ඔබ මුලින්ම දු‍ටු සත්ව රුව අනුව ඔබ ගැන හෙලි කරන කරුණු 6ක්

තමන්ට තමන් ගැන හොඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත්. තමන්ගේ පෞරුෂත්වය කොයි ආකාරයකින් හැඩගැසුණු එකක් ද? තමන්ගේ පෞරුෂත්වය කොහොම එකක් ද කියා දැනගැනීමේ කුතුහලයක් ඔබටත් තිබෙනවාද? එහෙනම් ක්‍රමය උත්සාහ කරලා බලන්න.මෙය ඉතා සරල පෞරුෂත්ව පරීක්ෂණයක් මින් අපේක්ෂා කරන්නේ පුද්ගලයින්ගේ සැඟවුණු පෞරුෂ ලක්ෂණ පිලිබඳව හෙලි කිරීමයි. පින්තුරය තුල ඔබ මුළින්ම දැකපු සත්වයාගේ රූපය කුමක්ද ? දැන්, බලන්න ඒ සත්ව රූපයෙන් ඔබ ගැන කියවෙන්නේ මොනවාද කියලා.

සමනලයා

ඔබ ඉතා සංවේදී සහා ඉක්මනින් කරදරයේ වැටෙන පුද්ගලයෙකි. ඔබට ඉතා පහසුවෙන් ඔබ කැමති දේවල් අතහැර දැමීමේ හැකියාවක් ඇත. ඔබ ඉතා සරල ගති පැවතුම් ඇති අයෙකි. අලුතින් අත්දැකීම් ලැබීමටත් නවතම දැනුම සොයායාමටත් ඔබ ඉතා කැමතිය. ඔබ හෙට දවසට වඩා අද දවසේ ජීවත් වන ආකාරය ගැන සිතිම ප්‍රිය කරයි.ඔබට ආකර්ෂණය ලැබෙනවාට ඔබ ඉතා කැමතිය. නව විලාසිතා සහා ශෛලියන් අනුගමනය කරන අයෙකි ඔබ ඉතා ප්‍රේමාන්විත පුද්ගලයෙකි.සිහින මැවීමට සිහින දැකීමට දක්ෂයෙකි. ජීවිතයේ හොඳම දේවල් විඳිමින් ගැටළු සහා බාධක මගහැරීම ඔබේ පුරුද්දයි. ඔබ ඕනෑම දෙයක යහපත් පැත්ත දැකීමට යුහුසුළු වන ධනාත්මක චින්තනයක් ඇති පුද්ගලයෙකි

රාජාලියා

ඔබ ඉතා ආඩම්බරකාර සහා අහංකාර ගති ගුණ ඇති අයෙකි. ඔබට ඔබ කෙරෙහි හොඳ ආත්මවිශ්වාසයක් ඇත. ඔබ දරණ මතය වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරන අයෙකි. ජීවිතයේ අපහසුතා සහා අභියෝග වලට නොබියව සාර්ථකව මුහුණ දෙන අයෙකි. සිතැඟි ලෙස ක්‍රියාකිරීම සහා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ඔබේ ලක්ෂණයි. ඔබේ පෞද්ලික නිදහසට අන් අය බාධා කිරීම ඔබ නොඉවසයි.වෙනත් අයෙකුගේ නීති වලට යටත්වීමට ඔබ කැමති නැත. ඔබ කුඩා කුඩා දේවල් වලට පවා දැඩි අවධානයක් ලබා දෙන තීක්ෂණ බුද්ධියක් ඇති අයෙකි.ඔබ අරමුණක් ඇතිව වැඩකටයුතු සිදුකරන අයෙකි. ඔබේ අරමුණු වෙත යන ගමනේ ඔබට නැවතීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබන තරම් අධිෂ්ඨානශීලි පුද්ගලයෙකි

බල්ලා

ඔබ ඉතා කරුණාවන්ත සහා මිත්‍රශීලි පුද්ගලයෙකි. හුදකලාව ජීවත් වීමට ප්‍රිය නොකරයි.ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ඕනෑම මොහොතක සහයට ඉදිරිපත් වන පුද්ගලයෙකි. ඔබ විශ්වාස කරන මත ක්‍රියාවෙන්ම අවනත වන අයෙකි. ඔබ ඉතා අවංක අයෙකු නිසාම අන් අය තුල ඔබ සමඟ සන්නිවේදනය කිරීම ඉතා පහසු දෙයක් යන හැඟිමක් ඇති කරවයි. විශ්වාසය සම්බන්ධ ගැටලු ඔබේ ජීවිතයේ නොමැති තරම්ය. ඔබට අන් අයව හොඳින් තේරුම් ගැනීමේ සුවිශේෂි හැකියාවක් ඇත. ඔබ වටා සිටින අය ඔබ කෙරෙහි අසිමිත විශ්වාසයක් තබා ඇති බව කිව හැකියි. ඒ ඔබේ ගුණවත් කම නිසාමයි.

