ඔබේ සම ලස්සන කරගන්න පුලුවන් සුපිරි ක්‍රම 10ක් මෙන්න

“සම එල්ලා වැටීම”,විශේෂයෙන්ම මුහුණේ සහ බෙල්ලේ සම එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක්. වයස්ගත වීම මේ සඳහා බලපාන ප්‍රධාන සාධකයකි. වයසට යන විට සමේ නම්‍යතාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන් ස්වභාවිකවම සිරුරෙන් අහිමිවි යාමට පටන්ගනියි. එමෙන්ම, සමේ නම්‍යතාව නැතිවී යාමට බලපාන තවත් හේතුවක් නම් හිරු කිරණට සම අහිතකර ලෙස නිරාවරණය වීමයි. ඇතැම් වැරදි ආහාර පුරුදු නිසාද මුහුණේ සමට හානි විය හැකියි. සිරුරේ තෙතමනය නොමැතිකමින් සම වියළී යාමට පටන්ගැනීම නිසා ද සම එල්ලා වැටීමට පටන්ගත හැකියි.එමෙන්ම බර අඩු වීම කියන්නේ නිරෝගි දෙයක් වුණත් වැරදි ක්‍රම අනුව බර අඩුකරගැනීමට යාමෙන් සමට හානි වෙන්නට ඉඩ තිබෙනවා.

සමේ සවිමත් බව ඔබේ සුන්දර පෙනුම ආරක්ෂා කරගැනීමට බොහෝ සෙයින් වැදගත් වෙනවා. එබැවින් මේ උපදෙස් කිහිපයක් ඔබේ මතකයේ තබාගන්න. ඒ වගේම නිවැරදිව මේ ක්‍රම අනුගමනය කරන්න. මෙමඟින් ඔබේ ලිහිල් සම නැවත යථා තත්වයට පත්කරගනිමින් මුහුණේ එල්ලා වැ‍ටුණු ස්වභාවය දුරුකරගත හැකි වේවි.

01. සම්බාහනය කිරීම

සම සම්බාහනය කිරීම මඟින් කොලැජන් සහ ඉලාස්ටින් වැනි සම්බන්ධ පටක නිෂ්පාදනය සඳහා දායක වන ෆයිබ්‍රෝබ්ලාස්ට් සෛල උත්තේජනය වීම සහ රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු වීම සිදුවේ. සම සවිමත්ව පැවතීමට මෙම ක්‍රියාවලින් ඉතා වැදගත් වේ. මෙම ප්‍රතිලාභ වර්ධනය කරගැනීමට සම්බාහනය කරන විට සමට හිතකර පෝෂක අමුද්‍රව්‍ය අඩංගු ෆේස් ක්‍රීම් එකක් භාවිතා කරන්න. සමේ ‍රැළි වැ‍ටුණු , එල්ලා වැ‍ටුණු ගතිය ඇති ප්‍රදේශ සෙමින්, කවාකාර චලන වලින් සම්බාහනය කරගන්න. මෙම සම්බාහන සත්කාර සතියක් පුරාවට සිදුකර බලන්න. ඔබට පැහැදිලි ප්‍රතිඵල දැකිය හැකි වේවි.

02. ආහාර අතිරේක පෝෂක ලබාගන්න (nutritional supplements)

  • Collagen hydrolysate –  සමේ සජනලන මට්ටම වැඩිදියුණු කරමින් සම වියපත් වීම අවම කරවයි.
  • ප්‍රති-ඔක්සිකාරක-  ප්‍රතික්‍රියාකාරී ඔක්සිජන් විශේෂ මන්දගාමී කරවමින් සම එල්ලා වැටීම සහ සම ‍රැළි වැටීම අඩුකරවයි. ආහාර සහ පාන සමඟ පහසුවෙන් පරිභෝජනයට ගත හැකි ප්‍රති-ඔක්සිකාරක පෝෂක ලෙස විටමින් A , C, D සහ E පදාර්ථ, සහැන්සයිම Q 10, සෙලේනියම් සහ සින්ක් උදාහරණ දැක්විය හැකියි.

