දුරකථනයෙන් පොටෝ ගැනීමට ක්‍රම 13 ක්

ස්මාර්ට් දුරකථනයෙන් ලස්සන ඡායාරූප ලබාගන්න ආකාරය ඉගෙන ගන්න කැමතිද? වෘත්තීය ඡායාරූප ශිල්පීන් හෙලිකරන ඡායාරූපකරණයේ දී භාවිතා වන රහස් කිහිපයක් පහත දක්වා තිබෙනවා. ඒවා ඔබේ දැනුමට එකතුකර ගනිමින් ඔබේ ස්මාර්ට් දුරකථනයේ කැමරාව භාවිතා කරමින් උත්සාහ කරබලන්න.

1. Headset එක shutter එකක් ලෙස භාවිතා කල හැකියි.

ඔබේ Headset එකේ පාලකයට කැමරාවේ shutter එකේ කාර්ය ඉ‍ටුකල හැකියි. ස්මාර්ට් දුරකථනයට Headset එක සම්බන්ධ කරගනිමින් කැමරාව open කරන්න. දැන්, Headset එකේ පාලකයේ ‘+’ ලකුණ සහිත button එක තදකරන්න. සෙල්ෆි ඡායාරූප සඳහා මෙය වඩාත් පහසු ක්‍රමයක් වේවි.

2. සරල සෙල්ෆී ආධාරකයක්

බොහෝ දෙනෙකුව රාමුවට හසු කරගනිමින් සෙල්ෆී ඡායාරූප ගැනීම ඇතැම් විට අපහසු කාර්යක්. එහිදී දුරකථනය රඳවා තබා ඡායාරූපයක් ලබා ගැනීම සඳහා කුඩා ආධාරයක් සාදාගත හැකියි. ප්ලාස්ටික් කාඩ්පතක් ගෙන එය රූපයේ දැක්වෙන ලෙස දෙවරක් නවාගන්න. එහි දාර තුල දුරකථනය ‍රැඳවිය හැකි ලෙස නමා ගැනීම වැදගත් වේ. ඉන්පසුව, ඔබේ Headset එක ආධාරයෙන් හෝ දුරකථනයේ Timer තබාගනිමින් ඡායාරූපය ලබාගන්න.

3. නිවුන් ඡායාරූප ගන්නා ආකාරය (panoramic twins)

Single shot එකක දෙයාකාරයෙන් සිටින ආකාරයේ ඡායාරූපයක් ගැනීමට panorama effect එක භාවිතා කලහැකියි. Panorama mode එක සක්රිනය කර පුද්ගලයා සිටින ස්ථානයේ සිට ඕනෑම දිශාවකට දුරකථනය ගමන් කරවන්න. පුද්ගලයා රාමුවට හසු නොවන පැත්තේදි ඡායාරූපගත කිරීම pause විධානය හරහා නතර කරගන්න. ඒ අතරේදි,පුද්ගලයා ඊලඟ රාමුවට නැවත පැමිණ සිටගත යුතුවෙනවා. දැන්,යලිත් ඡායාරූපගත කිරීම අරඹන්න. අවස්ථා දෙකම එකම ඡායාරුපයේ ආකාර දෙකකින් සටහන් වී තිබේවි.

4. ගෝලාකාර ඡායරූප ගන්නා ආකාරය (A little Earth)

දුරකථනයෙන් ඡායාරූප ගැනීමේදී විවිධ apps හරහා ලස්සන effects වර්ග භාවිතා කල හැකියි. RollWorld app එක හරහා පෘථිවි හැඩයේ ඡායාරූප ලබාගත හැකියි.app එක download කර ඔබ ලබාගත් panoramic ඡායාරූපයක් upload කරන්න. එහි ඇති settings භාවිතා කර ඡායාරූපය ගෝලාකාර ලෙස සකස් කරගන්න.

5. දියයට ඡායාරූප ලබාගැනීමට

ස්මාර්ට් දුරකථන භාවිතයෙන් දිය යට ඡායාරූප ලබාගැනීම වඩාත් පහසු වන්නේ ඒ සඳහා විශේෂ ආවරණයක් අවශ්ය්ය නොමැති නිසයි. හිස් වීදුරුවකට දුරකථනය දමන්න. දැන්, වීදුරුව ජලයේ මදක් ගිල්වමින් දියයට ඡායාරූප ලබාගන්න. මෙහිදි, Headset shutter එක භාවිතා කිරීම ඔබට වඩාත් පහසුවක් වේවි.ගැඹුරු ජලයේ ඡායාරූප ලබාගැනීමට විනිවිද පෙනෙන බැලුමකට දුරකථනය බහාලමින් ජලයේ ගිල්වන්න.

