ඔබේ දරුවත් මේ විදිහට බිම ඉන්දගන්නවානම් දැන්ම එය නවත්වන්න

ආදරයේ ඊළඟ පියවර තමයි විවාහය කියන්නේ ඉතින් එක්කෙනා දෙන්නා වුනාම කාලයක් යද්යිදී දෙන්නා තුන්දෙනා වෙනවා එහෙම උනාම ඒ අම්මා තාත්තගේ මුළු ලෝකෙම වෙන්න පුංචි කැදැල්ල ලස්සන කරන්න ආව අලුත් අමුත්තා. ඉතින් ඒ පුංචි ළදරුවාගේ ආරක්ෂාව ගැන මේ දේවල් ගැනත් ටිකක් හිතන්න.

01. නින්දේ දී ආරාක්ෂාව

  • දරුවාව හිස උඩට සිටින සේ නිදි කරවිය යුතුය. 1992 දී දරුවාව උදරය මත නොව කොඳ යට වනසේ නිදි කරවිය යුතු යැයි නිර්දේෂ කෙරිණි.
  • ලොව සහිත පොරවන නිසා ශ්වසනාලය අවහිර වීමෙන් දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමට ඉඩ තිබේ. දරුවා නිදි කරවීමට ඝනකම් මෙට්ටයක් සහා ඉලාස්ටික් ඇතිරිල්ලක් ප්රනමාණවත්ය.
  • ගැට සහිත තොප්පි, තද ඇඳුම්,සෙල්ලම් බඩු,රෙදි කැබලි වැනි දෑ නිදා සිටින දරුවාගෙන් ඉවත් කර තැබිය යුතුය.

02. වැටීම සහා තුවාල ඇති වීමෙන් ආරක්ෂා කරගැනීම

  • ආරක්ෂිත ගේට්ටුලවක් ඔබේ නිවසේ සකස් කරගන්න.
  • උස් පු‍ටු හෝ ස්ථාන වල දරුවා තැබීමේදී හොඳින් ආරක්ෂක පටි පියවා තද කරන්න
  • Carrier බාවිතා කිරීමේදී දරුවා පු‍ටු මත, මේස මත, හෝ ගෘහ භාණ්ඩ මත නොතබන්න. හැකි තරම් දරුවා බිම තබා ගන්න.
  • Baby walker බාවිතයෙන් දරුවා නිවස පුරා ඇවිදියි නම් අනාරක්ෂිත වයර්, විදුලි උපකරණ ඉවත් කරන්න. තරප්පු පේළිය ගැන ද සැලකිලිමත් වන්න.
  • ජනේල වලට ආරක්ෂිත පොලු යොදාගන්න.
  • පහසුවෙන් පෙරළීමට ඉඩ ඇති ගෘහ භාණ්ඩ දරුවා සිටින තැන් වලින් ඉවත් ව තබන්න.

03. හුස්ම හිරවීමට ඇති අනතුරු වලින් ආරක්ෂා කිරීම

  • ගැලවී යා හැකි කොටස් සහිත සෙල්ලම් බඩු හැකිතාක් දරුවාට ලබා නොදෙන්න.
  • අවුරුදු 5 ට අඩු දරුවෙකුට රවුම් හැඩයේ ඝන ආහාර කැබලි ආහාරයට නොදෙන්න
  • බෙල්ල සිරකරගත හැකි නිසා වයර් සහ පටි දරුවන්ගෙන් ඈත් කර තබන්න.
  • දරුවා මුවට දමා ගත හැකි දේවල් ගැන විමසිලිමත් වන්න
  • අවශ්ය ය නම් CPR-Comprehension and Artificial Respiration නැතිනම් හදිසි අවස්ථාවක කෘතිම ශ්වසනය ලබාදීමට උගන්වන සායන වලට දරුවා යොමුකරන්න.

04. ගින්නෙන් ආරක්ෂාව

  • ගිණි කූරු සහා ලයිටර් දරුවාගෙන් ඈත් කරන්න
  • ආහාර පිසින විට දරුවා වඩාගෙන් නොසිටින්න. විදුලි ස්ත්රිdක්ක බාවිතා කරන විට හා හිසකෙල් වියළනය බාවිතයෙන් පසුව පේණුවෙන්ම ඉවත් කර වෙනත් ස්ථානයක ආරක්ෂාකාරීව තබන්න,
  • උණුසුම් ආහාර දරුවන්ගෙන් ඈත් කර තබන්න.
  • ගිණි උඳුන් අසල දරුවා රඳවා තබාගැනීමෙන් වළකින්න.

