ඔබ නොදන්නවා උනාට ඔබේ සිරුර ඇතුලේ සිදුවන අපූරු දේවල් 17ක්

මිනිස් සිරුර කියන්නේ පද්ධති රාශියක එකතුවක්. ඒ වගේම ඒවගේ ක්‍රියාවලීන් ද ඉතා සංකීර්ණ ඒවායි. ජීවය පවත්වාගැනීම සඳහා විශාල යාන්ත්‍රණයක් මිනිස් සිරුර තුල ක්‍රියාත්මක වෙමින් පවතියි. මිනිස් සිරුර ආශ්චර්යමත් නිර්මාණයක් ලෙස හැඳින්වෙන්නේ ද මේ අපූරු ක්‍රියාකාරිත්වයන් නිසයි. වෛද්‍ය විශේෂඥයින් සහා විද්‍යාඥයින් පවා පුදුමයට පත්කරමින් පර්යේෂණ වලින් අනාවරණය කරගත් මිනිස් සිරුරේ අභිරහස් ක්‍රියාවලීන් සහා අනෙකුත් අපූරූ සිදුවීම් කිහිපයක් ගැනයි මේ සටහන.

  • කුඩා විදුලි බුබුලක් දැල්වීමට තරම් ප්‍රමාණවත් විදුලියක් උත්පාදනය කිරීමේ හැකියාව මිනිස් මොලයට ඇත.
  • මිනිස් දත් මෝරුන්ගේ දත් වලට සමානව ශක්තිමත්ය.
  • ආමාශයේ ඇති ආම්ලිකතාව අනුව, යම් ලෙසකින් ඒවා සම මත ස්පර්ෂ වුවහොත් ඉන් සම මත සිදුරක් නිර්මාණය වීමට පවා හැකිය.
  • මිනිසුන් හට තම මුහුණෙන් විවිධ ප්‍රකාශන (facial expressions) 7000 ක් පමණ සිදුකල හැකිය. මුහුණේ ඇති සියලු මාංශ පේශීන් ඉවත් කල විට මුහුණ පිහිටන්නේ මෙසේය.
  • වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් තුල අස්ථින් 60 කට ආසන්නව වැඩියෙන් පිහිටා ඇත.
  • පියවි ඇසේ විභේදනය (resolution) මෙගාපික්සල් 576 කි. විශේෂත්වය නම් දැනට පවතින high-resolution කැමරාවකටත් වඩා එම අගය විශාල වීමයි.
  • වැඩිහිටියෙකුගේ සමේ බර ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 8 ක් පමණ වේ. එය සම්පූර්ණ ශරීර ස්කන්ධයෙන් 16% ක් පමණ ආසන්න අගයකි.
  • මිනිස් ඇටසැකිල්ල සෑම වසර 10 කට වතාවක්ම නැවත ප්‍රකෘතිමත් බවට පත් වේ (regenerates). මෙය අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් බැවින් මිනිස් සිරුරේ ඇත්තේ පැරණි අස්ථි සහ නව අස්ථි වල සම්මිශ්‍රණයකි.
  • අප අවදියෙන් සිටින පැය ගණනින් 10% ක් පමණ අපේ ඇස් වැසී පවතියි. එනම් ඇසිපිය ගැසීමට ගත වන කාලයයි.
  • වකුගඩු මඟින් සිරුරේ සම්පූර්ණ රුධිරය දිනකට 25 වතාවක් පමණ පිරිපහඩු කරයි. එසේ ක්‍රියාවලියට ලක්වන රුධිර ප්‍රමාණය ලීටර් 180 ක් පමණ වේ.
  • ඇසේ කොනේ පිහිටා ඇති රෝස පැහැති කොටස අතීත මානවයා තුල තිබී ඇති ආරක්ෂක අභ්‍යන්තර ඇසි පිය නම් පිහිටීමේ අවශේෂ කොටසකි (protective inner eyelid).මෙය වර්තමානයේ පවා ඇතැම් පක්ෂීන්ගේ සහ උරග සත්ව වර්ග වල දැකිය හැකි ශරීර ලක්ෂණයකි.
  • සම්පූර්ණ අවයවයෙන් 75% ක් පමණ ඉවත් කලද තම ස්වභාවික ප්‍රමාණයට සම්පූර්ණ ලෙස නැවත ප්‍රකෘතිමත් වීමේ හැකියාව අක්මාවට ඇත.
  • ඔබ සවන් දෙමින් සිටිනා සංගීතයේ රිද්මයට අනුගතව හෘද ස්පන්දනය සමමුහුර්ත වෙමින් ක්‍රියාත්මක වේ (heartbeat synchronizes with the rhythm of music).
  • ආහාර ජීර්ණ ක්‍රියාවලියට දායක වන එන්සයිමයන් විසින්ම මියගිය සිරුර දිරාපත් කිරීම සිදුකරයි.
  • මිනිස් සිරුරේ ඇති ඇතැම් පරමාණු (atoms) වසර බිලියන ගණනක් පැරණි සැබෑ තාරුකා දූවිලි අංශුය (stardust).
  • මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය පුරාවට, හෘදය මඟින් පොම්ප කරන රුධිර ප්‍රමාණය ආසන්න වශයෙන් ලීටර් මිලියන 200 ක් පමණ ප්‍රමාණයකි. එය දළ වශයෙන් බැරල් මිලියන 1.5 ක් පමණ පිරවීමට තරම් ප්‍රමාණවත් රුධිර ප්‍රමාණයකි.