03. මාංශ පේශීන් සඳහා ව්‍යායාම ලබාදෙන්න

බර අඩුකරගැනීම සඳහා ව්‍යායාම කරන විට මාංශ පේශී ස්කන්ධය ද අඩු වි යාමේ හැකියාව ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ ලිහිල් වූ සමක් ඇතිවීමයි. බර එසවීම සහ ශක්ති වර්ධක ව්‍යායාම ඔබේ  දෛනික බර අඩුකරගැනීමේ ව්‍යායාම් අභ්‍යාස අතරට එක්කරගැනීමෙන් ඔබට හැකියි සිහින් මාංශ පේශීන් වර්ධනය කරගන්නා අතරේ මේද දහනය කරගැනීමට. මෙම ව්‍යායාම හරහා සමේ සවිමත් කරමින් මාංශ පේශී තානය වැඩිකරවයි.

04. යෝගා අභ්‍යාස වල නිරතවෙන්න

ක්‍රීඩා වල නොයෙදෙන නමුත් මාංශ පේශීන් සඳහා ව්‍යායාම සිදුකරගැනිම අත්‍යවශ්‍ය අයට යෝගා කියන්නේ හොඳ විසඳුමකි.යෝගා පමණක් නොව පිලාටේස් වැනි ව්‍යායාම ක්‍රම හරහා මාංශ පේශීන් වල ශක්තිමත්බව සහ තානය වර්ධනය කරමින් ව්‍යායාම ලබාදේ. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ සවිවර බව ද වැඩිවේ. සිරුරේ එල්ලා වැටෙන මාංශ පේශීන් සහිත ස්ථාන සඳහා ව්‍යාමා උපදේශක සහය සහිතව විශේෂ ව්‍යායාම ලබාදෙන්න.

05. ආහාර දැඩි ලෙස පාලනය කිරීමෙන් වළකින්න

ක්‍රමානුකූලව ආහාර පාලනය කිරීම වඩාත් සුදුසු වන අතර එක්වරම දැඩි ලෙස ආහාර පාන සීමා කිරීම නොකල යුතුයි. ඊට හේතුව නම් මේදයත් සමඟ මාංශ පේශීන් ද හැකිළී යාම සිදුවිය හැකි නිසා ‍රැඳී සිටීමට ආධාරකයක් නොමැතිව සම වඩාත් ලිහිල් වී එල්ලා වැටීමට පටන්ගැනීමයි. සතියකර රාත්තල් 1-2 ක් පමණ අඩුකරාගැනීමට අරමුණු කරගන්න. ඉන් ඔබේ සම එල්ලා වැටීම වළක්වාගත හැකියි.

06. සිරුරේ සජලතාවය ආරක්ෂා කරගන්න. සමේ තෙතමනය පවත්වාගන්න

සම වියළී යාම හේතුවෙන් සමේ ‍රැළි වැටීම් ස්වභාවයන් මතුවේ. සමේ නම්‍යතාව ආරක්ෂා කරාගෙනීමට නම් දිනපතාම හොඳින් ජලය පානය කල යුතුයි. දිනකට වතුර වීදුරු 8 ක් වත් පානය කිරීමට උත්සාහ කරන්න.සමට හොඳ තෙතමනයක් ඇතිවීමට නම් ජලය මෙන්ම ජලය අඩංගු එළවළු සහ පලතුරු වර්ග ද පරිභෝජනය කරන්න.

07. ස්වභාවික ප්‍රතිකර්ම උත්සාහ කරන්න

පිපිඤ්ඤාවල ඉහළ ප්‍රමාණයක් ජලය  අන්තර්ගත වන අතර ඒවා සමේ තානය ඇතිකිරීමට දායක වේ. පිපිඤ්ඤා යුෂ ලබාගෙන ගැටලු සහිත සම මත ආලේප කර වියළෙන්නට හරින්න.

ලෙමන් බාහිර ආලේපයක් සේ භාවිතා කිරීම හරහා සමේ කොලැජන් නිෂ්පාදනය ඉහළ යාම සිදුවන අතර ඉන් සම මෘදු සුමුදු ස්වභාවයකාට් අප්ත්වී සමේ තානය වර්ධනය වේ. සමේ එල්ලා වැ‍ටුණු සහ ‍රැළි වැ‍ටුණු ස්ථාන වල ලෙමන් යුෂ ආලේප කර මෘදුව අතුල්ලන්න.