05. විෂ වලින් ආරක්ෂාව

  • දරුවා යමක් ගිල්ල බව දු‍ටුවහොත් වමනය කරවීමට හෝ කට සේදීමට කලබල නොවන්න. හැකි ඉක්මණින් වෛද්ය ය උපදෙස් ලබා ගෙන ක්රිනයාකරන්න.
  • වැඩිහිටියන්ගේ බෙහෙත් පෙති වැරදීමකින් ගිලීම නිසා විෂ වීම් ඇතිවිය හැක. හැකි තරම් ඔබේ බෙහෙත් ද්රතව්යමය දරුවාගෙන් ඈත් කර තබන්න. බෙහෙත් “රසකැවිල්ලක්” සේ දරුවාට හඳුන්වා දෙන්නට එපා. දරුවා ඊට ආසාවෙන් ආහාරයට ගැනීමට උත්සාහ කල හැකිය.
  • ඉලෙක්ට්රොනනික සහා බැටරි උපාංග දරුවාගෙන් ඉවත් කර තබන්න. බැටරි වල අඩංගු ලිතියම් වැනි ද්රරව්යටය විෂ විය හැක

06. ජලයෙන් ආරක්ෂාව

  • දරුවාව පිරිසිදු කරගත් පසුව වතුර බාජ්නයෙන් ඉවත් කරගන්න.
  • උයනේ හෝ නිවස ඇතුලත ඇති විවෘත ජල ස්ථාන සඳහා ආරක්ෂිත වැටක් යොදන්න.
  • පිහිනීමට හැකියාව ඇතැයි සිතමින් දරුවාට තනිව ජලයට බැසීමට ඉඩ නොදෙන්න. 47% මරණ අතරින් බොහෝ මිය ගිය දරුවන් හට පිහිනිමේ හැකියාව තිබෙන බව තහවුරු වී ඇත.
  • දරුවා වතුරට දමා ඔබේ අවධානය වෙනතක යොමු නොකරන්න. දරුවා දෙස විමසිල්ලෙන් බලා සිටින්න. දුරකතන,පොත් කියවීම වැනි දේ සිදු කිරීමට මෙය කාලයක් කර නොගන්න.

07. ‘ W ’ හැඩයේ සිටගෙන සිටින ඉරියව්ව

  • දරුවන් නිතරම මේ ඉරියව්වෙන් සිටිනු දැකිය හැකියි. එය ඔවුන්ට වඩාත් පහසු ඉරියව්වකි. නමුත් මේ ඉරියව්ව සෞඛ්යකය ගැටලු ඇතිකරවීමේ අවධානමක් ඇත.
  • උදා: විකලාංග තත්වය, ඉරියව් පාලනය කරගැනීමට නොහැකි වීම, චාලක හැකියා වර්ධනයේ ගැටලු ,සමබරතාව සම්බන්ධයෙන් ගැටලු ඇති වීමට ඉඩකඩ වැඩිය
  • මෙම ඉරියව්ව පුරුද්දක් බවට පත් වීම වළක්වන්න. දරුවාට එය වෙනස් කරන ලෙස කියන්න.
  • කකුල් ඉදිරියට දිගු කරමින් හෝ දණහිස් නවමින් ඉඳගන්නා ලෙස දරුවාට කියා දෙන්න.මෙය දරුවාගේ කායික වර්ධනයට වඩාත් වැදගත් ය

08. මෝටර් රථයේදී සිදු විය හැකි අනතුරු වලින් ආරක්ෂා කිරීම

  • වැඩිහිටි ආසනයක ඉඳ ගත හැක්කේ සෙන්ටිමීටර් 140 පමණ(4’6”) උසින් යුත්, බර් කිලෝ 32 ක් පමණ වන දරුවෙකුටයි.එම ආසනය බාවිතා කල නොහැකි දරුවන්ට Booster seat වර්ගය නැතිනම් පි‍ටුපසක් නැති ආසන වර්ගය බාවිතා කල හැකිය.
  • අවු: 2 ට වඩා අඩු දරුවන්ට ආසන පටි සෙන්ටිමිටර් 2-3 කට වඩා වැඩියෙන් නො ඇදෙන ලෙස හොඳින් තද කර රථයේ හිඳුවන්න.
  • ආසනයේ හිඳුවිය හැකි වයසේ දරුවන්ට සාමාන්ය.ය ලෙස එහි ඇති ආසන පටි පලඳවන්න.
  • දරුවා මතට පෙරලීමට ඉඩ ඇති භාණ්ඩ හා ආහාර ද්රනව්යෙය හොඳින් කල්පනාකාරීව අසුරාගන්න.

09. බයිසිකල් පැදීමේදී

  • හෙල්මට් පලඳවන්න අමතක නොකරන්න.
  • බයිසිකලයේ තිරිංග තිබේ නම් දරුවාට ලබා දීමට පෙර ඒවා ක්රි යාත්මක වේ දැයි පරීක්ෂාකර බලන්න.
  • ඇස් වලින් අවධානය දෙමින් හොඳින් අල්ලගෙන එය පැදවීමට දරුවාට මුලින්ම උගන්වන්න.