ඔබ කෙරෙහි ඇති ආකර්ෂණය අඩු වීමට හේතු වන ගතිගුණ 10 ක්

ලොව පුරා විශේෂඥයින් විසින් සිදුකරන ලද අද්‍යනනයන් වලින් හෙලිවී ඇත්තේ ඇතැම් මිනිස් ගතිගුණ හේතුවෙන් ඔවුන් කෙරෙහි ඇති වී තිබෙන ආකර්ෂණය අඩුවීයා හැකිබවයි. කෙනෙකුගේ ආකර්ෂණය අඩුකරවන මේ ගතිගුණ පෞද්ගලිකව ඔබ තුලත් තිබෙනවාදැයි සිතාබලන්න.

ආතතිය

2013 වසරේ පළවූ Biology Letters නම් ජර්නලයේ සඳහන් දත්ත වලට අනුව ශරීරයේ කෝර්ටිසෝල් නම් ආතති හෝර්මෝන මට්ටම ඉතා ඉහළ අගයක් ගන්නා කාන්තාවන් කෙරෙහි පිරිමි ආකර්ෂණය වීම ඉතා අවම වේ. ආතතියෙන් යුත් කාන්තාවන් කෙරෙහි පුරුෂයින් එතරම් උනන්දු නොවන බවයි ඉන් පෙනීයන්නේ.

වංකභාවය

අධ්යායනයකදී හෙලිකරන ලද කරුණක් වූයේ ‘බොරුකීම’ මිනිසුන් තුල දැකිය හැකි නරකම ගතිගුණ වලින් එකක් වන බවයි. බොරුකීම නිසාත් ඔබ කෙරෙහි ඇති ආකර්ෂණය ගිලිහී යාමට ඉඩතිබෙනවා. ඒ නිසා,පුංචි බොරුවකින් වුණත් ලොකු විනාශයක් වෙන්න පුලුවන්

ප්‍රමාණවත් නින්දක් නොලැබීම

2010 වසරේදී ස්වීඩන් ජාතික විද්යාිඥයින් පිරිසක් විසින් හෙලිකර ඇත්තේ පුද්ගලයෙකුගේ නිදාගැනීමේ ප්‍රමාණය එන්න එන්නම අඩුවේනම් ඔහුව/ඇයව අන් අයට ආකර්ෂණයක් නැති අයෙකු ලෙස දිස් වීමට ඇති ඉඩ වැඩි බවයි.

පහත් බව/ දුෂ්ට බව

2014 වසරේ චීනයේ සිදු කල අධ්යඇයනයකදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන් කිහිපදෙනෙකුට විවිධ හැඟීම් ප්රලකාශ වන ආකාරයේ ඡායාරූප ලබාදී ඒවා වර්ග කරන ලෙස කියා ඇත. ලබා දුන් ඡායාරූප වල අඩංගු වූයේ මධ්යලස්ථ හැඟීම් ප්‍රකාශනයි. ඒවා යටින් හැඟිම හඳුනාගෙන විස්තර සටහන් කිරීමයි ඔවුන් විසින් කලයුතුව තිබුණේ. එසේ සටහන් කල ඒවා අතර ‘දුෂ්ට බව’ යන්න වර්ග කර තිබුණේ ආකර්ෂණය අඩු වර්ගීකරණය යටතේයි.

සංවෘත නැතිනම් හැකිලුණු ශරීර භාෂාව

ඇමෙරිකාවේ පිහිටි විශ්වවිද්යාභල හතරක උගතුන් කිහිපදෙනෙකු එක්ව නිගමනය කර ඇති පරිදි හරස් අතට අත් නවාගෙන සිටීම, උරහිස් වකු‍ටු කරගෙන සිටීම සහා මෙවැනි අනෙකුත් සංවෘත ශරීර භාෂා භාවිතය දිගින් දිගටම සිදුකිරීමෙන් ඔබ පවත්වන කතාව හෝ ඉදිරිපත්කිරිම කෙරෙහි ඇති ආකර්ෂණය නැති වී යයි.

කම්මැලිකම

විස්කොන්සින් සහා නිව් යෝර්ක් යන විශ්වවිද්යා ලවල විශේෂඥයින් විසින් තහවුරු කර පෙන්වා ඇති ආකාරයට කම්මැලි පුද්ගලයින් ඇසුරට බොහෝ දෙනෙකු අකමැති බවයි පැවසෙන්නේ. ඔවුන් තුල උද්යෝගීබවක් දක්නට නොලැබෙන නිසාම ඔවුන් කෙරෙහි ආකර්ෂණයක් කිසිවෙකුට ඇති වෙන්නේ නැහැ.

අධික ප්‍රීතියෙන් සිටීම

2011 වසරේ University of British Columbia හි අධ්යවයනවේදීන් සිදුකල අනාවරණයක් වූයේ අධිකව සිනාසෙන කාන්තාවන්ව පිරිමි විසින් මඟහරින බවයි.

ආඩම්බරකම

ගොඩක් ආඩබරයෙන් සිටින කාන්තාවන් කෙරෙහි පිරිමි ආකර්ෂණය අඩු බව කළින් පර්යේෂණයේදී අනාවරණය කරගත් තවත් කරුණකි.

සමාන සුවඳකින් යුතු වීම

නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ සිදුකල පර්යේෂණයකින් හඳුනාගැනුනේ සමාන සුවඳකින් යුතු පුද්ගලයින් එකිනෙකාට ආකර්ෂණය නොවන බවයි. ඊට හේතුව තමයි උපවිඥාණිකව ඔවුන් එකිනෙකාට සම්බන්ධතාවක් ඇතැයි ඔවුන්ට හැඟීයාම.ඒ කියන්නේ වෙනස් සුවඳින් යුත් දෙදෙනෙක් අතර ආකර්ෂණයක් ඇතිවීමට ඉඩකඩ වැඩිබවයි.

විහිලු නොතේරීම

අල්ස්ටර් විශ්වවිද්යා ලයේ මනෝවිද්යා්ඥවරුන් පිරිසක් විසින් සිදුකල නිගමනයකට අනුව ලිංග භේදයකින් තොරව, හාස්යව රසය නොදන්නා පුද්ගලයින් කෙරෙහි අනෙක් අයට ආකර්ෂණයක් ඇති නොවන බව පැවසෙයි. විහිලු නොතේරෙන කෙනෙක් එක්ක කාලය ගත කිරීමට සිදුවීම එපා කරපු අත්දැකීමක් වෙනවාට කිසිඳු සැකයක් නැහැ.