ඔබේ එදිනෙදා වැඩ හිතුවටත් වඩා පහසු කරවන අපූරු උපක්‍රම 13 ක්

එදිනෙදා ජීවිතය සැපපහසුවෙන් ගතකරන්න කවුද අකමැති! ජීවිතයේ විවිධ අවස්ථාවල යෙදෙන කටයුතු ලෙහෙසියෙන් වගේම පහසුවෙන් කරගැනීමට ඔබට අවස්ථාව සලසන සරල උපක්රුම ලැයිස්තුවක් පහත දැක්වේ. දැනුමට එකතු කරගන්නවා වගේම,මේ ක්රිම අත්හදා බැලීමටත් අමතක කරන්න එපා!

1. දුරකථනය සොයාගැනීමට

ඔබේ උපකාරයට කවුරුත් නොමැතිව ඔබ නිවසේ තනියම සිටින විට දුරකථනය අස්ථානගත වුණු අවස්ථාවකදී එය සොයාගන්නේ කොහොමද? ඉතා සරලයි. ඔබට තිබෙන්නේ www. google . com / android / find යන link එක ඔබේ පරිගණකයේ browser එකේ ඇති location bar එක මත copy and paste කිරීමයි. එහිදී එම පද්ධතිය හරහා ඔබේ දුරකථනයට ඇමතුමක් ලබාදෙන අතර දුරකථනය මිනිත්තු 5 පුරාවට නාද වීම සිදුවේ.

2. ජනෙල් පිරිසිදු කිරීම

ජනේල් වල හොඳින් පිරිසිදු වී නැති පැත්ත පහසුවෙන් සොයාගැනීමට නිවස ඇතුලතින් ජනේලය තිරස් අතට සෝදා පිරිසිදු කරගන්න සහා පිටතින් සිරස් අතට සෝදා පිරිසිදු කරගන්න.

3. අමුත්තෙකුට ඔබේ නිවස සොයාගැනීමට උපකාර කිරීමට

දුරකථනයෙන් ඔබේ නිවසේ ඡායාරූපයක් ලබාගෙන අමුත්තාගේ දුරකථනයට යවන්න. එවිට ඔහු/ඇය හට පහසුවෙන් ඔබේ නිවස හඳුනාගැනීමට හැකිවේවි.

4. පටලවා නොගෙන Key board එක නැවත සකස් කරගැනීමට

පිරිසිදු කරගැනීමෙන් පසුව බෝඩ් එකේ keys මාරුවීම හෝ මගහැරී යාම වළක්වාගැනීමට පිරිසිදු කරගැනීමට ප්ර ථමයෙන් Key board එකේ ඡායාරූපයක් ලබාගන්න.

5. සුදුලූණු දුගඳ නැතිකරගන්නේ කොහොමද?

අත් වල ගෑවුණු සුදුලූණු දුඟඳ නැතිකරගැනීමට මල නොබැ‍ඳෙන වානේ මතුපිටක (stainless steel) ඔබේ අත් අතුල්ලාගන්න.

6. ketchup බෝතලයක් පහසුවෙන් භාවිතා කරන ආකාරය

ketchup පහසුවෙන් සහා ඉක්මනින් පිටතට ගැනීමට එතුල ප්ලාස්ටික් බටයක් (straw) දමන්න.

7. පැල්ලම් ඉවත් කරගැනීමට

ඇඳුම් වල ඇතිවන පැල්ලම් පහසුවෙන් ඉවත් කරගැනීමට හැකි සේදුම් දියරයක් සාදාගැනීමට පිඟන් සේදුම් දියර වර්ගයක් සහා හයිඩ්රි ක් ඩයොක්සයිඩ් සමාන ප්රතමාණ වලින් ගෙන මිශ්ර් කරගන්න. දැන්, මේ දියරයෙන් ස්වල්පයක් පැල්ලම් ඇති ස්ථාන වලට වත්කරගන්න. එසැණින් පැල්ලම් දිය වී යන ආකාරය ඔබට දැකිය හැකි වේවි.

8. මතක තබාගැනීමට සහා මතකයෙන් පැවසීමට

ඔබ විසින් මතක තබාගත යුතු දෙයක් කියවීමේදී හෝ අසා සිටීමේදී ඔබ කැමතිම රසයක චුයින්ගම් එකක් සැපීම සිදුකරන්න. ඔබට එම තොරතුරු නැවත ආවර්ජනය කිරීමට හෝ මතකයෙන් පැවසීමට සිදුවන අවස්ථාවකදී නැවත එම රසයෙන්ම යුත් චුයින්ගම් එකක් සැපීම සිදුකරන්න. ඔබට පහසුවෙන් කරුණු මතකයට නැගේවි.

9. කෑම ඉක්මනින් රත්කරගැනීමට

මයික්රෝිවේව් උඳුනකට දමා ආහාර රත් කරන විට ආහාර වර්ගය එම බඳුනේ කෙළවරේ පුරවාගන්න. මැද හිස්ව තබන්න. මේ ආකාරයෙන් මිනිත්තු කිහිපයකදී ආහාර රත්කර අවසන් කරගැනීමට හැකියාව ලැබේ.

10. හොඳින් නිය ආලේපන ගල්වා ගැනීමට

බුබුලු මතු නොවී,සුමුදුව, සිහින් තට්ටුෙ ලෙස සහා ඉක්මනින් වියළෙන ලෙස නිය ආලේපන ගල්වා ගැනීමට මිනිත්තු 15-20 ක් පමණ ඒවා ශීතකරණයේ තබා පිටතට ගන්න.

11. උස් අඩි සෙරෙප්පු භාවිතා කරන අයට

ඔබ දවස පුරා බොහෝ වේලාවක් උස් අඩි සහිත සෙරෙප්පු පැලඳ සිටින කෙනෙක් නම්, ඔබට වැඩි සුවපහසුවක් සලසා ගැනීමට හැකි ක්‍රමයක් තමයි මේ. ඔබේ පාද වල දෙවන දබ‍රැඟිල්ල සහා මැදැඟිල්ල ප්ලාස්ටර් එකක් භාවිතයෙන් රූපයේ පරිදි ඔතාගන්න.

12. සින්ක් එකේ ජලය පහලට කාන්දු වන දෙදුරුම් හඬට අකමැතිද? මෙන්න විසඳුම

රූපයේ දැක්වෙන පරිදී පහළට එල්ලෙන සේ කරාමයේ නූලක් ගැට ගසාගන්න. එහිදි, ජලය කරාමය විවෘත කල විට නූල ඔස්සේ ජලය හඬ නොනගා පහළට ගලායාම සිදුවේ.

  • බෝනස්:
  • සත්වෝද්‍යානයක දී හොඳ ඡායාරූප ලබාගන්න ක්‍රමයක්
  • සත්තු වත්තට යන විට එහි සේවකයින්ට සමාන ඇඳුමකින් ඔබ සැරසී සිටින විට සතුන් ඔබ දෙසට හැරී අවධානය ලබාදීමට බොහෝ ඉඩ තිබෙන බව සඳහන් වේ. එසේ සිදුවන්නේ ඇසට හුරුවී තිබීම නිසාය. බොහෝ සතුන් එහි සිටින සේවකයින්ට හොඳින් හීලෑ වී සිටිති. සත්තුන්ගේ ලස්සන ඡායාරූප ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ ටිප් එක ඔබට වැදගත් වේවි.