ඔබේ නිවස හොරුන්ගෙන් බේරගන්න මේ දේවල් කරන්න

‘සොරුන් විසින් හොරකම් කිරීමට ස්ථාන තීරණය කරන්නේ කොහොමද, ඔවුන් වටිනා කියන දේවල් සඟවා ඇතැයි සිතමින් සොයාබලන තැන් මොනවාද කියා’ කලින් හොරකමේ ගියපු කෙනෙක් අන්තර්ජාලයේ පළ කර තිබුණා. ඔහු අපේ රටේ කෙනෙක් නම් නෙවෙයි. කොහොම වුණත් මේ පුද්ගලයා උත්සාහ කර තිබුණේ ඔහු දන්නා කියන දේවල් වගේම ඔහුගේ අත්දැකීම් අනුව නිවාසක් ආරක්ෂා කල යුතු හරිම ක්‍රමය ගැන දැනුමක් ලබාදීමටයි. ඔහු පවසන දේවල් වලට අනුව නම් මෙතෙක් කලක් අපි භාවිතා කර ඇති ක්‍රම වලින් ප්‍රයෝජනයක් නොමැති තරම් කියායි සිතෙන්නේ.මේ පුද්ගලයා එහි සටහන් කර තිබූ ,ඔබේ නිවසේ ඇති කරගත යුතු ආරක්ෂක විධිවිධාන කිහිපයක් පහළින් දැක්වෙනවා. මේ ටික කියවද්දි අදම ඔබේ නිවසේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා කියා ඔබටම සිතේවි.

‘Double windows’ වඩාත් ආරක්ෂාකාරියි

සාමාන්‍ය ජනේල එක් පහරකින්ම පහසුවෙන් බිඳදැමිය හැකියි. ලැමිනේටඩ් ක්‍රමයෙන් එන double windows වර්ගයේ ජනේල වල ස්ථර දෙක මැද කොටසේ ඇත්තේ ප්ලාස්ටික් ය.මේ හේතුව නිසා සොරුන් හට ඒවා පහසුවෙන් බිඳිමට නොහැකි වේ.

උස වැටවල් සකස් කරන්න එපා

උස තාප්ප/වැට සහ උස පඳුරු වැනි දේ සොරු හට ඉතා ප්‍රයෝජනවත් සැකසුම් වේ. මේවා තිබෙන විට සොරුන් නිවසට ඇතුලු වන තුරු නිවැසියන්ට සොයාගත නොහැකිය (මුවා වීමට ඇති හැකියාව නිසා).කුඩා වැටක් සහ සැඑරසිලි නොමැති කුඩා පඳුරු සහිත නිවසක් සොරුන්ගෙන් හානියට ලක්වනවා ඉතා අඩු බව පැවසෙයි.

නිවසේ ආරක්ෂාවට ඇතිකරන බල්ලන්ගෙන් නිවස 100% ආරක්ෂා වන බව සිතන්න එපා

බල්ලන් යනු ඉක්මනින් හීලා කරගත හැකි සත්වයින් පිරිසක්. විශේෂයෙන්ම සොරෙක් එක්තරා නිවසක් ඉලක්ක කරමින් දින ගණනාවක් තිස්සේ මාන බලමින් සිටින විට කාලයත් සමඟ බල්ලන්ව මිතුරු කරගැනීමට පෙලඹෙන අය සිටිති. එමෙන්ම බල්ලන් ද ඔවුන් හට අවනත වීම සිදුවිය හැකියි. (නිවස ආරක්ෂා කිරීම වෙනුවෙන්ම පුහුණු කල බල්ලන් සම්බන්ධයෙන් මෙය ඇතැම් විට වෙනස් විය හැකියි) නිවසේ ආරක්ෂාවට බල්ලන් ඇති කිරීමෙදි කුඩා ශරීර ප්‍රමාණයේ බල්ලන් (smaller breed) ඇතිකරන්න. ඔවුන් වැඩියෙන් හා ඉතා උස් හඬින් බුරති.

බල්ලන් ගැන අනතුරු ඇඟවීම් සංඥා එල්ලා නොතබන්න.

 මෙවැනි සංඥා පුවරු වලින්  සොරු වැළැක්විය නොහැකියි. මෙමඟින් ඔබ කියාපාන්නේ එවැනි පුද්ගලයින් හට මුහුණ දීමට සිදුවිය හැකි සහ සූදානම් විය යුතු දේවල් කල් තියා පැවසීමයි.

