ඔබ අපහසුතාවයට පත්වන විලාසිතා 10 ක්

සමහර විට අප බොහෝවිට ඇඟට අපහසු සහ අපට නොගැලපෙන ඇඳුම් මිලදී ගන්නවා, ගොඩක් වෙලාවට රුපවාහිනියේ වෙළඳ දැන්වීමක්, එහෙමත් නැත්නම් ඔබ භාවිතා කරන සමාජ මාද්‍යජාලයක ඇති දැන්වීමකික් නිසා විවිද විලාසිතාවන්ගෙන් ඇඳුම් මිලදී ගන්නවා, නමුත් එම දැන්වීම් වල පෙනෙන තරම් ඔබ මිලදී ගන්නා ඇඳුම, එම විලාසිතාව ඔබට ගැලපෙනවද, එම විලාසිතා කෙතරම් දුරට ප්‍රායෝගිකද කියලා පෙන්වන චායාරූප කිහිපයක් අපි අද ඔයාලට අරගෙන ආවා

01 Silk suit (සිල්ක් ඇඳුම්)

සිලික් ඇඳුම් පාවිච්චිය තරමක් අපහසුයි වෙළඳ දැන්වීම් වල විලාසිතා ප්‍රදර්ශනවල මෙම ඇඳුම් කැපී පෙනුනත් නිවැරදිව සේදීම සහ වියලාගැනීම සිදු නොකලත් මෙම ඇඳුමේ පෙනුම ඉක්මනින්ම නැතිවෙන්න පුළුවන්

02 Bike shorts (බයික් කොට කලිසම්)

සමහර අය මෙම විලාසිතාවට කැමති නෑ නමුත් සමහර අයනම් මේ විලාසිතාවට ගොඩක් කැමතියි, සිහින් උස කාන්තාවන්ට මෙම ඇඳුම හොඳින් ගැලපුනත් තරමක් මතින් වැඩි කාන්තවන්ටනම් මෙම ඇඳුම නිසා තරමක අපහසු තාවයකට මුහුණ දෙන්න වේවි මොකද ඔබගේ උකුල ප්‍රෙදේශය තරමක් කැපී පෙනෙන නිසා

03 Winter jumpsuit

ගොඩක් අලංකාර විලාසිතාවක් උනත් මෙම ඇඳුම් ඉක්මනින්ම අපිරිසිදු වනවා ඒ නිසා ඔබට මෙය නිතර නිතර සෝදන්න සිදුවේවි

04 Light-colored suede shoes

ලා පැහැති මෙම සපත්තු මිලදී ගන්න කලින් දෙපාරක් හිතන්න මොකද මෙම සපත්තු ගොඩක් හොඳින් රැකබලා ගන්න ඕන, ඉතා ඉක්මනින් අපිරි සිදුවන මෙම සපත්තු පිරිසිදු කිරීමත් ඉතා අපහසුයි

05 A see-through bag (විනිවිද පෙනෙන බෑගය)

ගොඩක් ආකර්ශනීය විලාසිතාවක් වගේ පෙනුනත් සැබෑ ජීවිතෙටනම් මෙම විලාසිතාව ගලපෙන්නෙම නෑ, මොකද මෙය විනිවිද පෙනෙන නිසා සොරුන්ට සහ මංකොල්ල කරුවන්ගේ අවධානය යොමුවෙන්න පුළුවන්

06 A pajama suit (පිජාමා ඇඳුමක්)

විලාසිතා ප්‍රදර්ශන වලදී ආකර්ශනීය ලෙස පෙනුනත් මෙම ඇඳුම හැඳගෙන ප්‍රසිද්ද ස්ථානයකට ගියොත් ඔබ දැන් නින්දෙන් අවදිවී පැමිණි අයෙක් යැයි සිතේවි

07 Nightgown dress

බොහෝ විලාසිතා ශිල්පීන් විසින් ආදරය කරන ඇඳුමක් නමුත් පහසුවෙන් රැලි වැටෙන අතර කුඩා පැල්ලම් පවා ඒ මත පැහැදිලිව දෙස්වෙනවා ඊට අමතරව සිනිදු රෙදි නිසා යට ඇඳුම් තෝරාගැනීම ගොඩක් දුෂ්කරයි

08 Plastic shoes (ප්ලාස්ටික් සපත්තු)

මෙම සපත්තු නිෂ්පාධනය සඳහා 100%ක් සිලිකන් බාවිතා කර ඇති අතර ඔබේ කකුලෙන් පිටවන ජල වාෂ්ප නිසා එය අවලස්සන ලෙස දිස්වන්නට පුළුවන් එම නිසා මේ වගේ විලාසිතාවක් තෝරාගන්න කලින් ටිකක් කල්පනා කරන්න

09 A cape

සිරුරේ අඩුපාඩු සගවන ඇඳුමක් උනත් ගොඩක් සිහින් සිරුරක් සහිත අයටනම් මෙම ඇඳුම ගැලපෙනවා අඩුයි, මීට අමතරව සීත කාලගුණයට ඔරොත්තු දෙන්නෙත් නෑ

10 A suit with shorts

මෙම කොට කලිසම නිසා ඔබේ පාද ඉතා කෙටි පාද වගේ දිස්වෙන්න පුළුවන් එම නිසා තරමක් මිටි කාන්තාවන්ට මෙම ඇඳුම ගැලපෙන්නේ නෑ, පොදුවේ ගත්කල මෙම ඇඳුම ප්‍රායෝගික විලාසිතාවක් නෙවෙයි