ඔබේ රුධිර වර්ගය අනුව ආහාර ගැනීම සඳහා උපදෙස්

අපි අද කතාකරන්නේ හදන්නේ ඔයාගේ blood type එකට හරියන විදියට ඔය කොහොමද diet කරන්නේ කියල. සාමාන්‍යයෙන් අපට අපගේ බ්ලඩ් ටයිප් එක බලාගන්න පුළුවන් වෛද්‍යවරයෙක් හමුවි හෝ ලේ පරික්ෂා කරන.

හරි අපි දැන් බලමු කොහොමද මේ blood type එකට අනුව ඔයා කන කෑම තීරණය කරන්නේ කියලා.

අපේ තියෙන කෑම ජිර්ණ පද්ධතියට අපේ අගේ තියෙන ලේ වර්ගය ගොඩක් බලපානවා කියල Dr. Peter J. D’Adamo 1996 දී පළකරපු පොතකින් අනවරනා කරලා තියෙනවා , ඉතින් ඒකට අනුව සෞඛ්‍ය සම්පන්න දිර්ගකාලින ජිවිතයකට අපේ blood type එකට අනුව අපි ආහාර තෝරාගෙන කෑවොත් ගොඩක් වැදගත් කියල මේ පොතේ සදහන් කරලා තියෙනවා, නමුත් මේක සියයට සීයක් වැඩකරනවා කියල තවම අපිට ඔප්පු කරලා නැ , එකට හේතුව මේක කාර්්‍යය හරිද වැරදිද කියල අධ්‍යයනයක් කරලා නැති එක .කෙසේ වෙතත් අප මෙම ලිපිය ඉදිරිපත් කරන්න තීරණය කලේ ඔබේ දැනුම උදේසාය

Type A

Type A ලේ තියෙන අයට කන්න හොදම කෑම කියල යෝජනා කරලා තියෙන්නේ පලතුරු, එළවලු හා ධාන්‍ය වර්ග. මෙතැනදී ඒ ගොල්ලෝ මේ වගේ යෝජනා කරන්න හිතුවෙලා තියෙන්නේ මේ වර්ගේ ලේ තියෙන අගේ බඩේ ජීර්ණය සදහා ඕනේ වෙන ඈසිඩ් එක ටිකක් අඩුවෙන් තියන එක, එක නිසා සත්ව ප්‍රෝටීන හා මේදය ජීර්ණය කරන්න අමාරු වෙන එක. ඒ වගේම මේ පලතුරු එළවලු ධාන්‍ය පුළුවන් තරම් ස්වබාවික විදියටම පරිබෝජනය කරන්න කියලත් යෝජනා කරල තියේ.

Type B

Type B වර්ගේ ලේ තියෙන අයට නම් ටිකක් හොදයි, මොකද ඒ ගොල්ලන්ව සර්වබක්ෂක විදියට හදුනාගන්න නිසා, හැබැයි ඉතින් ඒ ගොල්ලන්ට කුකුල්මස්, ඉරිගු,තිරිගු,තක්කාලි, රටකජු වගේ දේවල් වලින් නම් ආරක්ෂා වෙන්න ඕනේ, මොකද ඔයාලගේ බර වැඩිවීම, තෙහෙට්ටුව, ප්‍රතිශක්තිකරණ ගැටළු ඇතිවෙන්න පුළුවන්. එක නිසා මේ වගේ ආහාර ටිකක් අඩු කරලා කුකුල්මස් වෙනුවට බැටළු මස්, එළු මස්, හා මස් වගේ කන්න වෙනවා.

Type AB

Type AB – මෙ වර්ගේ නම් ටිකක් දුර්ලබ වගේම අලුතින් හදුනාගත්ත ලේ වර්ගයක්, AB type එක නම වගේම A වර්ගෙයි B වර්ගෙයි එකතුවෙලා තමයි හැදිලා තියෙන්නේ. එක නිසා මේ වර්ග දෙකේම සංකලනයක් විදියට මේක හදුනාගන්න පුළුවන්. මෙක A Type එකේ වගේ බඩේ ජීර්ණය සදහා ඕනේ ඇසිට් මට්ටම ටිකක් අඩුයි, හැබැයි ඉතින් type B එක වගේ මස් වර්ග කන්න පුළුවන් හැකියාවත් තියෙනවා. මේ ලේ වර්ගේ තියෙන අයට දෙන්න පුළුවන් උපදේශයක් තමයි කම කනකොට ටිකක් අඩු ප්‍රමාණයක් එක පාරකට ගන්න එක , එහෙම උනාම ඔයාලට ජීර්ණය සම්බන්ද ගැටළු ටිකක මගහරවාගන්න පුළුවන්.

Type O

Type O , මෙන්න මේ වර්ගේ තියෙන අය නම් අනික් වර්ග දෙකටම වඩා හොදට කන්න පුළුවන් , මොකද මේ වර්ග තියෙන අයගේ ජීර්ණය සදහා ඕනේ කරන ඇසිට් හොදටම තියනවා වගේම සන්තුන්ගේ මස් වර්ග වගේම තෙල් හොදට ජීර්ණය කරන්න පුළුවන් පද්දීඅතියක් ඒ අයගේ ඇගේ තියෙනවා , ඉතින් මෙගොල්ලනට අනික් වර්ග දෙකටම වඩා හොදට පලතුරු, මාළු,මස්, එළවලු අහරයට ගන්න පුළුවන්.ඒවගේම මතක තියාගන්න ඕනේ දේ තමයි බෝංචි, ධාන්‍ය හා රනිල කුලයට අයත් අහාර වලින් ඉක්මනින්ම මේදය තැම්පත් වෙන්න පුළුවන් කියන එක,එක නිසා ඒ වර්ගවලට අයත් ආහාර ගන්න එක අඩුකරනවා නම් තමයි හොද.

ඒ කොහොම උනත් මේ පොතට අනුව මේ දේවල් නිවැරදි වෙන්න පුළුවන් , ඒවගේම මේ වගේ හොද diet plan එකක් කරන මේ වර්ගවල ලේ තියන ඕනෙම කෙන්ක්ට හොද ප්‍රතිපල ගන්නත් පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි , ඔයාල කරන ව්‍යායාම ගොදක්දුරට මේවගේ ප්‍රතිඵල වැඩිකරන්න වගේම ඔයාලට හොද සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජිවිතයක් ලගකරලා දෙනවා.

ඔයාලට පුළුවන් ඔයාලගේ diet plan එක කරන්න බලපොරොත්තුවෙනවානම් හරි එහෙම නැත්නම් දැනටමත් මේක උත්සහ කරලා තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න