ඔබේ විවාහ දිවිය අසාර්ථක වනබවට හඟවන දේවල් 9 ක්

අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සදාකාලික ආදරයක් සහ ‍රැකවරණයක්. නමුත්, එවැනි සතුටින් පිරුණු ජීවිතයක් හැමෝටම ලැබෙනවා ද යන්න ගැටලු සහිතයි.තමන්ගේ විවාහය කවදා හෝ දික්කසාදයකින් කෙලවර වෙනවාට කවුද කැමති?  නමුත්, වර්තමාන ලෝකයේ වාර්තා වන බොහෝ සිද්ධි දෙස බලන විට පෙනෙන්නේ විවාහයන් වලට වඩා වැඩි ගුණයකින් ලොව දික්කසාද සිදුවීම් වාර්තා වන බවයි. මෙය එතරම් යහපත් තත්වයක් නම් නොවෙයි.

මේ සම්බන්ධව ලොව පුරා විවිධ පර්යේෂණ සහ අධ්‍යයනයන් පවා සිදුකර තිබෙනවා.මෙම විද්‍යාත්මක අධ්‍යනයන් හරහා ඉස්මතු කර ඇති විවිධ අදහස් කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ඔවුන් විසින් පෙන්වා දෙන ආකාරයට පුද්ගලයෙකුගේ විවාහ ජීවිතය සාර්ථක නොවන බව ඉඟි කරන ඔහුගේ/ඇයගේ ජීවිතයේ ඇතැම් ගුණාංග , දේවල් සහ සිදුවීම් තුලින් කල් තියා අනුමාන කල හැකි බවයි. ඔවුන්ගේ අදහසට අනුව පුද්ගලයෙකුගේ විවාහය වැඩි කල් පවතින එකක් නොවන බව ඉඟි කරන , පූර්ව නිමිති 9 ක් මෙසේයි.

01. කුඩා කල ඡායාරූප අතරින් බොහෝමයක ඔබ පෙනි සිටින්නේ සිනහමුසු මුහුණකින්ද යන වග

මනෝවිද්‍යාඥයින් පිරිසක් විසින් යම් පුද්ගලයෙකුගේ විවාහය දික්කසාදයක්  කෙලවර වේද යන වග ඔහුගේ/ඇයගේ කුඩා කල සහ තරුණ අවදියේ ඡායාරූප නිරීක්ෂණය කිරිම හරහා අනුමාන කල හැකිවේද යන්න අවබෝධ කරගැනීමේ උත්සාහයක් ලෙස ඔවුහු පර්යේෂණ මාලාවක් සිදුකර ඇත. එහි එක් අධ්‍යයනයකදී, ඡායාරූප ඇල්බමයක සිනාසී සිටින ඡායාරූප  1 සිට 10  දක්වා පරාසයකින් අගයන් ලබාදී තිබුණි. එහිදී මුහුණේ මාංශ පේශීන් වර්ග 2 ක් ඇදී තිබෙන ආකාරය මත පිහිටා නීරීක්ෂණයන් සිදුකර තිබුණි: කට ආශ්‍රිතව ඇති මාංශ පේශීය සහ ඇස් වටා ‍රැළි ඇතිවන මාංශ පේශියයි.

10 අගය ලැබූ සිනහ මුසු ඡායාරූප වල සිටි පුද්ගලයින් කිසිවෙකු දික්කසාද වූ අය නොවීය. 4 අගය ලබාසිටි බොහෝ දෙනා (සිනමුසු මුහුණින් නොසිටි) දික්කසාද වූ අය අතරට අයත් වූහ. එම අධ්‍යයනයේ නිගමනය වූයේ ඡායාරූප වලට රවාගෙන මෙන් පෙනී සිටින පුද්ගලයින් සිනාසි ඡායාරූපයට පෙනි සිටින අයට වඩා පස් ගුණයකින් දික්කසාදයකින් විවාහය කෙලවර වීමේ සම්භාවිතාව ඇති බවයි.

