ඔබේ කනෙන් ඔබ ගැන හෙලි කරන රහස් රැසක්

ශරීරයේ විවිධ අවයව සහා අභ්‍යන්තර ඉන්ද්‍රීයන් අතර ස්නායූ සම්බන්ධතාවන් නිර්මාණය වි පවතියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ඒ අවයවයන් තුලින් සිරුරේ විවිධ අභ්‍යන්තරික රෝග ලක්ෂණ වැනි දේ පෙන්නුම් කිරීම ස්වභාවිකව සිදුවිය හැකියි. මිනිස් කන මඟින් සිරුරේ ලෙඩ රෝග කිහිපයක් පිලිබඳ එවැනි ඉඟි ලබාදීම සිදුකරයි. ඔබේ කන පිහිටා ඇති ආකාරයේ ලක්ෂණ නිරීක්ෂණය කිරීම මඟින් බොහෝ සෞඛ්යනය කරුණු අනාවරණය කරගත හැකියි වගේම අනාගත සෞඛ්යකය අවදානම් පිලිබඳවත් දැනගත හැකියි.
කන මඟින් හෙලි කරන දේවල් මොනවාද?

• හඳුනාගැනීමේ ලක්ෂණයක් ලෙස

උපදින විටදී මිනිස් කන සම්පූර්ණයෙන් වර්ධනය වී අවසන් ව තිබෙයි. අප වයසින් වැඩෙන විට කන් පෙත්ත විශාල වීම හැර කනේ වෙනත් ආකාරයේ වර්ධනයක් සිදු නොවෙයි. මිනිසාගේ ඇඟිලි සලකුණු පිහිටීම හා සමානව කනේ පිහිටීමද ඔහුට/ඇයට ආවේණික ලක්ෂණයක් ලෙස හඳුනාගැනේ.

• නිලීන ජාන සහා ප්‍රමුඛ ජාන වෙනස්කම්

පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ හිසේ පැත්තකට සම්බන්ධ වී ඇති කන් පෙති ඇතිවන්නේ නිලීන ජාන නිසාත්, සම්බන්ධ නොවී එල්ලා වැටෙන ස්වභාවයෙන් කන් පිහිටන්නේ ප්‍රමුඛ ජාන නිසාත් යන හේතුව මූලික වීමෙන් බවයි.

• හෘද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි

ඔබේ කනේ විකර්ණව (කොණින් කොණකට යාවුණු) ගැටිත්තක් දැකිය හැකියි නම් එය හෘත්කිරීටක ධමනි රෝගයේ ලක්ෂණයක් විය හැකියි (Coronary artery disease).

• විටමින් සහා කැල්සියම් ඌනතාව පිලිබඳ හෙලිකරයි

ඔබේ කන් ඉතා සුදුමැලි පැහැයක් ගනියි නම් ඉන් බොහෝ දුරට ඔබේ ශරීරයේ විටමින් සහා කැල්සියම් මට්ටම් ඉතා පහළ අගයක් ගන්නා බව පෙන්නුම් කෙරේ.

• වකුගඩු ආශ්‍රිත ගැටලු හෙලිකරයි

ඔබේ කන් රතු පැහැයක් ගනියි නම් ඔබේ වකුගඩු ආශ්‍රීතව යම් ගැටලු මතු වී තිබෙන බව ඉන් ඉඟි කරනවා විය හැකියි.

• මොලය ශ්‍රීවත ගැටලු හෝ අක්‍රමිකතා පිලිබඳව ඉඟි කරයි

ඔබේ කන් ඉතා තද රතු පැහැයකට හැරී ඇති බව දැක ගැනීමට ඇත්නම් එය ඔබේ මතකය ගිලිහීයාම ,නිතර ඇති වන තදබල හිසරදය හා වෙනත් මොලයේ ආශ්රි ත ගැටලු පිලිබඳව ඉඟිකිරීමක් විය හැකියි.

• කනේ කාර්ටිලේජය ප්‍රදාහයට ලක්වීම

මෙය ‘relapsing polychondritis’ නම් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයකි. එනම් ශරීරයේ පද්ධති ‍රැසක කාටිලේජ නැවත නැවත ප්‍රදාහයට ලක් වීමයි. මෙය ඉතා වේදනාකාරී රෝග තත්වයකි. සන්ධි විකෘතිතා ඇතිවිය හැකි අතර ශ්වසනාලය, හෘද කුටිර සහා රුධිර නාලිකා ආසාදනයට ලක් වීම සිදුවීම මාරාන්තික අවදානම් සහිත වේ.

ප්‍රතීකජනනය අබ්‍යාස නැතිනම් රිෆ්ලෙක්සොලොජි මඟින් සිරුරේ ආතතින් සහා වේදනාවන් දුරුකරවා ගැනීමට හැකියි. ඔබේ පාද වලට සහා අත් වලට ලැබෙන ප්‍රතිඵල වලට සමානව ඔබේ කන ආශ්රිමතවත් මේ ක්‍රමය භාවිතා කිරීම හරහා ඵලදායි ප්‍රයෝජන ‍රැසක් ලබාගත හැකියි. ක‍ටුචිකිත්සාවේදි කන ආශ්‍රිත ලක්ෂ්ය න් 200 ක්ට අධිකව ප්‍රතිකාර සිදුකරනු ලැබේ. ඒවා අපේ සිරුරේ අභ්‍යන්තරික අවයව ,මාංශ පේශීන් සහා අස්ථි පද්ධති වලට සම්බන්ධ වී ඇත. ඒවාට පීඩනය ලබාදෙමින් සම්බාහනය කිරීම හරහා බොහෝ කායික මෙන්ම මානසික සෞඛ්යතය පීඩාවන් ‍රැසක් දුරුකර ගත හැකියි.කනේ තෙරපුම් ලක්ෂ්‍යන් දැක්වෙන පහත වගුව දෙස බලන්න. එය පෙනුමින් නූපන් දරු කලලයක ශරීර අවයව සහා පද්ධති පිහිටන ආකාරයෙන් සකස් වී ඇති බව ඔබට දැකිය හැකි වේවි. මෙම ලක්ෂ්යින් උත්තේජනය කිරීමට සම්බාහන ක්‍රම පිලිබඳව දැන සිටීම වැදගත්ය. ඒ සඳහා ඒ පිලිබඳ විශේෂඥයෙකු හෝ කායික විශේෂඥ වෛද්‍ය වරයෙකු මුණ ගැසී උපදෙස් පැතිය හැකියි.

මෙම පින්තූරයේ ඇති ආකාරයට ඒ ඒ ලක්ෂ්යන් වල කලම්ප ගැසීමෙන් /සවි කිරීමෙන් (clamps) ඇතැම් සුලු වේදනාවන් පහසුවෙන් දුරුකරවා ගැනීමට ඔබට හැකි වේවි.

1 කොන්ද සහා උරහිස් ආශ්‍රීත වේදනා
2 අවයව වල පීඩාවන්
3 සන්ධි වේදනා
4 නාසය සහා උගුර ආශ්රීනත අපහසුතා
5 ජීර්ණය පද්ධතිය ආශ්රිආත වේදනා
6 හිස සහා හදවත ආශ්රිරත වේදනා