ඔබේ සිරුරේ ඇතුලෙන් ක‍ටු අනිනවා වගේ දැනෙන්නේ ඇයි?

එකම ඉරියව්වකින් බොහෝ වෙලාවක් සිටීම නිසා සිරුරේ පැත්තක් පණ නැතිවාක් මෙන් දැනුණු අත්දැකීම් ඔබටත් ඇති. ගොඩක් වෙලාවට එම ඉරියව්ව වෙනස් කිරීමට උත්සාහ කරන විට ක‍ටු අනිනවාක් මෙන් ගතියක් ඇතිවී දැඩි අපහසුවක් දැනීමට පටන්ගනියි.  එසේ දැනීම ඔබට මහත් පීඩාවක් ගෙන දෙන නිසා ටිකක්වත් චලනය නොවී සිටිමට ඔබ උත්සාහ කරනවා වෙන්න පුලුවන්. ඇත්තටම මේ අමිහිරි අත්දැකීම ඇතිවන්නේ ඇයි? එසේ වීම වළක්වාගන්න පුලුවන්ද?  මේ කරුණු ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.                                                      

සිරුරේ හිරි වැ‍ටුණු ගතියක්, දැවිල්ලක් හෝ සම ඇතුලින් ක‍ටු අනිනවාක් මෙන් දැනීමේ සංවේදය හඳුන්වන්නේ පැරස්තීසියා (parasthesia) හෙවත් පරාවින්දනය යනුවෙනි. මෙය බොහෝ විට අත් වල, කකුල් වල, දෙපතුල් වල ඇතිවිය යැකි තත්වයකි (සිරුරේ වෙනත් ස්ථාන වලත් මෙසේ හිරිවැටීම් ස්වභාවයන් ඇතිවිය හැකියි). මෙය බොහෝ විට කඩියන් අනිනවාක් මෙන් නැතිනම් කුහුඹුවන් රංචුවක් සම මතුපිට ගමන්කරනවාක් මෙන් දැනෙන අපහසුකාරී තත්වයකි.

ගාත් වලට අධික තෙරපුමක්-පීඩනයක් යොමුවී ඇති විට මෙම සවේදනයන් සාමාන්‍යයෙන් පූර්ව සංඥාවකින් තොරව හටගන්නා බව අධ්‍යයන මඟින් පෙන්වාදේ. . ඒ අනුව පුද්ගලයා හට මෙම සංවේදය ඇතිවීමට පටන්ගැනීම ගැන අවබෝධයක් නොලැබේ. මෙම සවේදය සැමවිටම වේදනාකාරී බවක් ඇති නොකරයි, නමුත් ඉන් පුද්ගලයාට මහත් අපහසුවක් දැනේ. කාර්යාල ‍රැකියා වැනි පැය ගණනක් එකම තැනක බොහෝ විට එකම ඉරියව්වකින් සිට සිදුකරන ‍රැකියා කරන්නන් නිතරම මේ තත්වයට මුහුණ දෙති.

සංවේදනයන් එක්වරම නොදැනීමට පටන්ගන්නේ ඇයි?

ඇතිවී නැතිවී යන හිරි වැටීම් ස්වභාවය හඳුන්වන්නේ ට්‍රාන්සියන්ට් පැරස්තීසියා යනුවෙනි (transient paresthesia). බොහෝ විට මෙය සිරුරේ ඇතැම් කොටස් නින්දට පත්වීම එහෙමත් නැතිනම් පණ නැතිවීම ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ පවතියි. එහෙමත් නැතිනම් “කඩි කනවා” මෙන් දැනෙනවා ලෙස කෙනෙක් තම අත්දැකීම් විස්තර කරන්න පුලුවන්.කකුලක් පිට කකුලක් දමා සිටීම, කකුල් හරස් කරගෙන වාඩිවී සිටීම හෝ හිසට යටින් අත යට කරගෙන නින්දට යාම වැනි ඉරියව් නිසා අත් පා හිරිවැටීම සිදුවන අවස්ථා වැඩිය. පෙර සඳහන් කල පරිදි බොහෝ වෙලාවක් එකම ඉරියව්වෙන් සිටිම මීට හේතුවේ. බොහෝ විට සිදුවන්නේ එක් ස්නායුවක් මත බොහෝ වෙලාවක් තිස්සේ දැඩි ප්‍රබල පීඩනයක් එල්ලවී තිබීමයි. ස්නායු තෙරපීම නිසා අත් පා හිරිවැටීමට අමතරව මේ තත්වය ඇතිවීමට තවත් හේතු බලපෑ හැකියි. අනතුරකින් ස්නායු වලට බලපෑම් ඇහි වී ස්නායු පද්ධතිය හානියට ලක්වී තිබීම, භංත බිම්බ නිසා (herniated discs),ගැටිති වර්ධනය වීම නිසා (tumor) මෙසේ සිරුරේ හිරිවැටීම් තත්වයන් වර්ධනය විය හැකිය.

