ඔබේ එදිනෙදා කටයුතු පහසු කරවන සුපිරි උපක්‍රම 15 ක්

අපේ පොඩි පොඩි වැඩවලට බොහෝ වෙලාවට අපි හිතුවටත් වඩා ලොකු වෙලාවක් යනවා ඒ වගේම අපි පාවිච්චි කරන ගොඩක් දේවල් පරණ වෙනවා ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ බාන්ඩවල පරණ පෙනුම නැතිකරගන්න පුළුවන් අපූරු ක්‍රම කිහිපය ගැන

01. ලෙදර් වල පැල්ලම් ඉවත් කරගැනීමට

ජලය සහ විනාකිරි මිශ්‍රණයක් සකසා පැල්ලම් මත ආලේප කර අතුල්ලමින් පිරිසිදු කරගන්න.

02. ආභරණ පිරිසිදුව තබාගැනීමට

මෙය එතරම් නොවටිනා ගල් අල්ලා ඇති ආභරණ පිරිසිදු කරගැනීමට භාවිතා කරන්න. මුදු වල ඇතුලත කොටසට විනිවිද පෙනෙන නිය ආලේපනයක් ආලේප කරගන්න.

03. ඇඳුම් වල තෙල් පැල්ලම් ඉවත් කරගැනීමට

මේ සඳහා බේබි පවුඩර් භාවිතා කරමින් පැල්ලම් ඉවත් කරගත හැකියි.

04. ටී-ෂර්ට් වල ඇකිළුණු ගතිය ඉවත් කරගැනීමට

ළදරුවන් සඳහා භාවිතා කරන ෂැම්පු ස්වල්පයක් ජලය බේසමකට දමා එයට ඇකිළුණු ඇඳුම් දමා පැය බාගයක් පමණ පෙ‍ඟෙන්නට හරින්න. ජලය මිරිකා ඉවත්කර ටී-ෂර්ට් එක තුවා දෙකක් අතර මැද තබා මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හරින්න. දැන්, ටී-ෂර්ට් එකේ නියම හැඩයට පත්වන සේ එය කොන් වලින් අදිමින් ඇදී තිබෙන සේ යම් බරක් ඒ මත තබා වියළෙන්නට හරින්න.

05. ඇඳුම් වල නූල් ඇදී තිබෙනවා නම්

රේසරයක් භාවිතා කර ඒවා ඉවත් කරගන්න.

06. ජීන්ස් කලිසම් වල වර්ණය වෙනස් වීම වළක්වාගැනීමට

සෝදන අතරේදි කලිසම් වල පැහැය දුර්වර්ණ වී යාම වළක්වාගැනීමට රෙදි සෝදන යන්ත්‍රයට හෝ ජලය බේසමට විනාකිරි වීදුරු බාගයක් දමන්න.

07. ඉක්මනින් ඇඳුමක කොලර් එකක් මැදගැනීමට

Hair straightner උපරකරණයක් භාවිතා කරමින් ඇඳුමක බොත්තම් අවට කොටස්, කමිසයක, බ්ලවුසයක කොලර් කොටස් මෙන්ම සායවල් වල වාටි කොටස් හොඳින් මැදගත හැකියි.

08. Suede වර්ගයේ සපත්තු වල කැලැල් ඉවත් කිරීමට

මේ සඳහා සාමාන්‍ය මකනයක් භාවිතා කරමින් සපත්තු පිරිසිදු කරගත හැකියි.

09. Sneakers සපත්තු වල සුදු කොටස් පිරිසිදු කරගැනීමට

පිරිසිදු කිරීමේ දියරයක් සමඟ බේකිං සෝඩා බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. පරණ දත් බුරුසුවක් ගෙන එය මිශ්‍රණයේ පොඟවා සපත්තු වල සුදු පැහැති රබර් කොටස් හොඳින් පිරිසිදු කරගන්න. ජීන්ස් කලිසම් වල යට කොටස බූට් සපත්තු පලඳින විට සකසා ගන්නේ මෙහෙමයි.

10. ඇඳුම් වල දහදිය පැල්ලම් ඉවත් කරගැනීමට

පැල්ලම් ඉවත්කරගැනීමට ලෙමන් යුෂ සහ බේකිං සෝඩා එක් කර සාදාගත් මිශ්‍රණයක් භාවිතා කරන්න.

11. ඇඳුමක් තුලින් cord එකක් යවාගැනීමට

ප්ලාස්ටික් බටයක් භාවිතා කරමින් ප‍ටු සිදුරක් හරහා පහසුවෙන් cord එකක් හෝ නූලක් යැවීම සිදු කල හැකියි.

12. අලුත් සපත්තු පාද වලට හුරු කරගැනීමට

සීල් කල හැකි ප්ලාස්ටික් පැකට් දෙකකට ජලය දමා සපත්තු දෙක තුලට දමා අධි ශිතකරණයේ තබන්න. ජලය ගල් වන විට ඒවා ප්‍රසාරණය වේ. සපත්තු පිටතට ගෙන ජලය දියවනතුරු තබා එම පැකට්‍ටු ඉවත්කරගන්න. * මෙම ක්‍රමය පේටන්ට් ලෙදර් සපත්තු වලට සිදුනොකල යුතුයි.

13. පෑන්ට් කලිසම් වල ස්ථිතික විද්‍යුත ඇති නොවීමට

කලිසම් කකුලේ වාටිය ඇතුලින් safety pin එකක් බැගින් අමුණාගන්න.

14. ජීන්ස් කලිසම් වල zipper එක විවෘත වීම වළක්වාගැනීමට

යතුරක ඇති මෙවැනි මුදුවක් වැනි කොටසක් ගෙන zipper එකේ අමුණාගන්න. එවිට  එය බොත්තම උඩින් පියවිය හැකියි.