ඔබේ නිවසට සොරෙකු ඇතුල් වෙලාද කියලා දැනගන්න පුළුවන් සරල ක්‍රම 8ක්

” 90 වියැති නිවස හිමි කාන්තාවගේ අනු දැනුමකින් තොරව එම නිවසේ දෙවෙනි මහලේ මාස 6 ක් පුරා ජීවත් වෙමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට ජපන් පොලිසියට හැක්වූ බව කියන පුවතක් ජපානයෙන් අසන්නට ලැබී ඇත’. මෙවැනි දේ සිදුවිය හැකියි කියා අප නිකමට හෝ සිතන්නේවත් නැහැ. රටින් පිටවි සිටි කාලයේදි හෝ දුර ගමනක් සඳහා නිවසින් පිටවීසිටි කාලයේදී හෝ එහෙමත් නැතිනම් ඔබ නිවසින් පිට වූ කොයිම මොහොතකට හෝ පසු කවුරුන් හරි ඔබේ නිවසට අනවසරයෙන් ඇතුල් වී තිබෙන බව තහවුරු කරගන්නේ කෙසේද? ඒ සඳහා සරල ක්රඅම කිහිපයක් පහතින් දැක්වේ.

1 දොර ඉදිරියෙන් නූලක් ‍රැඳවීම

ඔබේ නිවසේ ප්‍රධාන දොර පි‍ටුපසින් ඉතා සිහින් නූලක් පහසුවෙන් හඳුනාගැනීමට නොහැකිවන ආකාරයෙන් සවිකරගන්න. කවුරුන් හෝ දොර විවෘත කරන විට නූල කැඩීයාවි. නමුත්, මෙය සවිකල පසු ඔබට නිවසින් පිටවීමේදී වඩාත් පරිස්සම් වීමට සිදුවෙන්නේ ඔබේ උගුල ඔබ අතින්ම කැඩී යාමට ඉඩ ඇති බැවිනි. මේ සරල ක්‍රමය භාවිතා කල හැක්කේ ඇතුලට තල්ලු කරමින් දොර විවෘත කිරීමට ඇති නිවාස සඳහා පමණයි.

2 පබළු භාවිතය

ඇතුලු වන දොර‍ටුව අසල පබළු පිරවූ වීදුරුවක් තැබීමෙන් කවුරුන් හෝ දොර විවෘත කිරීමේදී එය පෙරළී යාවි. මේ ක්‍රමයත් ඇතුල් දෙසට විවෘත කිරීමට ඇති දොරවල් සඳහා පමණක් භාවිතා කල හැකි ක්‍රමයකි. ඇතැම් විට නිවසට ඇතුලු වූ කෙනා සූක්ෂම ලෙස ඒවා නැවත වීදුරුවට පුරවා තිබූ ස්ථානයෙන් තියන්නට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා. එම නිසා වීදුරුවේ තිබූ පබළු ගණන ගැන යම් අදහසක් තබාගැනීම වැදගත් වේවි.

3 පාපිස්ස යට බිස්කට් තැබීම

නිවසේ පාපිසි යට බිස්කට් තැන්පත් කිරීමත් තවත් එක් ක්‍රමයකි. නිවසට ඇතුලු වූ පුද්ගලයා බොහෝ දුරට ඒවා මත අඩිය තැබීමට ඉඩ තිබෙන අතර එහිදි ඒවා කුඩු වි තිබෙන ආකාරය දැකීමෙන් ඔබට යම් කෙනෙකු නිවසට ඇතුල් වී ඇති බව හඳුනාගැනීමට පහසු වේවි.

4 පිටවීමට පෙර නිවසේ ඡායාරුප ගැනීම

තාක්ෂණයත් උපක්‍රමයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්! නිවසින් පිටත්ව යාමට පෙර නිවසේ ඡායාරුපයක් ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න. ඔබේ වැදගත් ලිපි සහා දේවල් ඇති කබඩ් වැනි ස්ථාන මෙසේ ඡායාරූපගත කරගැනීම ඔබට ප්‍රයෝජනවත් වේවි. ඔබ නැවත නිවසට පැමිණි පසු බඩු ඒ ස්ථාන වල ඒ ආකාරයෙන් තිබේදැයි පින්තූර සමඟ සන්සන්දනය කර බලන්න.

5 ශබ්ද පටිගත කරන යෙදවුමක් භාවිතා කිරීම

භාවිතා නොකරන පැරණි ජංගම දුරකථන වල හඬ පටිගත කිරීමට හැකි යෙදවුම සක්‍රීය කර නිවසේ යම් තැනක සඟවා තබන්න. නමුත්, මේ ක්‍රමය බොහෝ දවසක් නිවසින් පිටවි සිටින් අතරේදි භාවිතා කිරීමට නොහැකි වේවි. පැය කිහිපයකින් දුරකථනයේ බැටරි ක්‍රියාවිරහිත වී යා හැකි බැවිනි.

6 අවර්ණ තීන්ත වර්ගයක් භාවිතාකිරීම

ඇතුල් වීමේ දොරවල් වල් වල අගුල හොඳින් පිරිසිදු කර ඒවා මත අවර්ණ තීන්ත වර්ගයක් ස්ප්‍රේ කරගන්න. අනවසරයෙන් කෙනෙකු ඇතුල් වී ඇත්දැයි එහි සටහන් වන ඇඟිලි සලකුණු වලින් සොයාගත හැකි වේවි.

7 වතුර වීදුරුවක් තැබීම

දොර අසල වතුර පිර වූ වීදුරුවක් තබන්න. දොර විවෘත කර තිබුණොත් පාපිස්ස මත ජලය හැලී තිබෙන බව ඔබට දැකගත හැකි වේවි. නමුත්, පාපිස්සට උරන ලද ජලය ඉක්මනින් වියළී යාමට ඉඩ තිබෙන නිසා දින ගණනක් පිටත ‍රැ‍ඳෙන අවස්ථා වලදී මේ ක්‍රමය එතරම් ඵලදායි නොවිය හැකියි.

8 ‘බේබි මොනිටරයක්’ සවිකිරීම

ආරක්ෂිත කැමරා සවි කිරීමට අධික මුදලක් වැය කිරීමට සිදුවෙනවා නම් ‘බේබි මොනිටරයක්’ භාවිතයෙන් නිවසට කෙනෙකු අනවසරයෙන් ඇතුල් වී සිටින බව online හරහා දැකගත හැකිවේවි.

බෝනස්:

ඔබ නිවසේ නැති විට කවුරුන් හෝ ඔබේ නිවසට ඇතුලු වන බව ඔබ සැක කරනවානම් ඔබට සිදුකල හැකි සරලම දේ තමයි දොරගුලු වෙනස් කිරීම. අලුතින් අගුලක් ‍තෝරාගැනීමේදී, ඉදිරිපස දොරට ‘deadbolt’ වර්ගයේ අගුලක් ‍තෝරාගන්න. ද්විතීක ආරක්ෂක ක්‍රමයක් ලෙස දොරවල් සඳහා ‘නොබ්’ සහා ‘ලීවර්’ භාවිතා කල හැකියි. ඉලෙක්ට්රො නික දොරවල් ‍තෝරා නොගෙන සිටීම සුදුසුයි. ලාබෙට මිලදී ගත හැකි දොර අගුල් පහසුවෙන් බිඳිමට හැකිවීමට ඉඩ ඇති නිසා හොඳ වර්ගයේ අගුලක් මිලදී ගන්න. වැඩි ආකර්ෂණයක් ලැබෙන දිලිසෙන අගුලු වර්ග ‍තෝරානොගන්න.