ඔබේ ඇඳ අසල ලෙමන් බාගයක් තබාගෙන නින්දට යන්න

ලෙමන් යුෂ පානයට කවුද අකමැති. ලෙමන් පලතුරේ ඇති ඉහළ විටමින් සී ගුණය නිසාම ඉන් ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ ගැන බොහෝ විට කතාබහ වෙනවා. තේ පානය කරන විට ලෙමන් යුෂ බින්දු කිහිපයක් ඊට එක්කර පානය කිරීමෙන් හොඳ ගුණයක් ඔබට ලැබේවි. එමෙන්ම ආහාර පිසීමේදීත් ලෙමන් ඉතා රසවත් ආකාරයෙන් භාවිතා කල හැකි ක්‍රම තිබෙනවා. නමුත්, ලෙමන් වල ප්‍රයෝජන ඇත්තේ ආහාරයක් ලෙස ගැනීමේදී පමණ ද? නැත. අද දවසේදී අප සූදානම් වන්නේ ලෙමන් බාගයක් ඔබේ ඇඳ අසල තැබීමෙන් ඔබට ලබාගත හැකි වෙනත් වටිනා ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

1. සැහැල්ලු බව වැඩිකරයි.

ලෙමන් වල අඩංගු සිට්රවස් සුගන්ධය නිසා ඔබේ ස්නායු පද්ධතිය සන්සුන් සහා සැහැල්ලු බවට පත්කරවයි. එමඟින්, සාංකාව දුරුකරමින් දවසේ කාර්යබහුල බව නිසා ඇති වූ පීඩනය සහා ආතතීන් සමනය කරගැනීමට උපකාරී වේ. සුගන්ධය ඇති කිරීමට නිවසේ ලෙමන් එසන්ෂියල් ඔයිල් නොමැතිනම් ලෙමන් කැබැල්ලක් මේ සඳහා පහසුවෙන් භාවිතා කරන්න.

2. ඔබේ ඒකාග්රිතාවය සහා අවධානය වැඩිදියුණු කරවයි.

ලෙමන් වල ඇති සුගන්ධය දිනපතා ආග්‍රහණය කිරීමෙන්, පුද්ගලයෙකුගේ සාවධානබව, මනසේ ඒකාග්‍රතාව,මානසික ක්‍රියාකාරීත්වය සහා මතකය වැඩිදියුණු කිරීමට දායක වීමේ අපූරු ගුණයකින් යුක්ත වේ. රාජකාරි කරන ස්ථායේදි ලෙමන් සුවඳ ආග්‍රහණය කරමින් කටයුතු කිරීමේදී අත්වැරදි වීම් බොහෝ දුරට අවම කරගත හැකිබව පැවසේ. මෙසේ පවසන්නේ ජපන් විද්‍යාඥයින් පිරිසක් විසිනි.

3. මනෝභාවයන් (mood) යහපත් කරවයි

ලෙමන් එසන්ෂියල් ඔයිල් විෂාදය තත්වයට ඉතා ප්‍රතතිඵල් දායි ඖෂධ්යකි. ඔබ මෙතෙක් කොතරම් ප්‍රතිකාර කලත් ගුණයක් නොමැති නම් මේ ඖෂධයත් උත්සාහ කර බලන්න.

4. වාතාශ්‍රයේ සිටින විෂබීජ විනාශ කරයි.

ලෙමන් වල සුගන්ධවත් බව මෙන්ම බැක්ටීරියා නාශක ගුණයන් ද බහුලව පවතියි. එමඟින් නිවසේ කාමර තුල වාතාශ්‍රය විෂබීජ වලින් තොර කර පිරිසිදු කිරීමට කටයුතු කරයි.

5. අධි රුධිර පීඩනය ඇති වීම වළක්වයි.

අධි රුධිර පීඩනයෙන් (hypertension) පීඩා විඳින පුද්ගලයින් හට ද ලෙමන් ඉතා ප්‍රයෝජනවත්ය. ලෙමන් වල ඇති සුගන්ධය මඟින් රුධිර පීඩනය පහළ දැමීම සිදුකරයි.

6. කෘමී කරදරයට විසඳුමක් ලෙස

කූඹීන්, මැස්සන්, මදුරුවන් ආදී නොයෙකුත් කෘමීන්ගෙන් ඔබේ නිවසට ඇති කරදර වලට විසඳුමක් ලෙස ලෙමන් භාවිතා කල හැකියි. ලෙමන් වල සුවඳ කෘමී විකර්ෂකයක් ලෙස ක්රිුයා කරයි. ස්වභාවික ක්ර මයක් නිසා සෞඛ්යාකරක්ෂිත බවින් වැඩියි වගේම සිරුරට හානිකාරී කෘමිනාශක ආදී රසායනික ද්රහව්ය මිලදී ගැනීමට මුදල් නාස්ති කල යුතු වන්නේ ද නැහැ. වඩාත් හොඳ ප්ර තිඵල සඳහා ලෙමන් බාගයකට කරාබු නැටි කිහිපයක් ගසා ඔබේ ඇඳ අසල සහා නිවසේ වෙනත් ස්ථාන වල තබන්න. කෘමීන්ගෙන් ඔබට ඇති කරදර අඩුවී යාවි!