ඔබේ ඇහිමැමි වල හැඩයෙන් ඔබේ චරිතය ගැන කියවෙන දේවල් 12ක් මෙන්න

ඇහිබැමි කියන්නේ මුහුණේ ඇති අලංකාර පිහිටීමක්. අපි හැමෝටම ඇහි බැමි පිහිටා තිබුණත් ඒවා පිහිටා තිබෙන ස්වභාවයන් අතිශයින්ම එකිනෙකාට වෙනස්වෙනවා. මේ විවිධත්වය නිසාම විවිධ ඇස් බැමි පිහිටීම් අනුව එම පුද්ගලයින්ගේ චරිත ස්වභාවයන් ගැන යම් යම් කරුණු හෙලි වන බව පැවසෙනවා.

දේහලක්ෂණ න්‍යායට අනුව ඔබේ ඇහි බැමිවල හැඩයෙන් ඔබේ චරිත ස්වභාවය ගැන අනාවැකි පළ කල හැකි බව සඳහන් වෙනවා. මේ ලැයිස්තුවේ විවිධ හැඩයන් වලට ඇහි බැමි පිහිටා ඇති ආකාර සහා එම හැඩයන්ගෙන් ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න පිලිබඳව කරුණු සඳහන් වෙනවා. ඔබට පුලුවන් මේ පරීක්ෂණය ඔබේ යහළුවන් සමඟ උත්සාහ කරල බලන්න.

01. සාමාන්‍ය ඇහිබැමි

මධ්‍යම ප්‍රමාණයේ පළලකින් සහ පරතරයකින් යුතු ඇහි බැමි සහිත පුද්ගලයින් සාම්ප්‍රදායික වටිනාකම් අගයන සහ ඒ වෙනුවෙන් කැපවෙන පුද්ගලයින් වේ. ඔබ ප්‍රෝඩාකාරි ආකාරයෙන් අනවශ්‍ය ලෙස දේවල් හුවා දැක්වීමට උත්සාහ නොකරයි. මෙම ගුණාංගය අන් අය ඔබ කෙරෙන් දකින සහ ඔබේ ඇසුර ප්‍රිය කිරීමට ප්‍රධාන හේතුවකි.

02. අතිශයින් දිගු ඇහිබැමි

දිගු ඇහි බැමි සහිත අය ඕනෑම ආතතියකට මුහුණ දීමේ හැකියාව ඇති අතිශය සමාජ ශීලි අය වෙති. දක්ෂතා සහ කුසලතා මෙන්ම අවශ්‍ය සම්පත් සන්තකයේ පවතින කැපී පෙනෙන අය වන අතර ඔවුන් විශාල පරාසයකින් යුතු දේවල් ‍රැසකට ඇලුම් කරති. මෙවැනි පුද්ගලයින් හට තමන්ගේ සියලු ගැටලු වෙනත් කිසිවෙකුගේ සහය නොමැතිව විසඳා ගැනීමට තරම් ශක්තියක් සහ හැකියාවක් ඇත. මෙවැනි අය තමන්ගේ ප්‍රශ්ණ ,ගැටලු අන් අය  සමඟ පවසන්නේ කලාතුරකිනි.

03. කෙටි ඇහිබැමි

කුඩා කුඩා දේ කෙරෙහි පවා ඔබ දැඩි අවධානයකින් පසුවෙයි. ඇතැම් අවස්ථාවල ඔබේ පෞද්ගලික ජීවිතයේත් ඔබ දැඩි අපහසුකාරි කාල සීමාවන් පසුකර ඇති නිසා අන් අය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්ණ ගැටලු ගැන නිතර නැසිවිලි නගනවා අසා සිටීමට ඔබ අකමැතිය. ඔබ ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අධිෂ්ඨානයක් ඇති අයෙකි.

