ඔබේ නිවසෙත් මේ දේවල් 10 තිබෙනවානම් දැන්ම ඒවා ඉවත් කරන්න

නිවස සාමකාමී බවින් පිරුණු තැනක් ලෙස ඔබට හැඟුණත් එහි අභ්‍යන්තරික ලක්ෂණ සහ ඔබේ දෛනික ජීවන රටාවේ ඇතැම් පුරුදු ඔබේ මනස වියවුල් නොසන්සුන්කාරී බවට පත්වීමට බලපාන බව පැවසේ. ඔබේ මනසේ ශාන්තභාවයට පීඩා ඇතිකිරීමට බලපාන ඔබේ නිවසේම සැඟවුණු හේතු කාරණා 10 ක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. බැලූ බැල්මට මේවායින් ඔබට කැපී පෙනෙන හානියක් නැති බව සිතුනත් ඒවා ඔබට බලපාන්නේ ඔබ නොසිතන තරම් මන්දගාමි වේගයකින් හා ක්‍රම ක්‍රමයෙන් වීම විශේෂත්වයකි

එලාර්ම් නාදයට අවදිවීම

එක්වරම ඇසෙන ශබ්දයට අවදිවීම නිසා උදෑසනින්ම ඔබේ සිරුරේ ඇඩ්‍රිනලින් ඉහළ මට්ටමකින් නිෂ්පාදනය වීමට පටන්ගනියි. මෙය දිනපතා සිදුවීමත් සමඟ ක්‍රමයෙන් කාංසාව වැනි පීඩාකාරි මානසික තත්වයන් වර්ධනය විමේ අවදානමක් ඇත. හඬට සාපේක්ෂව ආලෝකයට අවදිවීම වඩාත් සිරුරට හිතකර ක්‍රමයකි. වර්තමානයේ වෙළඳපොලේ හඬ අක්‍රීය කල හැකි දිවා ආලෝකයට සමාන ආලෝකයක් විහිදුවන එලාර්ම් ඔරලෝසු වර්ග මිලදී ගැනීමට ඇත.

නිදන කාමරයේ බර මනින උපකරණයක් තබා තිබීම

කාමරයේ ඇති බර මිනුම් උපකරණය දකින වාරයක් පාසා ඇතිවන භිතිකාව ‘gravitophobia’ යන නමින් හැඳින්වේ.  එය දිනපතා දර්ශණය වන විට , එය භාවිතය ඇබ්බැහි වීමකට පරිවර්තනය විය හැකියි. එහි අර්ථය නම් භාවිතා කරන්නා හට නිරතුරුවම තම බර මැනගැනීමට අවශ්‍ය වීමයි. ක්‍රමයෙන් මෙය මානසික වශයෙන් දැඩි අප්‍රසන්න ආතතීය හැඟීමක් බවට පත් වේ. සිත සන්සුන් කරගැනීමට උපකරණය ඔබ නොදැනුවත්ව යම් කෙනෙකුට සඟවන ලෙස හෝ සතියකට හෝ මසකට වරක් පමණක් බර මනින බව අදිටනින් යුතුව තමන්වම මැඩගැනීමට උත්සාහ කල හැකියි.

දිගු වෙලාවක් කණ්ණාඩියෙන් තමන් දෙසම බලාගෙන සිටීම

‘Body dysmorphic disorder’ හෙවත් ශරීරයේ අඩු ලුහුඩුකම් ගැන අධික ලෙස සිතින් විඳවමින් හා කල්පනාකරමින් ඒ ගැනම වදවීමේ මානසික රෝගි තත්වයෙන් පෙලෙන පුදගල්යින් යොදාගනිමින් පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක යෙදෙන්නට වූහ. එම පුද්ගලයින් හට කණ්ණාඩියක් දෙස බොහෝ වේලාවක් තමන් දෙසම බලාසිටීමට සිදුවි තිබුණි. පර්යේෂණය අවසානයේදි කණ්ණාඩියෙන් තම ප්‍රතිබිම්බය දෙස දිගු වේලාවක් බාලාසිටි එම පුද්ගල කණ්ඩායමේ සාමාජිකයින් තුල ආතතිය හා සම්බන්ධ ශාරීරික ලක්ෂණ පැහැදිලිව දැකගන්නට ලැබුණු බව සඳහන් වී ඇත.

