ඔබේ නිවසෙත් මේ උපකරණය අනිවාර්යෙන් තබන්න

වියළි  වාතාශ්‍රය නිසා නිතර උගුරේ අපහසුතා ඇතිවීම, තොල් සහ සම ආශ්‍රිතව පුපුරු ගැසීම හෝ පැළීම් ඇතිවීම , නාසයෙන් වියළී ලේ ගැලීම වැනි හානිකර බලපෑම් සිරුරට ඇතිවිය හැකියි. අපේ සිරුරට විතරක් නෙවෙයි නිවසේ සුරතලුන් ටත් ඔබ ආදරයෙන් ‍රැකබලාගන්නා ගෘහයේ ඇති විසිතුරු පැළවලටත් ඉන් හානි ඇතිකරයි. මේ හේතු නිසාම ඔබේ නිවසේ හොඳ තෙතමනය සහිත නැවුම් වාතාශ්‍රයක් ඇතිකරගැනීම ඉතා අවශ්‍ය වෙනවා. ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් අද කාලයේ වෙළඳපොලේ ඊට ඇති හොඳම විසඳුමක් තමයි ආර්ද්‍රක උපකරණ හෙවත් Humidifier කියලා කියන්නේ. Humidifier උපකරණයක් ඔබේ නිවසේ තබා ගැනීමෙන් වියළි වාතාශ්‍රයෙන් නිවැසියන් හට ඇති වන ගැටලු අපහසුතා මගහරවමින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට ඉවහල් වන මෙන්න මේ ප්‍රතිලාභ ලබාදෙනවා.

වෛරස සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කරයි

නිවසේ ආර්ද්‍රතාව 43% ක් හෝ ඊට ඉහළ මට්ටමකින් පවත්වාගැනීමෙන් උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරස ව්‍යාප්තිය වළක්වාගත හැකියි.ඉහළ ආර්ද්‍රතාව වාතාශ්‍රයේ සිටින වෛරස ප්‍රමාණයෙන් 86% ක් පමණ අක්‍රීය කරදැමීමට සමත් ය.වියළි වාතාශ්‍රයේ කිවිසුම් සහ කැස්සෙන් පිටවන කෙල බිඳිති අංශු වායු ගෝලයේ ඉක්මනින් ව්‍යාප්ත වේ. සීත කාල වලදී heater උපකරණ ක්‍රියාත්මක කිරීම නිසා නිවස තුල ස්වභාවික ලෙස නිසි ආර්ද්‍රතා මට්ටමක් පවත්වාගැනීම අසීරු කාර්යක් බවට පත් වේ. එබැවින්, තෙතමනය මනින මිනුම් උපකරණයක් සහිත Humidifier එකක් භාවිතා කිරීම සුදුසුය.

සම සහ හිසකෙස් වල නීරෝගි බව ආරක්ෂා කාර්යි.

ඉතා වියළි වාතය මඟින් සමට සහ හිසකෙස් වලට දරුණු බලපෑම් ඇතිකරයි. හිසකෙස් ගැලවීයාම, ඉස් හොරි වැඩිවීම,සම ඉරි තැළීම , ‍රැළි වැටීම ආදි බලපෑම් ඊට උදාහරණ වේ. නිවස අභ්‍යන්තරයේ තෙතමනය  40% පමණ මට්ටමකින් පවත්වාගැනීම මඟින් කුරුලෑ තත්ව, වියළි සම, කසන සුලු බව හිස සහ සම මෙන්ම හිසකෙස් වියළි යාම වැනි ගැටලු ‍රැසක් පාලනය කරගැනීම සඳහා විසඳුම් සලසා ගතහැකියි. චර්මරෝග විශේෂඥ වෛදවරුන් නිර්දේශ කරන්නේ තමන්ගේ නිවසේ වාතාශ්‍රයේ ආර්ද්‍රතාව පවත්වාගැනීම මඟින් සම නැවුම්ව සහ නීරෝගීමත්ව ආරක්ෂා කරගත හැකි වන බවයි.