නිවසේ රහස් ස්ථාන වලත් දූවිලි පිසදමමින් පිරිසිදුව තබන්න.

දුහුවිලි සහ අපිරිසිදු අඩි මාර්ග ඔස්සේ නිවස අවට වැඩිය නොගැවසෙන ස්ථාන පහසුවෙන් සොයාගැනීමට සොරුන්ට හැකිය. නිවස ඇතුලත පවා ඇති රහස් කුටි හෝ ගබඩා කාමර වැනි ස්ථාන පිරිසිදු කර තබන්න.

දොරට එරෙහිව කොස්සක් හරස් කරන්න

ඔබේ නිවසට යම් අයෙකු රාත්‍රියේ ඇතුලු වේ දැයි දැනගැනීමට යම් උපක්‍රමයක් භාවිතා කල හැකියි. ඒ සඳහා දොරට කොස්සක් හෝ මොප් එකක් හේත්තු කරන්න. එවිට කවුරුන් හෝ දොර විවෘත කරන්න උත්සාහ කලොත් කොස්ස හෝ මොප් එක බිමට වැටෙන ශබ්දයෙන් ඔබට එය පහසුවෙන් හඳුනාගත හැකිවේවි.මේ සඳහා වෙනත් ශබ්ද නගන උපකරණයක් දොරේ එල්ලා තබන්නත් ඔබට පුලුවන් (උදා:ඇලුමිනියම් කෝප්පයක් වැනි).

ඔබට වැදගත් සැලසුම්, සිදුවීම් සහ දින සටහන් කර ඇති කැලැන්ඩර් ජනෙල් අසල ප්‍රදර්ශණය වන සේ නොතැබිය යුතුයි.

මින් ඔබේ සැලසුම් ඔබටත් නොදැනි වෙනත් අය දැනගැනීමේ සම්භාවිතාව වැඩියි. සොර සතුරන් හට ඔබේ නිවස මංකොල්ල කෑමට හැකි හොඳම අවස්ථාව වන්නේ ඔබ නිවසේ නොමැති කාලයයි (උදා: ඔබ දිග නිවාඩුවකට පිට ප්‍රදේශයකට ගමන් කිරීම වැනි අවස්ථා). ඔබ නිවසේ නොමැති බව දැනගත හැකි තවත් කූට උපක්‍රමයක් ලෙස ඔවුන් භාවිතා කරන්නේ ඔබේ තැපැල් පෙට්ටිය සොරෙන් පරික්ෂා කිරීමයි. එය පිරී ඇත්නම් ඔබ නිවසේ නොමැතිබව ඔවුන් දැනගනිති.

ඔබේ නිවසේ ජනෙල් තිර රෙදි විවෘතව තබන්න

අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට උත්සහ කරමින් ජනෙල් තිර රෙදි වසා තැබීම සොර සතුරන් හට වාසියක් විය හැකියි. උදාහරණයක් ලෙස: මෙසේ ජනෙල් රෙදි වසා තිබෙන විට ඔබ නිවසේඅ නොමැති අතරේ එහි සොරකමක් සිදුවන බව අසල්වැසියන්ගේ අවධානයට හෝ ලක් වීම ඉන් වැළැක්වෙයි. එය ඔබට අවාසියක්. එබැවින් ඔබ නිවසේ නො‍රැ‍ඳෙන විට ජනෙල් තිර විවෘතව තබන්න.

Blinds උඩු අතට යන්තමින් ඇල කර තබන්න.

ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත හැකි තවත් ක්‍රමයක් තමයි ජනේල සඳහා blinds භාවිතා කිරීම. නමුත්, එතුලින් නිවස ඇතුලත දෙස එබි බැලීමට ඇතැම් අය උත්සාහ කල හැකියි. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට blinds උඩු අතට මුහුණලා තිබෙන සේ වෙනස් කරන්න. එමඟින් ඔබේ නිවස තුල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින්, නිවසට හොඳ ආලෝකයක් ලබාගැනීමටත් හැකි වගේම කිසිවෙකුටත් නිවසට එබිකම් කර බැලීමේ හැකියාව නොලැබී යයි.

නිවසේ ලොක් එක strike plate එකක් ලෙස වෙනස් කරන්න.

