමානයේ සියලු මාර්ග සංඥා වර්ණ අතර භාවිතා වන්නේ නිල් වෙනුවට කොළ පැහැයයි. නමුත්, මිනිස් ඇසට එම වර්ණය බොහෝ දුරට පෙනෙන්නේ නිල් පැහැයට සමාන ලෙසයි.