ඔබේ අත්ලේත් මේ සලකුණු තිබෙනවානම් ඔබ ගැන හෙළිවෙන රහස් මෙන්න

හස්ත රේඛා ශාස්ත්‍රය එහෙමත් නැතිනම් අත්ලේ රේඛා පිහිටා ඇති ආකාරය අනුව කෙනෙකුගේ අනාගතය ගැන අනාවැකි පළ කිරීම කියන්නේ ඉතා අතීතයේ සිටම පැවත එන ශාස්ත්‍රයකි. හස්ත රේඛා ඇසුරෙන් අනාගතය ගැන අනාවැකි පළ කිරීමේදී අත්ලේ ඇති මෙම X අකුරේ හැඩය් ද බොහෝ සෙයින් විශේෂ වෙනවා. ඇත්තටම මේ පිහිටීමෙන් කියවෙන්නේ මොකක්ද?

අනාගතය ගැන ඉඟි ලබාදීම නැත්නම් අනාවැකි කීම කියන්නේ විද්‍යාත්මක පදනමක් ඇති දෙයකි. උදාහරණයක් ලෙස ගණිතඥයින් ගණිත කර්ම ඇසුරෙන් ද, ජෝතීර්වේදීන් තාරකා විද්‍යාව එහෙමත් නැතිනම් නක්ෂත්‍රය ඇසුරෙන් අනාවැකි පළ කරති.

හස්ත රේඛා ශාස්ත්‍රය

‘Palmistry’ යනුවෙන් බටහිර භාවිතයේ ඇති මෙම ශාස්ත්‍රය අනාගත ගැන අනාවැකි පළ කරන එක් ශාස්ත්‍රයක් පමණි. අතේ රේඛා ස්වභාවිකව පිහිටා ඇත්තේ කෙසේද ? ඉන් එම පුද්ගලයාගේ අනාගතය ගැන බොහෝ කරුණු කාරණා හෙලි කරගත හැකි බව පැවසේ. මේ ශාස්ත්‍රය ගැන අවබෝධයක් ලැබීමට නම් ඒ පිලිබඳ ඉගෙන ගත යුතුවෙනවා.

 කෙසේවෙතත්, මේ අනාවැකි ශාස්ත්‍රයේ හමුවන එක් පුරෝකථනයක් වන මෙම X අකුරේ පිහිටීමේ ඇති වැදගත් කම ගැනයි අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ.

අත්ලේ ඇති මෙම X අකුරේ හැඩය ලොව ජනගහනයෙන් 3% ක් තරම් පිරිසකට පමණක් පිහිටන විශේෂ ලක්ෂණයක් බවයි සඳහන් වෙන්නේ.

අර්ථය

“මින් අර්ථවත් වන්නේ ඔබේ දෛවය අන්‍යන්ට වඩා බොහෝ වෙනස් ලෙස ලියවුණක් බවත් ඔබ සතුව අසමසම හැකියාවක් ඇති බවත්ය”. ලෝක ඉතිහාසය දෙස බලන විට මෙවැනි හස්ත රේඛා පිහිටීමක් තිබූ බොහෝ දෙනා ලොව වෙනස් කල ලෝක නායකයින් වේ.උදාහරණයක් ලෙස:

හිටපු ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ගේ අල්ලේ මෙම ලක්ෂණය තිබූ බව පැවසේ. ඔහුගේ අතිශය සාර්ථක දේශපාලන ජීවිතය දෙස බලන විට මෙහි සත්‍යතාව තවත් තහවුරු නොවන්නේ ද සිතිය හැකියි. ඔහු මියගොස් වසර ගණනාවක් ගත වී ඇතත් අදටත් ඔහු බොහෝ දෙනාට ප්‍රේරණයක් ඇතිකරවන පුද්ගලයෙක් බව අවිවාදිතය.

තවත් එක් ප්‍රසිද්ධ මතයක් නම් ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ අල්ලේ මෙම X හැඩයේ ලක්ෂණය පිහිටී තිබූ බවයි. ඔහු අන් අයට වඩා වෙනස් පෞරුෂත්වයකට හිමිකම් කියූ ,දක්ෂයින් අතරින් අති දක්ෂයෙක් බව කවුරුත් දන්නා කරුණකි. මෙම පිහිටීම සහිත පුද්ගලයින් අතිශය බුද්ධිමත් අය බව තහවුරු කෙරෙන තවත් උදාහරණයක් ලෙසත් මෙය දැක්විය හැකියි.

ලෝක ඉතිහාසය වෙනස් කරමින් දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩනැගූ මැසිඩෝනියාවේ තුන්වන ඇලෙක්සැන්ඩර් හෙවත් මහා ඇලෙක්සැන්ඩර් රජු ගේ අත්ලේ ද මෙම රේඛාව පිහිටා තිබූ බව සඳහන් වේ. ඔහු නිර්භීත සහ දක්ෂ අධිරාජ්‍යයෙකි.

ඔබේ අත්ලේත් 3% ක පිරිසකගේ තරම් අතිශය දුර්ලභව පිහිටන මේ X සලකුණ හස්ත රේඛා පිහිටීම දක්නට ලැබේ නම් විශ්වාස කරන්න; “ඔබ ඉතා වාසනාවන්ත අයෙක් වන අතර ඔබට හොඳ දීප්තිමත් අනාගතයක් ඇති බව නිසැකයි!”.