ශරීරයේ අඩුපාඩු නැති කවුරුත් නැත. නමුත්, ඔබේ අවදානය ඔබට අවනත නොවී ඔබේ අඩුපාඩුව දෙසටම යොමු වෙනවා නම් බොහෝ වේලාවක් කණ්ණාඩිය ඉදිරියේ ගත වන කාලය වළක්වාගැනිමට විශාල කණ්ණාඩි වෙනුවට කුඩා කණ්ණාඩියක් භාවිතා කරන්න. ඉන් තමන්ගේ ශරීරයේ ප්‍රතිබිම්බය දෙස බලාගෙන සිටීමේ ප්‍රබල හැඟීම යටපත් වී යයි.

සුරතල් සතුන් සමඟ එකම ඇඳේ නින්දට යාම

සතුන්ගේ ලොම් ආසාත්මිකතා ඇතිකරවන සුලු බැවින් ඉන් ඔබට රෝගි විය හැකියි. එමෙන්ම සතුන් රාත්‍රී කාලයේ පවා එකදිගට නිදාගන්නේ නැති අතර විවිධ ශබ්ද කරමින් එහාමෙහා දඟලමින් සිටින විට ඔබේ නින්දට ඉන් බාධා ඇතිවී වරින් වර රාත්‍රිය පුරා ඔබව අවදියෙන් තබයි. සිරුරට හොඳින් විවේක නොලැබීම සිරුරට අධික තෙහෙට්‍ටුවක් ඇතිකරවන අතර ඉන් ඔබේ කාර්යක්ෂම බවට ද බාධා ඇති වේ. ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම නිසා ඔබ තුල මනසේ නොසන්සුන්කාරී බව, ආතතීය වැඩිවීම ඇතුලු අනෙකුත් සෘණාත්මක සෞඛ්‍යය බලපෑම් හටගැනීමේ සම්භාවිතාව වැඩිය. එබැවින්, සුරතලුන් සඳහා වෙනත් නිදන ස්ථානයක් සකසා දීම වඩාත් උචිතයි.

උෂ්ණත්වය ගැන අවධානයක් නොමැතිකම

අධික ශීතල හෝ අධික උෂ්ණත්වය නිසා අපගේ මනෝභාවයට(mood) බලපෑම් ඇතිවිය හැකියි. එබැවින් නිසි උෂ්ණත්වයක් නිවස තුල පවත්වාගැනීම මනස සන්සුන්ව පවත්වාගැනීමට බෙහෙවින් වැදගත් වේ. අධික සිසිල හෝ උණුසුම නිසා අපගේ සිරුරේ ප්‍රබෝධමත් බව අඩුවීම, ආතතියට ලක්වීම සහ ඇතැම් විට ආවේගශීලි බවට පත්වීම සිදුවිය හැකියි. නිසි කාමර උෂ්ණත්වය පවත්වාගැනීම හරහා පුද්ගල කාර්යක්ෂම බව සහ මානසික සැහැල්ලුව සහ යහපැවැත්ම වැඩිදියුණු වේ.කාමර උෂ්ණත්වය 77 ˚F (25 ˚C) යන අගයෙන් යුක්තවීම වඩාත් සුදුසුයි.

මතකසටහන් සහ ඡායාරූප ආදිය එක් ස්ථානයක ගොනුකර තැබීම

අතීත මතක  නිතර පෙනෙන සේ බිත්තියේ එක් තැනකට කර එල්ලා තැබු විශේෂ ස්ථානයක් නිවසේ තිබීම එතරම් සුදුසු නැහැ කියලයි කියන්නේ. මෙසේ ඡායාරූප සියල්ල එක්වරම දර්ශණය වීම නිසා මොලය අධි-උත්තේජනයකට ලක්වන බව සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අවධානය ඇතිකරගැනීම අපහසු වීම, සන්සුන් හා සැහැල්ලු බවට පත්වීම අසීරු වීම සහ ඇතැම් මතක ආවර්ජණය වීම නිසා මනස ආතතියට ලක්වීම සිදුවිය හැකියි. නිවසේ තැනින් තැන ඡායාරූප එල්ලා තැබීම මීට වඩා හොඳ ක්‍රමයකි.

