ඔබේ නිවසේ වාතාශ්‍රය සිසිල් කරගන්න මෙම ශාක වර්ග 10 නිවසතුල තබන්න

නිවසේ ඇතුලත තබා ඇති විසිතුරු පැළ වර්ග වලින් ඔබේ නිවසේ වාතාශ්‍රය සිසිල් කරවමින් වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනු ලබයි. එමඟින් වාතයේ තෙතමනය ස්ථාවර කරවමින් හොඳ ඔක්සිජන් සැපයුමක් ලබාදේ. නිවසේ ප්‍රසන්න බව වැඩිකරවන අතරේ නිවැසියන් වඩාත් නැවුම්ව සහා සැහැල්ලුවෙන් තැබීමට උපකාරී වන ආකාරයේ හිතකර දේශගුණයක් නිවස තුල නිර්මාණය කිරීම සඳහා මෙම විසිතුරු ශාක වලට අරුම පුදුම හැකියාවක් ඇත. එවැනි විසිතුරු ශාක වර්ග කිහිපයක් ගැන තොරතුරු පහත දැක්වේ.

වාතාශ්‍රයේ ඇති අමතර තෙතමනය උරාගැනීම සිදුකරන ශාක වර්ග 5 ක්.

• ස්පැති‍ෆිලම්- Spathiphyllum

ඇතැම් අවස්ථාවලදී කාන්තාවන්ගේ සතුට (‘women’s happiness’) යන අන්වර්ථ නාමයෙන් ද මෙම ශාකය හඳුන්වනු ලබයි. ඊට හේතුවි ඇත්තේ මෙම ශාකය නිවසක තැබීමෙන් නිවස්ට සතුට හා ආදරය ගලා එන බවට විශ්වාසයක් ඇති බැවිනි. ස්පැති‍ෆිලම් ශාකය අමතර තෙතමනය උරාගනිමින් නිවසේ වාතාවරණය සාමාන්‍ය අතට පත් කරවයි. එනමුත් බීජාණි විනාශ වී යා හැකි බැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ක පවත්වාගැනීම ඉතා හිතකර වනු ඇත.

• කෝපි

බොහෝ දෙනෙකු Arabic හෝ Congolese වර්ගයේ කෝපි පඳුරු වැවීම සිදුකරති. ඒවායෙන් Arabica සහා Robusta වැනි වර්ග වල කෝපි ලබා ගත හැකියි. මෙම ශාක වර්ග වර්ධනය වී වසර 5 වන හෝ 6 වන අවුරුද්ද වන විට ඵලදාව ලබාදේ. එනිසා, හැකිතාක් හොඳින් වර්ධනය වූ කෝපි පඳුරු සි‍ටුවීම සුදුසු වේවි. මෙම ශාකය සඳහා හොඳින් ජලය යෙදීමත් යම් සෙවණක් ලබා දීමත් ඉතා වැදගත් වේ. මෙම පඳුරු මඟින් වාතයේ ඇති අමතර ජල අංශු උරාගනියි. මල් හටගන්න සමයේදි මෙම ශාකයෙන් ඉතා මිහිරි සුගන්ධයක් හමයි.

• මරඳ Myrtus

මරඳ. ශාකය යනු සාමයේ සහා තෘප්තිමත් බවේ සංකේතයක් ලෙස භාවිතා වෙන්නකි. මෙම ශාකය වැඩිහිටියන් හට ඔවුන්ගේ වැය වූ තරුන්‍යය නැවත ලබා දෙන මෙන්ම සංචාරකයින් හට අවශ්‍ය ශක්තිය සහා ප්‍රාණවත් භාවයක් ලබා දෙන ශුද්ධ වූ ශාකයක් බව අතීතයේ විසූ මිනිසුන් අතර පැවති විශ්වාසයක් විය. අදටත් එහි ප්‍රයෝජනවත් ලක්ෂණ ‍රැසක් ඇති බව පැවසිය හැකියි. මෙම ශාකය මඟින් ඔබේ නිවසේ හිතකර දේශගුණයක් ඇතිකරනවා මෙන්ම ඔබේ ශරීර සෞඛ්‍යට ද ඉතා හිතකර බලපෑම් ඇති කරවනු ලබයි. මෙම ශාකයේ පත්‍ර සහා මල් වලින් වලින් නිකුත් කරනු ලබන ‘ෆිටොන්සයිඩ’ නම් සංඝටක මඟින් වාතාශ්රශයේ ‍රැඳී සිටින ක්ෂුද්රම ජීවින් විනාශ කර දමනු ලබයි.

• ලෝරස් නොබිලිස් Lauras nobilis

මෙම ශාකය තේජස් බව, ජයග්‍රහණය සහා උත්තරීතරබව යන්න සංකේතවත් කරන බව මතයක් ඇත. මෙම ශාකය උප නිවර්තන කලාපීය ප්‍රදේශවලට ආවේණික වූ ශාකයකි. එබැවින් මෙම ශාකයට හොඳ තෙතමනයක්. සෙවණක් සහා උණුසුම් ජලය (සාමාන්‍ය ප්‍රමාණයකින්) යන සත්කාර ලබාදීමට සිදුවේ. මෙම ශාකය මඟින් නිවසේ වාතාශ්‍රය සමබර කරමින් අමතර ජල අංශු උරාගනියි. මේවායේ පත්‍ර වියළා ආහාර පිසීමේදී යොදාගැනෙන බව ද පැවසේ.