02. කටහඩේ ඇති චිත්තාවේගී ස්වරය (emotional tone)

computer algorithm ක්‍රමයට අනුව සහකරු සහ සහකාරිය අතර සංවාද ඇති වන විට ඒ හඬ අනුසාරයෙන් එම  විවාහයේ සාර්ථකත්වය ගැන 79% ක් නිරවද්‍යතාව සහිතව අනුමානයන් ඉදිරිපත් කල හැකි බවයි.විද්‍යාඥයින් විසින් මනෝවිඩහ්්‍යාඥ උපදෙස් ලැබීමට යොමුවී සිටීවැනි යුවල 100 කගේ සංවාද විශ්ලේෂණය කරමින් පස් අවුරුද්දක කාලයක් තිස්සේ  ඔවුන්ගේ  විවාහ ජීවිතය නිරික්ෂණයට ලක් කර තිබුණි.

එහිදි අනාවරණය වුණේ හඬේ තීව්‍රතාව, උච්ඡ ස්වරය, කලබලය සහ හඬේ අස්ථාවර බව නිසා ඔබ අපේක්ෂා කරන දෙයට හාත්පසින් වෙනස් ස්වරයෙන් සහ ප්‍රබල ලෙස ඔබේ හැඟීම ප්‍රකාශ වන බවයි. ඔබ පවසන දෙය පමණක් නොව ඔබ එය පවසන්නේ කෙසේද යන්නත් ඉතා වැදගත් බව විද්‍යාඥයින් පෙන්වා දෙති.

03. විරුද්ධ ලින්ගික මිතුරන් සිටීම

ඩෙන්මාර්කයේ පර්යේෂකයින් පිරිසක් විසින් තම අධ්‍යයනය හරහා පෙන්වා දී තිබුණේ  ‍රැකියා ස්ථානයේ විරුද්ධ ලිංගික සගයින් ඇසුරේ රාජකාරි කිරීමට සිදුවන පුද්ගලයින් දික්කසාද වීමේ සම්භාවිතාව 15% කින් පමණ වැඩි බවයි. මේ සඳහා ඔවුන් 1981-2002 දක්වා කාලය තුල විවාහ පත් වූ යුවල සියලු දෙනා තම අධ්‍යයනයට දායක කරගෙන තිබුණි. ඔවුන්ගේ දත්ත වලට අනුව ඒ වන විටත් පිරිස අතරින් 100,000 පමණ දෙනා දික්කසාද වී සිටි බවයි.

04. මවගේ ක්‍රියාකලාපයන්

දික්කසාද නඩු බොහෝ විට ගොනුකරන්නේ කාන්තාවන් විසිනි. ඇතැම් අධ්‍යයනයන් මඟින් පෙන්වා දෙන්නේ බොහෝ යුවලවල් තම දෙමාපියන්ගේ හැසිරීම් රටාවන් එලෙසින්ම අනුකරණය කරන බවයි, විශේෂයෙන්ම තම මවගේ. සමාජ විද්‍යාවේදීන් පිරිසක් පුද්ගලයින් 7000කගේ හැසිරීම් රටාවන් නිරික්ෂණය කරමින් පැමිණි නිගමනය වූයේ: මවක් විසින් නව පෙම් සබඳතාවක් ඇති කරගත් විට, ඇයගේ වැඩිහිටි දරුවන් පවා ඇය මෙන් හැසිරීමට යොමුවන බවයි.

05. ප්‍රශ්ණ පිලිබඳව නොසලකා හැරීම/ගණන් නොගැනීම

ජෝන් ගොට්මෑන් සඳහන් කරන ආකාරයට දික්කසාදයක් ඇතිවීමට බලපෑ හැකි පූර්ව නිමිති 4 කි: අවඥාවට ලක්කිරීම,  වින්දිතයාගේ තත්වය, විවේඡනය කිරීම් සහ ගැ‍ටුම් නොසලකා හැරීම යනු ඒවායි. ගැටලුකාරී යමක් ගැන කතාබහ කර විසඳාගැනීමට ඔබ උත්සාහ කලත් ඔබේ සහකරු/සහකාරිය ඊට සහය ලබානොදෙයි නම් එය සුදුසු තත්වයක් නොවේ. කතාබහ කිරීමේදි වාද කිරීම හෝ ගැ‍ටුම් ඇති කරගැනීම ද පිලිතුරක් නොවේ. තමන් ගැටලුවක් කතාබහ කර විසඳාගැනිමට උත්සාහ කල ද අනෙකා දිගින් දිගටම එය නොසලකා හරියි නම්. මග හරියි නම් ඊටත් වඩා ගැටලු විවාහ ජීවිතය තුල ඉදිරියේ පැන නැගීමට ඉඩකඩ බොහෝය.ඉන් සිදුවන්නේ දෙදෙනාම බලාපොරොත්තු සුන්වූ බවට පත් වෙමින් විවාහය දෙදරායාම ය.

