ඔබ ගමන් ගන්නා විදුලි සෝපානය හදිසියේ කඩා වැටුනොත් ඉන් බේරෙන්නේ කොහොමද

අවාසනාවකට වගේ මේ ලෝකයේදී අපේ ජිවිත 100% ක්ම සුරක්ෂිත නැහැ. ඒ නිසාම කොයි දේටත් සුදානම් ශරීරයෙන් සිටීම වැදගත් වෙනවා. අනපේක්ෂිත කරදරයකදි ඉන් ජීවිතය ගලවා ගන්නේ කොහොම ද කියන දේ පිළිබඳව යම් දැනුමක්-අවබෝධයක් තිබීම ඔබේ ආරක්ෂාවට ඉතා වැදගත් වේ. කතාවටත් කියනවනේ තමන්ගේ ආරක්ෂාව සලසාගත යුත්තේ තමන්මයි කියලා. කොතරම් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයක් වුණත් තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර කියන්නේ පුද්ගලයින්ගේ මෙහෙයවීමෙන් ඉදිවන -ක්‍රියාත්මක වෙන දේවල්ය. ඉතින්, ඒවායේ අක්‍රමිකතා අකර්මන්‍යතා හටගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා. අද අපි කතා කරන්නේත් ඒ වගේ දෙයක් ගැනයි.

තරප්පු පෙළ භාවිතා කිරීමට අවශ්‍ය නොවන ලෙස ඉදිකර ඇති වැඩ පහසු කරවන ඉදි කිරීමක් තමයි විදුලි සෝපානය කියන්නේ. බොහෝ දෙනා පහසුව තකා තරප්පු පෙළට වඩා භාවිතා කරන්නේ විදුලි සෝපානය විය හැකියි. නමුත් හදිසියේම ඔබ ගමන් කරන සෝපානය කඩා වැ‍ටුණොත් ඔබ එහිදී ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට කටයුතු කල යුත්තේ කෙසේ ද කියා ඔබ දැනුවත් ද?

සෝපානය කඩා වැටෙන අවස්ථාවේදී කිසිම හේතුවක් නිසා ඇතුලත උඩ පැනීම සිදු නොකල යුතුයි.

පහළට වැටෙමින් ඇති සෝපානයක උඩ පැනීම ඉතා අපහසු වනු ඇති නමුත් එසේ සිදුකලහොත් උඩ පනින වේගයට වඩා ඔබ පතිත වන වේගය වැඩි විය හැකි අතර එය තත්වය තවත් භයානක කරවයි. එමෙන්ම උඩ පැනීමෙන් පසු බිමට පතිත වන අවස්ථාවේ  ඔබේ ශරීරයේ කුම කොටස බිම ස්පර්ෂ වේද යන්න අවිනිශ්චිත බැවින් එය ඔබේ ශරීරයට සිදුවිය හැකි හානි වල අවදානම තවත් වැඩි කරවයි. එබැවින් කලබල වි සෝපානය තුල උඩ පැනීම සිදුනොකරන්න.

සෘජුව සිටගෙන නොසිටින්න

කඳ සෘජුව තබාගෙන සිටගෙන සිටිම එතරම් සුදුසු ඉරියව්වක් නොවේ.මන්ද පහළට කඩා වැටෙන අවස්ථාවේදී,ඔබේ ශරීරයේ බරට වඩා දස ගුණයකින් වැඩි බරක් ඔබේ කකුල් මතට වැටීම සිදුවිය හැකිය. මෙසේ සිටගෙන සිටීම අතිශයින්ම බරපතල තුවාල අනතුරු වලට පවා තුඬු දිය හැකිය.

මෙවැනි තත්වයකදි අනුගමනය කල යුතු සුදුසුම ඉරියව්ව වන්නේ සෝපානයේ බිම කොන්ද උඩු අතට වැතිර සිටීමයි

වැරදි ඉරියයුවක්

සෝපානය කඩා වැටෙන බව ඔබට දැනුණු විගසම එහි පොලොව මත උඩු අතට දිගාවෙන්න. මෙම ඉරියව්වේදී පහළට ඇද වැටීමේ දී ඇතිවන කම්පනය-ආතතිය ශරීරය පුරා සමානව පැතිරෙනු ඇත. ඉන් ඔබේ සිරුරට ඇති විය හැකි හානි අවම කරගත හැකිය.

සෝපානය තුල බොහෝ දෙනෙක් සිටින නිසා ඔබට බිම වැතිරීම සිදුකල නොහැකි නම් බිම වාඩි වීම හෝ දණ හිස් නවාගෙන පහත් විම සිදුකරන්න

වැරදි ඉරියයුවක්

මෙවැනි අවස්ථාවක හොඳම පියවර වන්නේ සෝපානයේ බිම වාඩිවිමයි. මෙම ඉරියව්වේදී සිටගෙන සිටීමේ ඉරියව්වේදී මෙන් නොව ඔබේ සැකිලි පද්ධතිය මත පැටවෙන බර ඉතා අඩුය. සෝපානය ඇතුලත ඇත්තේ ඉතා ප‍ටු ඉඩක් නම් අවම වශයෙන් දණහිස් නවාගෙන සිටීමට උත්සාහ කරන්න. එමඟින් සෝපානය පතිත විමේදී ඔබේ ශරීරයට ඇති විය හැකි හානි සහ බලපෑම් බොහෝ දුරට අවම කරගත හැකි වනු ඇත.