• ලෙමන්

ලෙමන් ගසේ මල් හටගන්නා සමයේදී ඉන් හොඳ සිට්රීස් සුගන්ධයක් වානය කෙරේ. එමෙන්ම වාතයේ ඇති අතිරේක ජල අංශු උරාගැනීමේ විශ්මිත හැකියාවත් මේ ලෙමන් ගසේ අඩංගුව පවතියි. එහි ඇති පත්රේ මඟින් අවකාශය විෂබීජ හරණයට ලක් කරවන රෝග නාශක ද්‍රව්‍යන් නිකුත් කරයි. ලෙමන් ගස හිරු එළියට වැටෙන ස්ථානයක තැබිමෙන්, නිතිපතා ජලය දැමීමෙන් සහා වියළි පසක සි‍ටුවීමෙන් හොඳින් වැඩෙනු ඇත.

වාතාශ්‍ර වියළි බව නැති කරමින් තෙතමනය වැඩි කරන ශාක වර්ග 5 ක්.

• සයිප්ර්ස් Chamaecyparis

ජපානයේ මේවා ශුද්ධ වූ ශාක වර්ගයක් ලෙස හැඳින්වේ. මියගිය අයගේ ආත්මයන් සහා දෙවිවරුන් වැඩ සිටින ශාකයක් ලෙස කැමැසිපැරිස් ශාකය කෙරෙහි එරට ජනයා තුල යම් විශ්වාසයක් නිර්මාණය වී ඇත. මෙම සදාහරිත ශාකය ඔබේ නිවසේ තෙතමනය ඇති කරවන අතර දූවිලි ඉවත්කිරීමටද උපකාරී වේ. මිග්‍රේන් සහා හිසරද තත්වයන් සමනය කිරීමටද මෙම ශාකය දායක වේ. මේ ශාක වර්ගය සඳහා හොඳින් සෙවණත් ජලයත් ලබාදිය යුතු වේ.

• සැන්සෙවියේරියා sansevieria

මෙම ශාකය මඟින් වාතය නැවුම් කරවමින් ඔක්සිජන් විශාල ප්‍රමාණයක් වාතාශ්‍රයට මුදාහරියි. එමෙන්ම, කෘතිම අමුද්‍රව්‍යය මඟින් නිකුත් වන හිතකර දුමාරයන් බල රහිත කරවයි. මෙය විශ්මිත කාර්යන් ‍රැසක් සිදුකරනු ලබන ශාකයක් ලෙස හැඳින්වීමට හේතුව මෙම ප්‍රයෝජන කිහිපය තුලින්ම අවබෝධ කරගත හැක. මෙම ශාක වර්ගය නඩත්තු කිරීමද ඉතා පහසුය. ඊට හේතුව වන්නේ මෙම ශාකය තම පත්‍ර වල තෙතමනය හොඳින් ගබඩා කර ගෙන සිටීමයි. එබැවින් මේ පැළ වර්ග සඳහා නිරතුරුවම ජලය දැමීමට අවශ්යි වන්නේ නැත. ඔබේ නිවසේ ඕනෑම තැනක මෙය පාඩුවේ වර්ධනය වේවි.

• ‍ෆිකස් Ficus

වඩාත්ම ජනප්‍රිය ගෘහ විසිතුරු ශාක වර්ගය ලෙසයි මෙම ශාකය හැඳින්වෙන්නේ. මෙම ශාකය මඟින් වාතයේ තෙතමනය ඇතිකරවමින්, හොඳ ඔක්සිජන් සැපයුමක් ලබාදෙමින් වාතයේ තිබෙන විෂ සහා වෛරසයන් වැනි ක්ෂුධ්‍ර, ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය බලරහිත කරවයි. විශාල ඉඩකඩක් ඇති නිවෙස් තුල මේවා හොඳින් වැඩෙයි. මේවාට හොඳ සෙවණක් ලැබීමත් ඉතා අවශ්යක වේ.මෙම ශාක වර්ගය අඩු නඩත්තුවකින් වේගයෙන් වර්ධනය වන ශාකයකි.

• සිසස් Cissus

මෙය කෝවක්කා කොළ (ivy) ශාකයට සමානව ඉතා වේගයෙන් යම් ආධාරකයක් වටා එතෙමින් හිරු එළිය තිබෙන දෙසට වර්ධනය වන ශාකයකි.එය ඉතා පහසුවෙන් වියළි වාතාශ්ර යකට අනුගත වී ක්‍රමානුකූලව එහි තෙතමනය වැඩි කරවයි. මේවාට හෙවණ හෝ නිතිපතා ජලය දැමීමට අවශ්යග නැත.

• අක්කපාන Kalanchoe

මෙම ශාක වර්ගයේ ප්‍රභේද කිසිවක් එකිනෙකට සමානකමක් නොදක්වයි. මෙය මැඩගස්කරයට ආවේණික ශාක විශේෂයකි. මෙය වඩාත් ගැලපෙන්නේ වියළි පරිසරයන් වල පිහිටි ගොඩනැගිලි සඳහාය. එහි පත්‍ර වල තෙතමනය රඳවා තබාගනිමින් වාතාශ්‍රයේ තෙතමනය ක්‍රමවත් කිරීමට උපකාර කරයි. මෙම පැළ වර්ග සඳහා වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක මෙම ශාක බඳුන් තැන්පත් කරන්න.