6. පරාවර්තකයක් භාවිතා කරන්න (reflector)

අමතර ආලෝකකරණ සැපයුම මඟින් වඩාත් පැහැදිලි ඡායාරුප ලබාගත හැකියි.එමඟින් ගැඹුරුබවක් සහා ප්ර භාවමත් බවක් ඡායාරූපයට එක්කරනු ලබයි. මේ සඳහා ඕනෑම ආකාරයක ආලෝකය පරාවර්තනය වන මතුපිටක් සුදුසුයි.
සූර්ය පරාවර්තකයක් (solar reflector) හෝ tinfoil කවරයක් මේ සඳහා භාවිතා කලහැකියි. එමඟින් අඳුරු බව අඩු කර සුපැහැදිලි දීප්තියක් ඡායාරූපයට ලැබේ.

7. HDR භාවිතා කිරීම

HDR Function එක හරහා විවිධ Brightness යටතේ ලබාගත් ඡායාරූප එකක් බවට පත්කරගත හැකියි. කැමරාවේ HDR function එක සක්රීඑය කරගනිමින් ඡායාරූප ලබාගන්න.
මේ ආකාරයෙන් ලබාගන්නා ඡායාරූප සඳහා වැඩිපුර storage space එකක් අවශ්යවය වන නිසා අත්යලවශ්යරය අවස්ථා වල පමණක් මෙය භාවිතා කල හැකියි.උදා: හිරු බැස යන ආකාරය, කොළ පැහැති ගස් වර්ග, ලස්සන මල් වර්ග වැනි ආකර්ෂණීය දර්ශණ ලබාගැනීමට මේ effect එක භාවිතා කරන්න.

8. බැලුමකට දුරකථනය සවිකරගන්න

ඩ්රෝ.න් එකක් සඳහා මුදල් වියදම් කරන්නේ නැතිව මේ වගේ සරල ක්රආමයක් භාවිතා කරමින් උඩුගුවනේ ඡායාරූප ලබාගන්න පුලුවන්. හීලියම් පිරවූ බැලූනයක් මේ සඳහා වඩාත් සුදුසුයි. බැලුමට හොඳින් සවිවන සේ දුරකථනය නූලක් ආධාරයෙන් රඳවාගන්න. දැන්,බැලුම ඉහළට යවමින් timer හරහා ඔබට අවශ්යකය පින්තූර ලබාගැනීමට හැකියි.

9. විශාලනය කර ඡායාරූප ලබාගන්නා ක්‍රමය (macro shots)

ස්මාර්ට් දුරකථන වල එක් ගැටලුවක් තමයි සුපැහැදිලි ලෙස විශාල කර ඡායාරූප ලබාගැනීමට නොහැකිවීම. මේ සඳහා කුඩා කාච සවිකරමින් ඔබට කැමති ආකාරයෙන් විශාල ඡායාරූප ලබාගන්න. Laser pointer එකක හෝ pocket flashlight වල ඇති කුඩා කාච කැබලි මේ සඳහා භාවිතා කල හැකියි.රූපයේ දැක්වෙන ලෙස දුරකථනයේ කැමරාවට මෙම කාචය කොණ්ඩ ක‍ටුවක් සහා ටේප් කැබැල්ලක් ආධාරයෙන් සවිකරගන්න. දැන්, සාමාන්යාය ලෙස ඡායාරූප ලබාගන්න.

10. අව් කණ්ණාඩියෙන් polarizing filter effect එකක්

අව් කණ්ණාඩි කාච මඟින් ඉතා පැහැදිලි ලෙස දීප්තිය අඩු ආකාරයෙන් අහසේ ඡායාරූප ලස්සනට ලබාගත හැකියි. කැමරාව ඉදිරියෙන් කාචය අහස දෙසට ඉලක්ක කර තබා ඒ හරහා ඡායාරූප ලබාගන්න. දීප්තිය අඩුකරගැනීමට වක්රාබකාර (polarized) අව් කණ්ණාඩි භාවිතා කරන්න

11. දීප්තිමත් බව වැඩිකරගැනීමට (add glare)

මේ සඳහා ඔබට වර්ණ සහිත half transparent paper කොටසක් ගෙන කැමරා කාචය අසල රඳවා ඡායාරූප ලබාගන්න.

12. වෙනස්ම කොලාජ් සෙල්ෆි එකක්

අන්තර්ජාලයේ පින්තූරයක් බාගත කරගෙන එහි එක් කොටසක් ඔබේ මුහුණේ කොටසක් ලෙස පෙනෙන ආකාරයෙන් අල්ලා වෙනත් දුරකථනයකින් ඡායාරුපයක් ලබාගන්න. මේ නිර්මාණාත්මක කොලාජ් සෙල්ෆික ක්රරමයෙන් ඔබට හොඳ විනෝදයක් ලබාගැනීමට හැකිවේවි!

බෝනස්: කැමරා කාචය පිරිසිදු කරගැනීමට trick එකක්.

සාමාන්‍යය රබර් මකනයකින් ඔබේ දුරකථනයේ කැමරාව පිරිසිදු කරගන්න. ඡායාරූප වල හොඳ පැහැදිලි වෙනසක් ඔබට දැකිය හැකි වේවි.