ඔබ අසල සිටින අයගේ මනස පාලනය කරන්න පුළුවන් ක්‍රම 13ක්

මනෝවිද්‍යාත්මක උපදේශනය යනු යම් ගැටලූවකට මැදිහත් වී ඇති පුද්ගලයකුට ඔහු සතු ශක්තීන් තුළින්ම ගැටලූවෙන් මිදීමේ හැකියාව ලබා දෙන යාන්ත්‍රණයක් මේ මනෝවිද්‍යාත්මක උපක්‍රම වලින් ඔබේ සන්නිවේදන කුසලතාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. ඉන් ඔබේ ජීවිතයත් වඩාත් පහසු එකක් ද වනු ඇත.

01. යම් කෙනෙක් ඔබට කැමතියි දැයි දැන ගැනීමට,

වචනයක් ‍තෝරාගන්න. ඔහු/ ඇය එම වචනය භාවිතා කරන සැම විටම ඔබ හිස සොලවන්න. සිනාසෙන්න. ඔහු/ ඇය ඔබ කෙරෙහි ඇත්තටම කැමැත්තක් තිබෙනවානම් ඒ වචනය ඔවුන් නැවත නැවත කතාබහ අතරෙදී මතු කරාවි.

02. ඔබට යමක් ඒත්තු ගන්වන්න අවශ්‍යය ද ?

එහෙනම් හැමවිටම ඔබට කීමට අවශ්‍යය දේ පවසද්දී එය ඔබේ පියා ඔබට ඉගැන්වූ දෙයක් යැයි පවසන්න. මිනිසුන් වැඩිහිටියන්, විශේෂයින්ම දෙමවුපියන්ගේ කීමක් නොසලකා හරිනවා හරි අඩුයි

03. “Scissor, Paper, Rock” ක්‍රීඩාවෙන් දිනන්න ඕනද ?

තරඟය දිනන්න නම් එය පටන්ගන්න කලින් ඔබේ මිතුරාගෙන්/ මිතුරියගෙන් අහඹු ප්‍රශ්නයක් අසන්න. බොහෝ විට ඔහු/ ඇය කලබල වෙලා “Scissors” අවස්ථාව ලබාගනිවි.

04. මිනිසුන් ඔබ සමඟ එකඟ කරවාගන්න ඕනද ?

ඇසට ඇස සම්බන්ධතාවය පවත්වාගනිමින් සහා හිස මදක් වනමින් කතා  කරන්න. හිස සෙලවීම මඟින් ඔබ පවසන දේ ඔබට කෙතරම් විශ්වාස ද යන්න පෙන්නුම් කරයි. ඔබ එසේ කරන විට ඔවුන් ද ඔබ පවසන දේට එකඟ වෙනවා යයි කියන්නා සේ හිස වනනු දැකිය හැකි වෙයි

05. සෙනඟ මැද්දෙන්  යන්නේ කොහොමද කියා සිතනවා ද?

සෙනඟ ඇති තැනක ඔබ ගමන් කරන් දිසාවටම ඉදිරිය බලමින් ගමන් කරන්න.මිනිසුන් ඔබට ඉඩ දෙන ආකාරය දැක ඔබ පුදුමයට පත් වෙවි. අපි බොහෝ විට මිනිසුන් ගැවසෙන තැන් වල ගමන් කිරීමේදී  ඔවුන්ගේ මුහුණ දෙස බැලීමේ නැඹුරුතාවක් තිබෙන්වා. එනිසා යම් කෙනෙක් ගමන් කරමින් සිටින දිශාව හඳුනා ගැනීම පහසුයි. ඉතින් එකිනෙකාගේ ගැටීම වළක්වාගන්නට මගහැර පාරෙන් ඉඩ දීම  සිදුවෙනවා

06. මනසේ ‍රැඳුනු ගීත කොටසක් නිතරම වද දෙනවා ද? එය අමතක කරන්න ඕනද?

