ඔබේ ඇදුම් අදින කාමරයේ රහස් කැමරාවක් සවිකර ඇතිදැයි දැන ගැනීමට පහසු ක්‍රම 5 ක්.

ලෝකයේ විවිධ ප්‍රදේශවල පුද්ගලිකත්වය විවිධාකාරයෙන් සලකනු ලබනවා. උදාහරණයක් ලෙස ජර්මනියේ විවෘත දොරවල් සහිත කාර්‍යාල දකින්ට ලැබෙන්නේ කලාතුරකින් වුනත්, අමෙරිකාවේ ඒවා ඉතාමත් බහුලව දකින්ට පුලුවන්. කෙසේවෙතත් තමන්ව රහසිගතව නිරීක්ෂණය වනු දකින්ට කවුරුවත් කැමති නැහැ. විශේෂයෙන්ම පුද්ගලික ක්‍රියාකාරකම්වල යෙදී සිටිනා විට.
Siri Lankawa අපි ඔබට අනතුරු ඇගවීමක් කරන්න කැමතියි. සමහර රෙදි කඩ හිමියන් තම ෆිටෝන් කුටි තුළ රගසිගත කැමරා සවි කරනවා. ඉතින් ඔබ දැනුවත් නම් ඒ ගැන කලින්ම පරීක්ෂාකාරී වෙන්න පුලුවන් නේද?

  1. සැක සහිත අංග සදහා කුටිය පිරික්සන්න.

රහසිගත කැමරා දකින්නට පහසුම ක්‍රමය වන්නේ විමසිලිමත්ව නිරීක්ෂණය කිරීමයි. අගලෙන් අගල විමසීමෙන් ඔබට එවැනි දේ දකින්ට පුලුවන්. බිත්ති සැරසිලි, බිත්ති ලාම්පු, රාක්ක තට්ටු හෝ සැකසහිත වයර් සහ කාච මෙන්ම අනවශ්‍ය ආලෝක කිරණ සැගවුනු කැමරාවක ලකුණු විය හැකියි.

2.Wi-Fi සම්බන්ධතාවකට යන්න.

නිරීක්ෂණ කැමරා සාමාන්‍යයෙන් wi-fi වලට ප්‍රත්චාර දක්වනවා. ඒ අනුව ඔබට කුටියේ තියෙන කැමරාවක් ග්‍රහණය කරගත හැකියි. එම ජාලයට සම්බන්ධ වෙනත් උපකරණ ගැන තවදුරටත් සොයාගැනීමට ඔබට තවත් app එකක්
භාවිතා කරන්න සිදුවේවි. තවද කැමරා නිෂ්පාදක ව්‍යාපාරික නාම හෝ ලාංජන,උදාහරණ වශයෙන්, IB Camera වැනි සදහනක් තිබේ දැයි බලන්න.

  1. ඔබේ දුරකතනයේ ෆ්ලෑෂ් ලයිට් භාවිතා කරන්න.

කැමරා සැගවීමට පහසුම තැනක් තමා මුහුණ බලන කණ්නාඩි. ඒ නිසා ඒවා ප්‍රවේශමෙන් බලන්න. කුටිය තුළ ලයිට් නිවා දැමීමට පුලුවන් නම් වඩා හොදයි. දැන් Flash light එකෙන් කණ්නාඩිය පරීක්ෂා කරන්න. කණ්නාඩිය තුළින් දිළිසෙන එලි හරහා එහි අනෙක් පස සගවා ඇති කැමරාවක් ඔබට අසුවිය ගැකියි.

  1. කණ්නාඩිය හොදින් පරීක්ෂා කරන්න.

දෙපස පෙනෙන (two-way) කණ්නාඩි වල එක් පසක් ආලෝකමත්වද අනෙක් පස අදුරුවටද තැබිය හැකි නිසා ඒවා සවිකිරීමට fit-on කුටි ඉතා යෝග්‍යයි. ඔබේ දෙනෙත් කණ්නඩියට ළං කර එලි ආවරණය කරමින් පිරික්සන්න.එවිට ඔබට එය ඇත්තෙන්ම two-way කණ්නඩියක්ද කියල සැකහැර දැනගන්න පුලුවන්.

  1. කණනාඩිය ඇගිල්ලකින් ස්පර්ෂ කරන්න.

සාමාන්‍ය කණ්නාඩියක් මත ඉබේ ඇගිල්ල තැබූ විට ඇගිල්ලත් එහි ප්‍රතිබිම්බයත් අතර සුලු හිදැසක් තියෙන්න ඕනෑ. එසේනම් ඒ ඇත්තම කණ්නාඩියක්. එහෙත් එවැනි හිදැසක් නොවේනම් ඒ two-way එකක් විය හැකියි. එවිට ඔබ තවත් කෙනෙකුගේ දර්ශනයට ලක් වී ඇතිබව වටහා ගන්න.

ඔබ කවදා හෝ නොගැලපෙන තැනක සවිකළ රහසිගත කැමරාවක් දැකල තියෙනවද? ඒ කතාව අපටත් කියන්න