සම තුලින් ක‍ටු අනින ස්වභාවයක් මෙන් දැනීම කොපමණ කාලයක් පුරාවට පවතියිද?

පැරස්තීසියා තත්වයේදී අත් පා හිරි වැටීම සහ ක‍ටු අනින්වාක් මෙන් දැනීමට පටන්ගත්ත ඩ ඉන් අත් පා වල නම්‍යශිලීබවට බලපෑමක් ඇති නොවේ. ඒ අනුව නම්‍යශීලි බව මඟින් එසේ යම් මතුපිටක් මත තෙරපී හිරිවැටීමට ලක්වී ඇති ශරීර ප්‍රදේශයේ සවේදීතාව ඉහළ දමන අතර හිරිවැටී ඇති ගාත් වල අනෙකුත් ප්‍රදේශ දක්වා එම සංවේදනය ව්‍යාප්ත කරවීම සිදුකරයි. හිරිවැ‍ටුණු විට අත පුරා හෝ කකුල දිගේ කරන්ට් වදිනවා මෙන් දැනෙන්නේ මේ හේතුව නිසයි .

පීඩාවට ලක් වී තිබූ ස්නායුව සංසිඳීයාමත් සමඟ ගාත් වල හිරිවැ‍ටුණු ගතිය ඉතා ඉක්ම්නින් දුරුවීයයි. එහිදී නැවත සාමාන්‍ය පරිදි එම ප්‍රදේශයේ රුධිරය සංසරණය වීමට පටන්ගනියි. මෙසේ වීම වේගවත් කරගැනීමට අත් පා සෙලවීමට මැලි නොවී යම් සරල ව්‍යායාමයක් කිරීම, ස්ට්‍රෙචිං අභ්‍යාසයක් කිරීම, හෝ ඒ ආශ්‍රිත සම සම්බාහනය කිරීම සිදුකරන්න. මෙමඟින් සමේ ක‍ටු අනින ගතිය ඔබට ඉක්මනින්ම දුරුකරවාගත හැකියි.

පැරස්තීසියා තත්වයේ බලපෑම්

පැරෙස්තීසියා තත්වය හේතුවෙන් ඇතිවන සංවේදනා වල ප්‍රතිවිපාක  බලපෑම් ද ඇත.

  • රුධිර සංසරණ ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු මතුවීම
  • නිදන විට භාවිතාවන නුහුරු නුසුදුසු ඉරියව් හේතුවෙන් තෙහෙට්‍ටුව හෝ නින්ද නොමැතිකම වැනි පීඩාකාරී ගැටලු මතුවිය හැකිවිම
  • ඇවිදීමේදි හෝ අත් චලනය කිරීමේදී අපහසුතා ඇතිවිම
  • බිම ඇදවැටීමට ඇති අවදානම ඉහළ යාම

පැරස්තීසියා ස්වභාවයක් කිහිපයක් පවතියි

01. බර්ජර් රෝගය (Buerger’s paresthesia)

මේ රෝගී තත්වය නිසා අත් වල සහා පාද වල රුධිර වාහිනි වලට බලපෑම් ඇති වේ.

මෙම රෝගය බහුලව හඳුනාගත හැක්කේ දුම් පානය කරන්නන් අතරයි. දුම් පානය ඔස්සේ සිරුරට දිගින් දිගටම නිකොටීන් ඇතුලු වන නිසා බොහෝ විට වාහිනි ඉදිමීමට පටන්ගනිමින් රුධිර පරිවහනයට බාධා ඇතිකරවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුධිරය කැටිති වීම සහා සිරුරේ ඛනිජ ලවණ ඌනතාවක් ඇතිකරවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුලින්ම ඇඟිලි හිරිවැටීමට පටන් ගෙන පසුව ක්‍රමයෙන් සම්පූර්ණ අතම හිරිවැටීමට පටන් ගනියි. මෙය වේදනා කැක්කුම් වලින් ආරම්භ වී පටක හානි වීමේ සිට ‘gangrene’ තත්වය හෙවත් සිරුරේ මස් කුණු වීමට පටන්ගැනීම දක්වා වර්ධනය විය හැකි භයානක තත්වයකි. වයසා වුරුදු 20-25 වැනි වයස් වල අය පවා මේ තත්වයට ගොදුරු වෙති.

මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුවකල හැකි ප්‍රතිකාරයක් සොයාගෙන නැත. නමුත්, දුම් පානය වැනි අහිතකර පුරුදු හැකිතාක් අවම කිරීමෙන් එවැනි රෝග වැලඳීම අවම කරගත හැකි වනු ඇත.

02. මෙරල්ජියා පැරෙස්තෙටිකා තත්වය (Meralgia parestheyica)

කළවා වල පිටත ප්‍රදේශ ආශ්‍රිතව  හිරිවැටීම, සම තුලින් ක‍ටු අනිනවාක් මෙන් දැනීම සහ දැවිල්ල ස්වභාවයක් දැනීමට පටන්ගැනීම නිසා ඇතිවන තත්වයකි.

මෙය මුල්බැසගත් තත්වයක් බවට පරිවර්තනය වුවහොත් (Chronic paresthesia);

නිරන්තරයෙන් ක‍ටු අනින ස්වභාවයක් දැනීමට පටන්ගැනීම නිදන්ගත පැරස්තීසියා තත්වයක් ලෙස හැඳින්විය හැකිය. මෙය බොහෝ විට ස්නායු රෝග තත්වයක් හෝ බරපතල ලෙස ස්නායු හානියට ලක්වීම නිසා මතුවන රෝග ලක්ෂණයකි. මේ තත්වය බොහෝ විට ඇතිවන්නේ මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරවන ඇතැම් රෝග පීඩා තත්වයන් මඟිනි (ආඝාතය/හදිසි ආබාධය (stroke), සිරුරේ පටක ඝන වීමේ තත්වය හෙවත් ස්ලෙරෝසිස් (Sclerosis) නිධිකර්පරදාහය (මොලය ඉදිමීමේ තත්වය) හෙවත් එන්සෙෆලයිටීස් (encephalitis) වැනි තත්වයන් හේතුවෙන්).

කාපල් ටනල් සින්ඩ්‍රෝම් (carpal tunnel syndrome) වැනි සහලක්ෂණ තත්වයන් හේතුවෙන් පර්යන්ත ස්නායු වලට හානි ඇතිවිය හැකි අතර ඒ හේතුවෙන් වේදනාකාරී ස්වභාවයෙන් යුතු පැරස්තීසීයා තත්වයක් හටගත හැකිය,

වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමුවන්න     

  • හිරිවැටීම් ස්වභාවය නොනැවති ක්‍රමක්‍රමයෙන් සිරුර පුරා ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇත්නම්
  • ඔබට ශ්වසන අපහසුතා දැනේනම්
  • ක්ෂණික පැරස්තීසීයා තත්වයක් හෝ සිරුරේ අප්‍රාණිකබව ඇතිවී ඇත්නම්
  • සිරුරේ දෙපසින්ම හිරිවැ‍ටුණු ගතියක් දැනේනම්
  • මූත්‍රාශයේ සහ අන්ත්‍ර වල අපහසුකාරි තත්වයකින් පෙලේනම්
  • මුහුණේ සහ කවන්ධයේ සංවේදනයන් තවදුරටත් ඔබට නොදැනේ නම්
  • ඔබේ අත් පා සම්පූර්ණයෙන්ම අප්‍රාණික වි ඇති බවක් දැනේ නම්
  • සිහිකල්පනාව වෙනස්වන බව ඔබට අත්දැකිය හැකිනම්
  • කතාකිරීමේ අපහසුතා හා ගැටලු මතුවේනම්
  • හිස, ගෙල හෝ කොන්ද අනතුරකට ලක්වීමෙන් පසු පැරස්තීසියා තත්වයක් ඇතිවූයේනම්

වහාම වෛද්‍යෙවරයෙකු මුණගැසීමට කටයුතු කරන්න. එහිදි වෛද්‍යවරයා විසින් ඔබේ ලක්ෂණ  සහ ඔබේ රෝග ඉතිහාසය පරික්ෂා කර, අතිරේක වෛද්‍ය පරික්ෂණ වලට ඔබව භාජනය කරමින් ඔබට අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබාදෙනු ඇත.