නිදන කාමර සඳහා භාවිතා කර ඇති වැරදි ආලෝකකරණය

නිදන කාමරය සඳහා LED ආලෝකය සහිත විදුලි බල්බ සවි නොකල යුතුයි. ඉන් පැහැදිලි ප්‍රමාණයක නිල් ආලෝකය විකිරණය කරනු ලබයි. එසේ වැඩි ආලෝකයක් තිබීම ඔබේ නින්දට බාධාකාරි විය හැකි අතර රාත්‍රිය පුරා විවේකයෙන් තොරව ඔබව අවදීන් තැබීමට හේතුවක් විය හැකියි. එය කාංසා ස්වභාවය ඇතුලු මානසික සහ කායික ගැටලු ‍රැසකට අහිතකර ලෙස බලපෑ හැකියි. එබැවින් නිදන කාමර සඳහා උණුසුම් dim විදුලි බල්බ භාවිතා කිරීම සුදුසුයි.

බිත්ති සඳහා භාවිතා කර ඇති තීන්ත වර්ණය

කොළ පැහැය  නිර්මාණශීලි චින්තනයට වඩාත් හිතකර සහ බලපාන වර්ණයක් ලෙසයි හැඳින්වෙන්නේ. මෙම වර්ණය නිවසේ කාර්යාල කාමර සහ ස්‍ටුඩියෝ වැනි අංග සඳහා භාවිතා කල හැකියි. රතු පැහැය ශක්තිය-ජවය යන අරුත් සංකේතවත් කරයි. ජම්බුල වර්ණය නැතිනම් violet පැහැය තෘප්තිමත් බව හා සම්බන්ධ වර්ණයකි. කෙසේවෙතත්, කහ හෝ දම් පැහැය වැනි තීන්ත වර්ග බිත්ති සඳහා භාවිතා කිරීමේදි දෙවරක් සිතිය යුතුය. ඊට හේතුව නම් එම පැහැයන් කාංසාව හා සෘණාත්මක හැඟීම් උද්දීපනය හා සම්බන්ධ වර්ණ ලෙස සැලකීමයි. කාමරයේ බිත්ති අධික සුදු පැහැයකින් යුක්ත වීම මනසට බාධාකාරි හා අපහසුතාවක් වැනි හැඟීමක් ඇතිකරවන බව ද සඳහන් වේ.

පෙර සකස් කල ආහාර (processed food) ශීතකරණයේ පුරවාගෙන සිටීම

සොසේජස්, සලාමි, ටින් කල මස් වර්ග, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග,  රසකැවිලි, පේස්ට්‍රි වර්ග සහ අධි මේද අඩංගු කිරි නිෂ්පාදන වර්ග පෙර සකස් කල ආහාර ලෙස හැඳින්වේ.  මේවා අධික පරිභෝජනයෙන් කායික රෝග පීඩා පමණක් නොව එම පුද්ගලයාගේ මානසික තත්වයට ද බලපෑම් ඇතිවීමට හේතුකාරක විය හැකියි මෙන්ම කාංසාව සහ විෂාදය වැනි මානසික රෝග පවා වර්ධනය වීමට මූලික වේ. එබැවින්, සෞඛ්‍යයමත් පෝෂණීය ආහාර පරිභෝජනය සඳහා ‍තෝරාගැනීම ඉතා වැදගත් වේ. දිනපතා ආහාර වේල් ලබාගැනීමේදි මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න!

සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට සිතා රූපවාහිණි නැරඹීම

රුපවාහිණිය නැරඹීම විවේකයෙන් ගත කිරීමට හොඳ ක්‍රමයක් ලෙස සිතුනද  එය වක්‍රාකාරව හෝ කාංසා තත්වය හා සම්බන්ධව බලපෑම් කරන බව සොයාගෙන ඇත. උදාහරණ ලෙස ඇතැම් ත්‍රාසජනක චිත්‍රපට, අපරාධ හෙලිදරවු වැඩසටහන් ආදි වැඩසටහන් නැරඹීම නිසා ඇතැම් පුද්ගලයින්ගේ මනස නොසන්සුන් හා භීතිකාවකට ලක්විය හැකියි. තවද, එකම ඉරියව්වකින් දිගු වේලාවක් සිටීම නිසා සිරුර අක්‍රීය වී ආතතියට සහ වෙහෙසකර ස්වභාවයකට ලක්වීම සිදුවේ. මනස සැහැල්ලු වීමට යෝගා ක්‍රම අනුගමනය කිරීම හෝ සම්බාහන සත්කාරයක් ලබාගැනීම සිදුකල හැකියි. කාලය වඩාත් ප්‍රයෝජනවත්ව ගත කිරීමට පොතක් හෝ පුවත්පතක් කියවීමද අපූරු අදහසකි.