හාවා

ඔබ ඉතා මෘදු ගතිගුණ ඇති සංවේදී පුද්ගලයෙකි. අන් අය සමඟ කතා බහ කිරීමේදි ඔබ හොඳ සැලකිල්ලකින් වචන භාවිතා කරයි. අන් අයගේ හැඟිම් තේරුම් ගැනීමට උත්සාහ කරන අයෙකි. ඔබේ සිත ඉක්මනින් රිදි යන ආකාරයේ එකකි.තනිව තීරණ ගැනීම ඔබට අපහසු දෙයකි. ඔබේ හැඟීම් සහා ආශාවන් විවෘතව ප්‍රකාශ කිරිමට ඔබ ලැජ්ජාවෙන් පසුවෙයි. ගැටලු විසඳීමෙදී ඉක්මන් වීම ඔබේ ගතිගුණයක් නොවේ. වෙනස්වීම් වලට ඔබ ඉතා බියය. ඔබේ පවුල සහා හැර යාම තරම් දුෂ්කර දෙයක් ඔබට නැත.ඔබ සෑම සියලු දෙනා තුලම යහපත දැකීමට උත්සාහ කරන යහපත් චරිත ලක්ෂණ ‍රැසකින් හෙබි චරිතයකි.

සර්පයා

ඔබ ඉතා බුද්ධිමත් සහා හොඳ චින්තනයක් සහිත පුද්ගලයෙකි. ඔබ අන් අයගේ ගැටලු වලදි තැනට සුදුසු  එකඟතාවන් සහා උචිත විසඳුම් ලබාදීමට දක්ෂයෙකි. වෙනස්වීම් වලට ඉක්මනින් අනුගත වෙමින් නවීන දේවල් වලට හැඩගැසීමේ හැකියාවක් ඇති අයෙකි.ඔබේ අත්දැකීම් තුලින් ගැටලු වලට විසඳුම් සෙවීම සහා වැදගත් තීරණ වලට එලඹීම සිදුකරයි. ඔබ අවිනිශ්චිත ගතිගුණ ඇති ක්‍රියාශීලි අයෙකි. ඔබ සාමාකාමී බව අගය කරන සන්සුන් පුද්ගලයෙකි. ඔබ වටා ඇති දේවල් නිරීක්ෂණය කරමින් විශ්ලේෂණය කිරීමට ඔබට ඇත්තේ අපුරු හැකියාවකි. ඔබේ ආදරණීයන් වෙනුවෙන් සහය ලබාදෙමින් ඔවුන්ව ආරක්ෂා කිරිමට යුහුසුළු වන අයෙකි.

පූසා

ඔබ ඉතා ස්වාධීන සහා ආත්ම විශ්වාසයකින් යුතු පුද්ගලයෙකි. ඔබේ පෞරුෂත්වය විදහාදැක්වීමට ඔබ නොබියව කටයුතු කරයි. ඔබ සතු දේවල් ඔබේ වාසිය වෙනුවෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනියි.ඔබ ඉතා නම්‍යශීලී ගතිගුණ ඇති අයෙකි. ඔබ අන් අයගේ මත අනුව යැපෙන අයෙකු නොවන අතර ඔබටම ආවේණික වූ සැලස්මකට අනුව කටයුතු කරන කෙනෙකි.ඔබට ප්‍රයෝජනයක් වන දෙයක් නම් අවස්ථානෝචිතව සටකපටකම් කිරීමටත් දක්ෂයෙකි. ඔබ වටා ඝෝෂාකාරි පුද්ගලයින් සිටීම ඔබ නොඉවසන දෙයකි. හැකිතාක් ඔවුන් මගහැර සිටීමට කටයුතු කරයි. ඔබේ සත්‍ය ස්වරූපයට අනුව සැම විටම ජීවත් වීමට උත්සාහ කරනා අයෙකි. නමුත්, ඇතැම් අවස්ථාවලදි ඔබේ සිතුවිලි සහා අදහස් සමඟ මොහොතක් හුදකලාව ගත කිරීමට ඔබ ඉතා දැඩිව ප්‍රිය කරයි.