මේවා දැරිය හැකි මිලකට ලබාගත හැකි නිසා ඔබේ නිවසේ ඉදිරිපස සහ පි‍ටුපස දොර‍ටු වලට මේවා සවිකරගන්න. මෙවැනි ලොක් වර්ග දිගුකාලයක් භාවිතා කල හැකියි වගේම පහසුවෙන් බිඳීය නොහැකි වීම ද වාසියකි.

ආරක්ෂක කැමරා පද්ධති සවිකරන විට ඇස් මට්ටමට සවිකරන්න.

ආරක්ෂක කැමරා පද්ධති කිහිපයක්ම නිවස වටා සවිකරන්න. ඒවා ඇස් මට්ටමට සවිකරන්න. මේ හරහා සොරුන්ගේ මුහුණ පැහැදිලිව හසුකරගනිමින් පටිගත වීම සිදුවේ.

ඔබේ මෝටර් රථය තුල ගරාජයේ යතුරු තබන්න එපා.

පහසුවෙන් ඇතුල් විය හැකි තවත් ක්‍රමයක් ලෙස ගරාජය හරහා නිවසට ඇතුල් වීම සොර සතුරන් සිදුකරති.විශේෂයෙන්ම එහි යතුරු මෝටර් රථය තුල තබා නොයෑම නුවණට හුරුයි. මෝටර් රථයක් බිඳ ඇතුල් වීම ඉතා පහසු බැවින් ඔවුන්ට ගරාජයේ යතුර ලබාගැනීම අපහසු කාර්යක් නොවෙයි.

සාද වල සැරසිලි කටයුතු පිටතට නොපෙනෙන ඉසව් වල සිදුකරන්න.

මෙවැනි අවස්ථා සොරසතුරන් හට ඔබේ නිවසට පහසුවෙන් ඇතුලු වීමට ඇති අවස්ථා ය. එබැවින් නිවස පිටත සැරසිලි සිදුකිරීමට වඩා ඇතුලත සැරසීම වඩාත් නුවණට හුරුය.

කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු නිවස ඇතුලතම තබන්න.

කුඩා දරුවන්ගේ ඇතැම් මිල අධික සෙල්ලම් බඩු නිතර එලිමහනේ දකින විට ඔබේ නිවසේ වටිනාකියන දේ තිබෙන බව සොරුන් හට හැ‍ඟෙන්නට පුලුවන්.

ස්වයංක්‍රීය ආලෝක පද්ධති භාවිතය

‘Automated light system’ එකක් නිවසේ ඇත්නම් ඒ යටතේ දිනපතා නිවසේ සියලු විදුලි බුබුල් එකම වේලාවක දැල්වෙන සේ ඇති සැකසුම් වෙනස්කරන්න. එම සැකැස්ම ‘random’ ලෙස වෙනස්කරගන්න. මෙම ආලෝක පද්ධති ගැන බොහෝ සොරුන් හොඳින් දැනුවත් බවත් ඒවා දැල්වෙන හා නිවී යන වේලාවන් කෙරෙහි පරික්ෂාවෙන් පසුවන බවත් ඔහු දක්වා සිටියි.

බෝනස්:

  • දහවල් කාලයේ ආරක්ෂාව ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වන්න.

සොරකම් වැඩි වශයෙන් සිදුවීමේ සම්භාවිතාව ඇත්තේ දහවල් කාලයේය. විශේෂයෙන්ම මිනිසුන් නිවසේ නො‍රැඳී පිටත කටයුතු වලට ගොස් සිටියදි හෝ ‍රැකියාවලට ගොස් සිටින අතරතුරේදි. රාත්‍රි කාලයේදි නිවෙස් වල සියලු දෙනා සිටීමත්, කුඩා හඬටත් නිවැසියන් අවදි වීමේ අවදානම ඇති නිසාත් මෙන්ම රාත්‍රි කාලයේදි පහසුවෙන් ඔවුන්ව හසුකරගැනීමේ හා හඳුනාගැනීමේ හැකියාව ඇති බව දන්නා නිසාත් සොරකමේ යාමට ඔවුන් වැඩි වශයෙන් ‍තෝරාගන්නේ දහවල් කාලයේ නිවෙස් වල කිසිවෙකු නො‍රැ‍ඳෙන කාල සීමාවන්ය.