කැස්ස රෝගීන්ට වඩාත් පහසු බවක් ඇති කරව්යි.

වියළි වාතාශ්‍රය කැස්ස තත්වය තවත් වැඩිවීම හා අපහසුතා මතුවීමට හේතුවකි. එමඟින් කැස්ස දිගුකල සුව නොවිය හැකියි වගේම දිනපතා රාත්‍රී නින්ද ඉතා බාධාකාරී එකක් බවට පත්විය හැකියි. Humidifier උපකරණය මඟින් වාතාශ්‍රය සිසිල් සහ තෙතමනය ඇතිකරවන නිසා කැස්ස වඩාත් වේගයෙන් සුවපත් වීම සිදුවේ.

නින්දෙන් ගෙරවීම කරදරයක් වී ඇත්නම් මෙය හොඳ විසඳුමක් වේවි!

වියළි වාතය ශ්වසනය කිරීම නින්දෙන් ගෙරවීමට බලපාන හේතුවකි. එසේ සිදුවන්නේ නාසය අවහිරවීම සහ උගුරේ අපහසුතා ඇති වීම නිසයි. වියළි වාතය නිසා නාසයේ සහ උගුරේ ඇති පටක වලට පීඩාවන් ඇති කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවා ආශ්‍රිතව ප්‍රදාහය තත්වයන් වර්ධනය වී නින්දෙන් ගෙරවීම උත්සන්න විය හැකියි. ඊට අමතරව, වියළි සහ විජලනයට ලක් වූ ශ්වසන මාර්ග වල ඇත්තේ වඩාත් ඝනකමින් යුතු ශ්ලේෂ්මලයන්ය. එහි මතු පිට පීඩනය ඉහළ යාමත් සමඟ ගෙරවුම් හඬ වැඩිවිය හැකියි. ඔබේ නිදන කාමරයේ Humidifier උපකරණයක් තබාගැනීම මීට ඇතැම් විට විසඳුමක් වෙන්න පුලුවන්.

සුරතලුන්ට පවා හිතකර වාතාශ්‍රයක් ඇතිකරවයි

අධික තාපය නිසා ඇතිවන වියළි වාතාශ්‍රය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද පීඩා ඇතිකරවයි. පශු වෛද්‍යවරුන්ගේ මතය අනුව නිවසේ Humidifier උපකරණයක් තැබීමෙන් හෝ රේඩියේටරය මත ජල බඳුනක් තැබීම මඟින් බළලුන් හට වැල‍ඳෙන ‘බළල් ශ්වාසරෝගය/ ඇදුම ‘ තත්වය (kitty asthma) වළක්වාගත හැකිබවයි. එමෙන්ම බල්ලන් සඳහා වැල‍ඳෙන ‘kennel cough’ නම් පීඩාකාරි කැස්ස ස්වභාවය සුවපත් වීමට මෙසේ වාතාශ්‍රයේ ආර්ද්‍රතාව පවත්වාගැනීම බොහෝ සෙයින් උපකාරී වන බව ඔවුන් පෙන්වා දෙති.

ලී පොලොව සහ ගෘහභාණ්ඩ වල පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ.

ලී පොලෝ මතුපිට සහ පු‍ටු මේස ආදි ගෘහභාණ්ඩ වල හැකිළුම් සහ ඉදිමුම් ඇතිවීම සිදුවේ. ඊට හේතු වන්නේ ආර්ද්‍රතාව අඩු වියළි පරිසරය නිසයි. ඔබේ නිවසේ ගෘහභාණ්ඩ බොහෝ කලක් පුරාවට අලුත් පෙනුම සහිතව ආරක්ෂා කරගන්න නම් ඔබේ නිවසේ ආර්ද්‍රතාව උපරිම 45%  මට්ටමකින් පවත්ගැනීමට උත්සාහ කරන්න.