කෝමාරිකා යනු සමට ඉතා ඉහළ ප්‍රතිලාභ අත්කර දෙන ඖෂධයක් බව බොහෝ අධ්‍යයන වලින් පවා තහවුරු කර ඇත. විශේෂයෙන්ම එහි අඩංගු ගුණ මඟින් සමේ ඇතු තුවාල සහ පිලිස්සුම් තත්වයන් සුවපත් කරවයි. සම මත තෙතමනකාරකයක් සේ ක්‍රියාකරමින් සම ආරක්ෂා කරයි. සමේ සවිමත්බව වැඩිවීමට කෝමාරිකා යුෂ හෝ ජෙල් සම මත ආලේප කරන්න. මිනිත්තු 15-20 ක් පමණ සම මත තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා ඉවත්කරගන්න.

08. Radio –freequency ප්‍රතිකාර ක්‍රම වලට යොමුවන්න

වේදනා රහිත ප්‍රතිකර්ම අතරින් සමේ ‍රැළි ස්වභාවය දුරුකරගැනීම සඳහා බහුල වශයෙන් භාවිතා වන ප්‍රතිකර්ම ක්‍රමයකි. සමේ ලිහිල් බව දුරුකරමින් අකලට වියපත් වූ සම නැවත තරුණ කරමින් සමේ සවිමත්බව වැඩිකරවන සාර්ථක ක්‍රමයක් ලෙස මෙය අධ්‍යයන වලින් පවා තහවුරු වී තිබෙනවා. මෙම සත්කාර ක්‍රම වට කිහිපයක් නැවත නැවත සිදුකරගැනීමට සිදුවුවත් මෙය වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් බව කිවයුතුමයි.

09. නිතර පිහිනීමේ ක්‍රීඩාවේ නිරතවන්න

පිහිනීමේ ක්‍රීඩාව බොහෝ දුරට ප්‍රතිරෝධක ව්‍යායාම අභ්‍යසා වලට සමානය. මෙම ක්‍රීඩාවේ දී අපේ අත් වලට සහ කකුල් වලට ඵලදායි ලෙස ව්‍යායාම් ලැබෙනවා මෙන්ම මාංශ පේශීන් වල ශක්තිමත්බව ද වර්ධනය වෙනවා. මාංශ පේශීන් ශක්තිමත් වීම සිදුවන විට සමේ තානය ද වර්ධනය වේ. අත් යට සම එල්ලා වැටීම පාලනය කරගැනීමට පිහිනීම දායක වේ.

10. සමට හොඳ පෝෂණයක් සහ සැලකිල්ලක් ලබාදෙන්න.

ඔබ භාවිතා කරන ෂැම්පු, සබන්, සේදුම් දියර වැනි භාවිතාවන් වල අන්තර්ගත ද්‍රව්‍ය ගැන සැලකිලිමත්වන්න. මෙවැනි නිෂ්පාදන බොහෝමයක සල්ෆේට් අඩංගු වේ. සල්ෆේට් නිසා සම වඩාත් වියළී යන අතර සම පීඩාවට පත්වී සමේ නම්‍යතාව අඩුවී යා හැකියි. බොහෝ වෙලාවක් තිස්සේ සම හිරු කිරණට සහ ක්ලෝරීන් මිශ්‍ර ජලයට නිරාවරණය වී තිබීම සමට දැඩි ලෙස හානි ඇතිවීමට හේතුවකි.

සම එල්ලා වැටීම වළක්වාගැනීමට නම් නිසි පරිදි සම සම්බාහනය කරමින් රුධිර සංසරණය ක්‍රමවත් කරගන්න, ස්ක්‍රබ් සත්කාර ලබාදෙමින් සමේ මැරුණු සෛල ඉවත්කරගන්න. දිනපතා සමට මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. භාවිතා කරන ක්‍රීම් හෝ ලෝෂන් වල කෝමාරිකා, විටමින් C, Eසහ E වැනි පෝෂක අඩංගු වේ නම් වඩාත් සුදුසුයි. ඒවා මඟින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සමේ කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය ඉහළ දමයි.

නිතරම සම පිරිසිදුව සහ තෙතමනයකින් යුතුව පවත්වාගන්න අමතක කරන්න එපා!