ඔබ මුළින්ම දැකපු රූපය අනුව ඔබ ගැන කියවෙන රහස් 7ක්

ලෝකයේ මිනිසුන් විවිධාකාරයි. ඒ වගේම ඔවුන් එකිනෙකාට වෙනස් පෞරුෂයන්ගෙන් යුතු වේ. පර්යේෂණ වලින් අනාවරණය කෙරෙන්නේ මිනිසෙකුගෙන් මිනිසෙකුට වෙනස් වන ඔවුන්ගේ පෞරුෂ ස්වභාවයන් අනුව ඔවුහු ලෝකය විවිධ ලෙස අර්ථ නිරූපණය කරන බවයි. එනම් අපි ලෝකය දකින ආකාරයත් එකිනෙකාට වෙනස් වන බවයි. අපේ ඇස් බොහෝ දර්ශණ හසුකරගැනීමට සමත් වුවද අපගේ මොළය විසින් මුළින්ම ‍තෝරාගනු ලබන්නේ අපට වඩාත් අවශ්යනය දේ පමණි. මේ සරල පරීක්ෂණයත් ඒ හා සමානයි. මේ හරහා ඔබේ සිත වඩාත් ප්‍රිය කරන සහා ඔබට වඩාත් වැදගත් වෙන්නේ මොනවාද කියා පිලිඹිබු කරනු ලබනවා.
නමුත්, මේ පරීක්ෂණය ගැන ගැඹුරින් සිතීමට අවශ්යයය නැහැ. මේ කරුණු අතරින් ඇතැම් ඒවා බොහෝ දුරට ඔබ සම්බන්ධයෙන් සත්‍ය වීමට ඉඩ තිබිය හැකියි.

1. ඔබ මුළින් දු‍ටු ඡායාරූපය කුමක්ද?

• සීබ්‍රා – ඔබ ඉතා සමාජශීලි පුද්ගලයෙකි. ඔබ කතාබහේ යෙදීමට, ප්‍රිය සාද වලට සහභාගී වීමට, පුද්ගලයින් දැන හඳුනාගැනීමට සහා අලුත් අලුත් දෑ සිදුකර බැලීම සඳහා උත්සාහ කිරීමට් වැඩි ප්‍රියතාවක් දක්වයි. දෛනික කාලසටහනකට අනුව ජිවිතය ගත කිරීම ඔබේ ශෛලිය නොවෙයි.

• සිංහයා – ඔබ අන්තර්වර්තික එසේත් නැතිනම් වැඩි සමාජශීලී බවක් නොදක්වන පුද්ගලයෙකි. ඔබ හුදෙකලාව කාලය ගත කිරීමට දැඩි කැමැත්තක් දක්වයි. බොහෝ විට ඔබ කැමති පුද්ගලයෙකු සමඟ සිටීමට ආශා කරයි. නැතිනම් ඔබේ ප්‍රියතම ආහාර රසවිඳිමින් ඔබේ ප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන් නැරඹීමට වැඩි ප්‍රියතාවක් දක්වනු ලබයි.

2. ඔබ මුළින් දු‍ටු ඡායාරූපය කුමක්ද?

• ගස- ඔබ නිහඬව සිටින පුද්ගලයෙක් වුවත් ඒ ඔබ ලැජ්ජාශීලි අයෙකු නිසා නම් නොවෙයි. අන් අයගේ මත කෙරෙහි ඔබේ අවධානයක් නැති අතර ඔබ ඔබ ලෙස ජීවත් වීමට ප්‍රිය කරයි.

• ගෝරිල්ලා – උපරිම පරමාදරිශී චරිතයක් වන අතර සැම විටම පරිපූර්ණ වීමට උත්සාහ කරයි. ඇතැම් විට ඔබ මිනිසුන් දෙස දැඩි විවේඡනාත්මකව ආකාරයෙන් බැලීමේ පුරුද්ද නිසා ඔවුන්ගේ සිත් රිදීමට පවා ඉඩ ඇති බව මතක තබාගන්න.

• සිංහ ධේනුව – ඔබට ඇත්තේ ඉතා ශක්තිමත් පෞරුෂයකි. ඔබට එරෙහිව කිසිවෙකුට අභියෝගයක් ලෙස නැගී සිටීමට ඔබ ඉඩ නොතබයි.

• මාළුවා – ඔබ ඉතා සංවේදී , මෘදු ගතිගුණ වලින් යුත් පෞරුෂයක් සහ කරුණාවන්ත හදවතක් සහිත යහපත් පුද්ගලයෙකි. ඔබේ යහපත් භාවයෙන් අන් අයට අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ නොතබන්න.

3. ඔබ මුළින් දු‍ටු ඡායාරූපය කුමක්ද?

• ළදරුවා – ඔබ ඔබ වෙනුවෙන් කාලය වෙන් කරවා ගනියි. ඔබ එකඟ නොවන දේවල් බලෙන් සිදුකිරීමට ඔබ පෙලඹෙන්නේ නැත. ඔබ ඔබම වීම ඔබේ පෞරුෂය වඩාත් ආකර්ෂණය කරන ලක්ෂණයක් ලෙස කැපී පෙනේ.