විසිතුරු පැළ වල වර්ධනයට බොහෝ සෙයින් හිතකර වේ.

ශාක වලට හොඳ තෙතමනයක් ලැබීම වැදගත් ය. ඇතැම් විට නිවස තුල ඇති සාමාන්‍ය වාතාශ්‍රය ඒවාට අවශ්‍ය තෙතමනය ලබාදීමට තරම් ප්‍රමාණවත් තරමින් නොපැවතිය හැකියි. පැළ වලට ජලය ලබාදීම පමණක්  ප්‍රමාණවත් නැත. අඛණ්ඩව වායුවෙන් ජල වාෂ්ප ලැබීමට සැලැස්විම ද වැදගත් ය. ජල වාෂ්ප උරාගැනීම ශාක මඟින් සිදු නොකලද ඒවා සඳහා හිතකර තෙතමනයක් නිරතුරුවම වාතාශ්‍රයේ තිබිය යුතුය. ශාක සඳහා හොඳ තෙතමනයක් ලබාදීමට Humidifier උපකරණය උදෑසන සිට දහවල් කාලය දක්වා සක්‍රීය කර තබන්න.

බිල අඩුවන නිසා ඔබේ මුදල් ඉතිරි වේ

තෙතමනය මඟින් වාතාශ්‍රය උණුසුම් කරවන නිසා නිවසේ උණුසුම් බව ඇතිකිරීමට heating system නැතිනම් උණුසුම් කරවන විදුලි උපකරණ පද්ධති උපරිම අගය දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.  එමඟින් ඔබේ  විදුලි බිල අඩුකරගත හැකියි වගේම මුදලුත් ඉතිරි කරගත හැකියි.

ස්ථිතික විද්‍යුත නිර්මාණය වීම වළක්වයි.

අධික වියළි වායුවක් ඇති විට ස්ථිතික විද්‍යුත ගොඩනැගීම සිදුවේ. එසේ වූ ලෝහ මතුපිටක් ස්පර්ෂ කිරීමෙන් ඉතා වේදනාකාරි කම්පනයක් පුද්ගල්යෙකුට දැනිය හැකියි. එමෙන්ම එසේ විද්‍යුත ගොඩනැගීම නිසා ලී භාණ්ඩ මතුපිට , සංගීත උපකරණ මතුපිට හානිවීම, කඩදාසි ද්‍රව්‍ය , රෙදි වර්ග එකෙනෙකට ඇලීයාම සිදුවිය හැකියි. මෙවැනි ගැටලු වළක්වාගැනීමට වාතාශ්‍රයේ නිසි තෙතමනයක් තබාගැනීමෙන් හැකියාව ලැබේ.

රාත්‍රී නින්දේදි වැඩිහිටියන් හට සහ දරුවන් හට ඉතාම ප්‍රයෝජනවත් වේ.

වියළි වාතය නිසා කුඩා දරුවන්ගේ මෙන්ම මහලු අයගේ නාසයේ අවහිරතා ඇතිවිය හැකියි. නාසයේ සිරවුණු ස්වභාවයක් දැනීමට අමතරව ඇතැම් අයට නාසයෙන් ලේ ගැලීම ඇතිවේ. මෙවැනි ගැටලු නිසා රාත්‍රිය පුරා සිරුරට අපහසුතාවක් දැනී ඔවුන්ගේ නින්ද ඉතා බාධාකාරී එකක් බවට පත්වේ. ඔබට මේ සඳහා Humidifier උපකරණයක්ම අවශ්‍ය නැහැ. ඔබට පුලුවන් ජලය වීදුරුවක් නිදන ඇඳට යටින් තබාගන්න. එසේ කිරීමෙන් කාමරයේ වාතාශ්‍රයේ තෙතමනය ඇතිකර නින්දේදි ඇතිවිය හැකි ශ්වසන අපහසුතා මගහරිමින් සුවදායි නින්දක් ඔබට ලබාගත හැකි වේවි.