 එහෙනම් සින්දුවේ අවසානය ගැන හිතන්න උත්සාහ කරන්න. “Zeigarnik effect” සංකල්පයට අනුව අපගේ මොලය අප විසින් සම්පූර්ණ කර නැති දේ මතක තබා ගැනීමට වැඩි නැඹුරුතාවක් ඇති බව හෙළිකරයි (අසම්පූර්ණ දේවල්). ඉතින් ඔබට වද දෙන ගීතයේ අවසානය ගැන හොඳින් මතක් කරන්න.

07. ඔබේ දරුවා ගෝවා කන්නේ නැතිද?

“ ඔයාට ගෝවා දෙන්නද” කියා අහන්නේ නැතුව “ඔයාට ගෝවා කෑලි 2 හෝ 5 දෙන්නද” කියා අහන්න! ඔවුන්ට තීරණයක් ගැනීමට අවස්ථාවක් ලබා දීම මෙහිදී සිදු කරනවා. එනිසා ඔවුන් අනිවාරයෙන්ම ඒ ගැන උනන්දු වෙනවාමයි. මේ ක්‍රමය අනික් අකමැති දේවල් වලට කැමති කරගන්න යොදා ගන්නත් පුලුවන්.

08. ඔබ දෙස කවුරුන් හෝ බලා සිටිනවා කියා සිතෙනවා ද?

 ඈනුමක් අරිනවා වගේ වටපිට බලන්න.ඇත්තෙන්ම කවුරුන් හෝ ඔබ දෙස බල සිටිනවානම්, ඔහු/ඇය එසේ ඈනුමක් අරිවී. ඈනුම් බෝ වෙනවා කියලා කතාවකුත් තියෙනවානේ.

09. ඔබේ බඩුවක් යාලුවා ලවා ඔසවා ගෙන යන්නට අවශ්‍යය ද?

 බඩු ඔසවාගෙන යන විටදී ඔබ කතා කරනවානම් ඔබේ මිතුරා ඔබෙන් බර ඔසවාගෙන යන්න ඉඩ දෙන්න කියා ඉල්ලාවි. ඇත්තෙන්ම ඔබට අවශ්‍යය වී තිබුණේත් ඒකමයි කියා කිසිවෙකුටත් වැටහෙන්නේ නම් නැති වේවි.

10. අතට අත දෙනවානම් ඊට කලින් ඔබ අත් උණුසුම් වීම වැදගත්. එමඟින් වඩාත් හොඳ මිත්‍රශීලි වටපිටාවක හැඟීමක් ඇති වනු ඇත.

11. ඔබේ මිතුරා පවසන දේ අනුකරණය කරමින් නැවත කියන්න.

මෙමඟින් ඔබ හොඳ සවන්දෙන්නෙකු ලෙස ඔහුට/ඇයට වැටහෙනු ඇත. හැබැයි  ඕනෑවට වඩා අනුකරණය කරන්නත් යන්න එපා.

12. ඔබට කාගෙන් හෝ උදවුවක් ඕනද?

I need your help! , “නැතිනම් මට උදවුවක් කරන්න!” යනුවෙන් ඉල්ලීම කරන්න පටන් ගන්න. ඒ මොහොතේ උදවු නොකලොත් තමන් ගැන ඇති වන වරද කාරී හැඟීමට  මිනිසුන් අකමැතියි. ඒ නිසාම ඔවුන් ඔබට උදවුකිරීමට පෙලඹෙනු ඇත.

13. කෙනෙක් ඔබට අකමැතී කියා ඔබට සිතෙනවානම්,

ඔහුගෙන්/ඇයගෙන් ටිකකට පෑන හෝ පැන්සල ඉල්ලාගත හැකි දැයි විමසන්න. මිනිසුන් තමන් අකමැති අයටත් බොහෝ විට උදවු කරනු ලබනවා. බෑ කියන්න බැරිකමට උදවුව කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි, ඒ හරහා ඇත්තෙන්ම ඔබ එතරම්ම නරක නැහැ නේද කියා ඔහුට/ඇයට සිතෙන්නට පටන් ගන්නවා. ඒ විදියට ඔබ ගැන අන් අයට ඇති වැරදි වැටහීම් නැති කර දාන්න ඔබටත් දැන් පුලුවන් වේවි.