ඔබේ නිවසේ විදුලි කාන්දුවක් ඇති බව පෙන්වන ඉඟි 6 ක්.

පර්යේෂණ වලින් හෙලිවී ඇති ආකාරයට බොහෝ නිවාස විදුලි සැර වැදිම් හා ගිණී ගැනිම් අනතුරු වලින් ආරක්ෂා වන සේ නිර්දේෂිත විධිවිධාන වලට අනුකූලව නිවැරදි සකස් කර නොමැති බව කියවේ. හරියාකාර දැනුමකින් හෝ මෙහෙයවීමකින් තොරව විදුලි ‍රැහැන් ඇද තිබීම හා විදුලි සවිකිරීම් සිදුකිරීම එයට හේතු සේ ඔවුන් දක්වයි. කුඩා දරුවන් සිටින නිවසක එවැනි විදුලි දෝෂ සහිත වීම වඩාත් භයානක විය හැකියි.කුමක් හෝ අනතුරක් වීමට පෙර හොඳ අවධානයකින් සිටීමෙන් එවැනි අවදානම් පිලිබඳව යම් යම් ඉඟි හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. එය අපට බොහෝ වාසියක් වෙනවා. ඔබේ නිවසේ තිබියහැකි අවධානම් දේවල් ගැන ලැයිස්තුවක් අපි ඔබට ඉදිරිපත් කරන්න හිතුවා. මේ වගෙන් එකක් හෝ ඔබේ නිවසෙත් දැකගන්න තිබෙනවානම් වහාම එය පිලිසකර කරන්න කියලා අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා.

1. ඇල්ලිය නොහැකි තරමට ස්විචය (වහරුව) රත් වීම.

බාවිතයේදී ඇතැම් උපාංග රත් වීම සාමාන්‍ය සිදුවීමකි. නමුත්, ඒ සමඟම ස්විචයත් රත් වීම නම් යහපත් සංඥාවක් නෙවෙයි. පේනුව හෝ ස්විචය ලිහිල්ව පවතීනම් විදුලි උපකරණයට වැඩියෙන් විදුලිය ගමන් කලයුතු වේ. එසේ ගමන් කරන වැඩි විදුලිය තාපය බවට පරිවර්තනය වී ඉවත්වී යයි ඔබේ නිවසේත් මෙසේ සිදුවනවා නම් වයරය ස්විචයෙන් ඉවත් කර නැවත මාරු කර සකස් කරන තෙක් ස්විචයට විදුලි උපාංග සම්බන්ධ නොකරන්න.

2. විදුලි බල්බ නිවි නිවී දැල්වීම.

හොල්මන් චිත්‍රපටි වල වගේ ඔබේ නිවසේත් බල්බ නිවි නිවී දැල් වෙනවාද? නිවි නිවී විදුලි බල්බ දැල්වීමට පටන්ගැනීම ලිහිල් වු විදුලි සම්බන්ධතාවයක් ගැන සංඥා කිරීමක් ලෙස කියන්න පුලුවන් (loose electrical connection). ගැටලුව කොහේදැයි සෙවීමට, නිවසේ බල්බ කීයක් මෙසේ නිවි නිවි දැල්වෙනවාදැයි පරීක්ෂා කර බලන්න. එසේ හමු වූයේ එක් බල්බයක් පමණයි නම් දෝෂය ඇත්තේ වයර් ඇද තිබෙන ආකාරයේයි. නමුත්, විදුලි බල්බ ඊට වඩා වැඩි ගණනක් තිබේ නම් , ගැටලුව තිබෙන්නේ ඔබේ පරිපථයේ (Circuit) විය හැකියි. ඒ නිසා ඔබ නිවසේ ඇති breaker box එක හෝ නිවසින් පිටත සවි කර තිබෙන Service drop එක පරීක්ෂාකල යුතුවනවා.

3. ස්විචය බිත්තියට හොඳින් සවිවී නොතිබීම.

ලිහිල් වූ ස්විචයක් නිවසේ තිබීම ඉතා අනතුරු දායකයි. බිත්තියට තදින් සවි වී නොමැති විට බිත්ති තුලින් වයර් පිටතට පැනීම, කුඩා විදුලි පුපුරු ඇතිවීම, පරිපථ දෝශ හට ගැනිම වගේම ගිණි ගැනීම් ද ඇති වීමට ඉඩකඩ තිබිය හැකියි.

4. ඔබේ නිවසේ මීයන් බහුල නම්,

ප්‍රමාණයෙන් කුඩා වුණත් මීයන්ට මිනිසුන් බියක් දක්වනවා. ඔබත් නිවසේ ඇති විදුලි ‍රැහැන් නැතිනම් වයර් ගැන් සැලකිලිමත් නම් ඔබ අනිවාරයෙන්ම මීයන්ට බියවිය යුතුමයි. මීයන් ඔබේ විදුලි පරිපථ හා වයර් සපා තිබී ,ඔබ නොදැනුවත්ව ඒවා ඇල්ලිමට යාමෙන් ඔබට විදුලි සැර වැදීම හෝ ගිණි පුපුරුවලින් අනතුරු ඇති විමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි.

5. ඇලුමිනියම් වලින් තැනූ වයර්

අතීතයේදි වයර් සෑදීම සඳහා බාවිත කර ඇත්තේ ඇලුමිනියම්ය. ඊට හේතුව නම් 60′ දශකයයේ දි තඹ වල ඇති වූ හිඟයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකල සමීක්ෂණයකින් අනාවරණය වූයේ එලෙස ඇලුමිනියම් වයර් වලින් ‍රැහැන් ඇද තිබු නිවාස ‍රැසක් ගිණි අනතුරු වලට ලක් වී තිබෙන බවයි. ස්විචයට, විදුලි බල්බය සවිකරන holder වලට වයරය සම්බන්ධ කල විට ඇලුමිනියම් ඔක්සීකරණයට ලක් වීම නිසා ඒවා අධික ලෙස තාපවත් වෙනවා. එම නිසා අධි විදුලි ධාරාවක් ඇති වූ විට ගිණි අනතුරු ඇති වීම සිදු වෙනවා.

6. පිලිස්සෙන ගඳක් දැනීම

පිලිස්සෙන ගඳක් වහනය වෙනවානම් ඒක බලාගෙන ඉන්න තරම් හොඳ දෙයක් නෙවෙයි. පිටත ඇති ප්ලාස්ටික් ආවරණය දිය වන තරමට වයරයක් කිසිදාක රත් නොවිය යුතුයි. නමුත් එසේ වී තිබෙනවානම් ඔබ වහාම ඊට ක්රිදයාමාර්ගයක් ගනිමින් ගිණි අනතුරු ඇතිවීම වළක්වගැනීමට කටයුතු කලයුතු වෙනවා.

මෙවැනි විදුලි දෝෂ ඔබේ නිවසේත් තිබේ දැයි හොඳින් පරීක්ෂා කර බලන්න.