04. ඝනකමින් වැඩි ඇහිබැමි

ඔබේ අභ්‍යන්තර ශක්තීන් සහ බාහිර ආකර්ෂණීය බව නිසා ඔබ නිතර පසුවන්නේ හොඳ ආත්ම-විශ්වාසයකිනි. අර්බුධකාරි තත්වයන් වලට සාර්ථකව මුහුණ දී කඩිනම් විසඳුමකට පත්වීම ඔබ වැනි පුද්ගලයින්ට ඉතා පහසු දෙයකි. අරමුණක් ඇතිකරගත් පසු ඒ කරා යන ගමනේ ඔබව කිසිවෙකුට හෝ කිසිදෙයකට වැළැක්විය නොහැකිය. අන් අය ඔබ ගැන සිතන දේ කෙරෙහි ඔබේ එතරම් තැකීමක් නැත. ජීවිතය ඔබට අවශ්‍ය පරිදි උපරිම නිදහසකින් යුතුව ගත කිරීමට ඔබ සැමවිටම උත්සාහ කරයි. නිදහසේ ජීවත් වන පුද්ගලයින් යැයි කීම වඩාත් නිවැරදි වේවි.

05. සිහින් බවින් වැඩි ඇහිබැමි

සියුම් සුකුමාළ ගති ඇති අය වේ. අර්බුධ ඇති කරගැනීමට අකමැති මොවුන් ඉතා දක්ෂ ලෙස තම කුසලතා උපයෝගි කරගනිමින් අර්බුධකාරි තත්වයන ඇතිවීම මැනවින් පාලනය කිරිමට සමත් වේ. ඔවුන් හොඳ අසන්නන් වන ප්‍රචලිතය. එමෙන්ම සානුකම්පිත ගතිගුණ ඇති පෞරුෂයන්වේ.

06. වක්‍රාකාර බවින් වැඩි ඇහිබැමි

ඇහිබැමි වඩාත් වක්‍රාකාරව පිහිටා ඇති අය සංවේදී පුද්ගලයින් සේ හැඳින්වේ. ඔවුන් ඇසුරුකරන්නේ කතාබහ කරන්නේ ‍තෝරාගත් පිරිසක් සමඟ පමණි. ඔබව මුල් වරට හමුවු පුද්ගලයෙකුගේ සිතේ ඔබ අහංකාර සහ තමන් ගැන පමණක් සිතන අයෙකු යැයි වැරදි අවබෝධයක් ඇතිවිය හැකියි. නමුත්, ඇත්තෙන්ම ඔබ ඔබට සමීප වූ අයෙකු සමඟ හැර වෙනත් අය සමඟ විවෘතව හෝ මිත්‍රශිලීව කතා නොකිරීම ඊට හේතුවයි. බොහෝ විට ඔබේ විශ්වාසය දිනාගත් අය සමඟ පමණක් ඔබ කාලය ගත කරයි.ඔබ සැමවිටම පරිපූරණ වීමට උත්සාහ කරමින් කටයුතු කරන අයෙකි. එමෙන්ම ඔබ ඔබවම නිතර විවේඡනයට ලක්කරගන්නා පුද්ගලයෙකි.

07. වක්‍රාකාර බවින් අඩු ඇහිබැමි

මෙවැනි පුද්ගලයින් කෙරෙහි ඕනෑම මොහොතක විශ්වාසය තැබිය හැකි බව පැවසේ.  ඔවුන් අන් අය සමඟ අන්තර්සබඳතා ගොඩනගා ගනිමින් සුහදශීලිව කටයුතු කරන අය වේ. ඔවුන්ට අවංක, දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීමේ හැකියාව ඇත.