• ප්‍රේමවන්තයින්- ඔබ ඔබේ මිතුරන්ට ඉතා ලැදි පුද්ගලයෙකි. ඔබ සතුව විශාල මිතුරන් ප්‍රමාණයක් නොමැති අතර ඔබට වඩාත්ම සමීප මිතුරන් කිහිප දෙනා වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකිරීමට සූදානම් අයෙකි.

• ගස්- ඔබට ඇත්තේ නිතර වෙනස් වන පෞරුෂත්ව ලක්ෂණ වේ. ඔබ අලුත් අත්දැකීම් ලැබීමට ඉතා ප්‍රිය කරන පුද්ගලයෙකි. වෙනස් වීම සහා වෙනස් වීම් ඔබට විශාල ගැටලුවක් නොවෙයි. ඇත්තෙන්ම, ඔබ වෙනස ඉතා ප්‍රිය කරයි.

4. ඔබ මුළින් දු‍ටු ඡායාරූපය කුමක්ද?

• ගස් – ඔබට හොඳ ඉවක් ඇති අතර ඔබේ අන්තර්විඥානය කෙරෙහි ඔබට දැඩි විශ්වාසයක් ඇත. ඔබ ඉතා සැහැල්ලුවෙන් කල් ගත කිරීමට කැමති සරල ගති පැවතුම් ඇති පෞරුෂයක් සහිත පුද්ගලයෙකි. කිසිවක් නොකර නිදහසේ කල් ගත කිරීමට ඇත් නම් ඊට වඩා දෙයක් ඔබට නැත.

• කොටියා – “ගැටලුව ඔබට ගැටලුවක් නොවන තාක් ගැටලුව ගැන ගැටලුවක් කරගන්න එපා” යන කියමනෙන් අදහස් වන්නේ සම්පූර්ණයෙන්ම ඔබ ගැනමයි. ඒ තරම් ඔබ මනසින් ඉතා ශක්තිමත් පුද්ගලයෙකි. ඔබ ගන්නා තිරණ සැම විටම නිවැරදිව ‍තෝරාගන්නා අතර කිසිවෙකුටත් ප්‍රශ්න කල නොහැකි තරමේ ප්‍රායොගික නිගමන වල එලඹේ.

5. ඔබ මුළින් දු‍ටු ඡායාරූපය කුමක්ද?

• ගස් – ඔබට ඇත්තේ පුදුමාකාර අසීමිත ශක්තියකි. ඔබ නිරායාසයෙන් කටයුතු කරන අතර අලුත් ස්ථාන ගවේෂණය කිරීමට ඉතා කැමති පුද්ගලයෙකි. ඒකාකාරිව දවස් ගත කිරීම ඔබට ඉතා අපහසු දෙයකි.

• මුහුණ: ඔබ පිළිවෙල අගය කරන පුද්ගලයෙකි. සෑම කුඩා දේම සැලසුම් කිරීම හරහා අනාගත අවිනිශ්චිතතා නිගමනය කරමින් ඒවා වළක්වාගැනීමට ඔබ දැඩිව උත්සාහ කරන අතර එය ඔබට සුරක්ෂිත හැඟීමක් සහා තෘප්තියක් ලබාදෙයි.

6. ඔබ මුළින් දු‍ටු ඡායාරූපය කුමක්ද?

• සැක්සාෆෝන් වාදිකාව- ඔබ සමාජශීලි අයෙකි. පුද්ගලයින් අතර ආකර්ෂණීය චරිතයක් ලෙස කැපී පෙනෙයි. සියලු දෙනා ඔබේ මිත්‍රයෙකු වීමට ආශා කරන තරමේ පෞරුෂයක් ඔබ සතුය.

• මුහුණ- ගෝෂාකාරි බව ඔබ වඩාත් පිළිකුල් කරන දෙයකි. එවැනි සාද සඳහා ඔබේ වැඩි කැමැත්තක් නැත. දිගු වේලාවක් මිනිසුන් අතර ගැවසීම ඔබව මානසිකව අපහසුතාවට පත් කරවන සහා කායිකව තෙහෙට්ටුකවට පත් කරවන දෙයක් ලෙස ඔබ සලකයි.

7ඔබ මුළින් දු‍ටු ඡායාරූපය කුමක්ද?

• මුහුණ- ඔබ පොලොවේ පය ගසා සිටින චරිතයකි. ඔබ සමඟ කතාබහ කිරීම ඉතා පහසුය. ඔබ අන් අයව හොඳින් තේරුම් ගන්නා ඔවුන් කෙරෙහි සෙනෙහසකින් හා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන පුද්ගලයෙකු බව කිව හැකියි

• මිනිස් රූප දෙක- ඔබ ඉතා තරඟකාරි පුද්ගලයෙකි. එය බොහෝ විට ඔබේ වෘත්තීය ජීවිතයේදි පමණක් නොව ඔබේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී මනාව පිලිඹිබු වේ. ඔබ සිදුකරන සෑම දේ සම්බන්ධවම ඔබ හොඳම පුද්ගලයා ලෙස ඇගයුම් ලැබීමට ඔබ වඩාත් ආශා කරයි. අධිෂ්ඨාන ජයගැනීමට සඳහා ඔබේ මේ පෞරුෂ ලක්ෂණය ඔබට බොහෝ ඉවහල් වනු ඇති වුවද ජීවිතයට විවේකයද අවශ්‍යය බව මතකතබාගත යුතුයි.