06. ස්වාමිපුරුෂයා තම බිරිඳගේ මිතුරු මිතුරියන් කෙරෙහි දක්වන සෘණාත්මක ආකල්පය

විද්‍යාඥයින් පිරිසක් විසින් යුවල 373 කගේ යුග දිවිය පිලිබඳව විශ්ලේෂණයක් වසර 16 ක් මුලුල්ලේ සිදුකරන්නට වූහ. එහිදී අනාවරණය වූයේ ඉන් 46% ක් පමණ දෙනා තම 16 වන විවාහක වසරේ දික්කසාදයකට යොමු වී තිබුණු බවයි. ඒ අටහ්රින් බොහෝ දෙනාගේ විවාහයේ පළමු වසරේ සිටම තම බිරිඳගේ මිතුරන් කෙරෙහි සැමියා දක්වා තිබුණේ සෘණාත්මක ආකල්පයක් බව ද අනාවරණය වි තිබුණි.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මීට හේතුවන කරුණ නම් කාන්තාවන් සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් අතර ඇති වන්නේ චිත්තාවේගි, සමීපත්වය, සහයෝගය සහ දිගුකාලින සබඳතා යන පදනම් මත වීම නිසා බවත් පිරිමි පුද්ගලයින් අතර මිත්‍රත්වය ගොඩනැගෙන්නේ සහයෝගී ක්‍රියාකාරකම් මත වීමත් නිසා බවයි.

07. අලුත විවාහපත් යුවලක් එකිනෙකා කෙරෙහි අනවශ්‍ය ලෙස දක්වන ඇල්ම

ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ ටෙඩ්  හස්ටන් විසින් විවාහයෙන් 13 වන වසර ගත කරමින් සිටින් විවාහක වුවල 168 ක් අධ්‍යයනය කර තිබූ අතර ඔහු එහි ලද නිගමනය 2001 වසරේ Interpersonal Relations සහ Group Process Journal හි පළ කර තිබුණා.  මේ අය අතුරුන් වසර 7 කට හෝ ඊටත් පසුව දික්කසාද වී සිටි අය තවමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරමින් සිටින අයට වඩා ඔවුන්ගේ විවාහයෙන් මුල් වසර තුල ඉතා දැඩි බැඳියාවකින් සිට ඇති බව හඳුනාගත අහෙකි වි තිබේ.

අධික ප්‍රේමයකින් එකිනෙකා වෙත බැඳී සිටින පුද්ගලයින් හට කාලයත් සමඟ එම හැඟීම් සහ බැඳීම එම තීව්‍රතාවයෙන්ම පවත්වාගෙන යාම අපහසු වේ. බොහෝ විට ඔවුන් ඉන් විඩාවට පත් වෙති.

08. දුගීබව සහ වි‍රැකියාව

458100923

මූල්‍යමය වශයෙන් අස්ථාවර වීම සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට බාධාවකි. මෙය යුවලක් අතරේ ඇති බැඳියාවට විශාල බලපෑමක් ඇති කරනබව නොරහසකි.

09. ප‍ටු නිදන ඇඳක නිදාගැනීම

හොඳ ඉඩකඩ සහිත ඇඳක සුවපහසුව නින්දට යාම පුද්ගලයින්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට ඉතා වැදගත් වන පුරුද්දකි. වෙන් වෙන් ඇඳවල් වල නිදාගන්නා යුවල අතරින් 30-40% පමණ දෙනාට නින්ද ආශ්‍රිත ගැටලු ඇති වී තිබෙන බව විද්‍යාඥයින් දත්ත මඟින් හෙලිකර ඇත.