08. ත්‍රිකෝණාකාර ඇහිබැමි

තියුණු කෝණාකාර හැඩයකින් යුතු ඇහිබැමි පිහිටා ඇත්නම් එම පුද්ගලයා ගතික පෞරුෂත්වයක ඇති අයෙකු යැයි නිගමනය කල හැකි බව මෙම න්‍යායේ සඳහන් වේ. වේගයෙන් කරුණු විමසා පහසුවෙන් සහ ඉක්මනින් තීරණ වලට එලඹීමේ හැකියාව මොවුන්ට ඇත. නමුත්, එසේ ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා අනපේක්ෂිත සහ ගැටලුකාරි ප්‍රතිඵල අත්වූ අවස්ථා ද ඔවුන්ගේ ජීවිතයේ ඇත. මෙවැනි පුද්ගලයින්ගේ ඇසුර බොහෝ දෙනා ප්‍රියකරන්නේ මොවුන් සමඟ සිටින විට කම්මැලි ගතියක් කිසිවිටෙක නොදැනෙන නිසාය. මෙවැනි පිහිටීමක් ඇති අය ස්වභාවිකවම හොඳ නායකත්ව ලක්ෂණ ඇති අය ලෙස හැඳින්වේ. අන් අයට ආදර්ශමත් චරිතයකි. සබකෝලයෙන් තොරව වගකීම් දැරීමට ඉදිරිපත් වීම මොවුන්ගේ ලක්ෂණයකි.

09. වටකුරු ඇහිබැමි

මෙවැනි ඇහි බැමි පිහිටීමක් ඇති පුද්ගලයින්  කරුණාවන්ත සහ හොඳ සැලකිලිමත්භාවයකින් යුතුව කටයුතු කරන අය බව සඳහන් වේ. අන අයගේ ගැටලු තමන්ගේ ඒවා මෙන් සිතා ඔවුන්ට ඕනෑම මොහොතක උදවු කිරීම සඳහා ඉදිරිපත් වීම මොවුන්ගේ ගුණයකි.

10. සෘජු රේඛාවක් සේ පිහිටා ඇති ඇහිබැමි

වක්‍රාකාර බවින් තොර ඇහිබැමි පිහිටීමක ඇති පුද්ගලයි සතුව විශ්ලේෂණාත්මක මනසක් සහ තර්කානුකූල චින්තනයක ඇතැයි පැවසේ. “දෙවරක් සිතන්න. එක්වරම සිදුකර අවසන් කරන්න” ඔවුන්ගේ තේමා පාඨය බඳුයි. අන් අය මගහැරීමට සැම විටම උත්සාහ කරන සත්‍ය නොබියව සැම දෙනා ඉදිරියේ පැවසීම ඔවුන්ගේ ලක්ෂණයකි.

11. විකර්ණව පිහිටා ඇති ඇහිබැමි

ඉහළ ආනතියකින් නැතිනම් බෑවුමක් ආකාරයෙන් පිහිටි ඇහිබැමි පිහිටීමක් ඇති අය ප්‍රබල චිත්තාවේගයන් සහ ආශාවන් සහිත පුද්ගලයින් බව පැවසේ. ඔවුන් තමා මුණ ගැසුණු අයෙකුගේ සිතේ කිසිදා නොමැකෙන මතකයක් , හැඟීමක් ඉතිරි කිරීමට සමත් වෙති. ජිවිතයේදි තමන්ට අවශ්‍ය දේ සහ තමන් අපේක්ෂා කරන දේවල් ගැන හොඳ අවබෝධයක් ඔවුන්ට ඇත. සාර්ථකත්වයට ලඟා වීමට කෙටිම සහ වේගවත්ම මාර්ග ‍තෝරාගැනීම මොවුන්ගේ ක්‍රමයයි.

12. ඇසට නොපෙනෙන තරම් සිහින් ඇහිබැමි

ලා පැහැති ඇහිබැමි සහිත මෙවැනි පිහිටීමක් තිබීම අතිශය දුර්ලභ තත්වයකි.නිශ්චිත හැඩයක් නොගන්නා මෙම පිහිටීම අනාරක්ෂිත බව යන්න ඉඟි කරයි. තමන් සහ තමන්ගේ කුසලතා කෙරෙහි දෙගිඩියාවකින් පසුවීම ලක්ෂණයයි. තමා කෙරෙහි විශ්වාසයක් නොමැතිකම නිසාම බියගුලුකම සහ සබකෝලය (ලැජ්ජාශීලිබව) ඔවුන්ගේ මාර්ගයේ ඇති ප්‍රධාන බාධක බවට පත්වී ඇත. ආත්ම- විශ්වාසය ගොඩනගාගතහොත් ඔබට යා හැකි දුර බොහෝය.