ඔබව අවලස්සන කරන වැරදි 12ක් මෙන්න

බාහිර සුන්දරත්වය කියන්නේ කාන්තාවන් ගොඩක් සැලකිලිමත් වෙන දෙයක් වගේම නිතර සැසඳීමට ලක්වන දෙයක්. තවත් කෙනෙකුගේ පෙනුමේ තියෙන දෝෂ හරිම ඉක්මනින් අපේ ඇසට හසුවෙනවා. ඒ වගේ දේවල් ඇතැම් අය විවේඡනය කරන්නේ හරියට ඒ වගේ දෝෂ තමන් තුල නැහැ වගේයි. නමුත්, ඇත්තටම අපේ පෙනුම අපට කණ්ණාඩියකින් හැර බලාගන්න විදියක් නැති නිසා ඒ වගේ සුලු සුලු දේවල් මගහැරී යන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. සමහර විට අපේ පෙනුමේ ඇති අඩුපාඩුකම් ගැන අපේ ඇති නොදැනුවත්කම නිසා අපේ පෙනුමත් ඒ ආකාරයෙන් ඇතැම් අයගේ දෝෂදර්ශණයට ලක්වෙලා ඇති.

අනික් අයගේ අඩුපාඩු දකින එක පහසු වුණත් තමන්ගේ පෙනුමේ අඩුපාඩු අපට දැකිය නොහැකි නිසා ගොඩක් වෙලාවට අපේ පෙනුමේ මගහැරුණු දේවල් ‍රැසක් තිබෙන්නට පුලුවන්. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ඒ වගේ අඩුපාඩුකම් කිහිපයක් පිලිබඳවයි. අද පටන් මේ අඩුපාඩුකම් නිවැරදි කරගන්න ඔබත් උත්සාහ කරන්න.

01. බ්‍රා පටි

මෙය අද ලෝකයේ විලාසිතාවලම කොටසක් වෙලා. නමුත්, රාජකාරීමය, වෘත්තීමය වටපිටාවකදී මෙවැනි පෙනුමක් සහිතව සහභාගි වීම එතරම් විනීත හා උචිත හැසිරීමක් යැයි කිව නොහැකියි.විසඳුමක් ලෙස පටි නොමැති බ්‍රා (straepless) හෝ විවිධ හැඩයන්ගෙන් ඇති යට ඇඳුම් භාවිතා කල හැකියි. ඒවගේම ඇඟට තද වූ සහ පළල් පටි සහිත ඒවා ‍තෝරගැනීම ඔබට පහසුවක ඇතිකරාවි.

02. ඩියොඩ්‍රන්ට් පැල්ලම්

ගොඩක් දෙනෙක්ට මෙය මගහැරෙන්න පුලුවන්. විශේෂයෙන්ම අත් නොමැති සහ තද ඇඳුම් ඇඳීමේදි මෙය අන් අය ඉදිරියේ කැපීපෙනෙන්නට ඉඩ තිබෙනවා. පැල්ලම් ඉතිරි නොවන ගුණාත්මක ඩියොඩ්‍රන්ට් වර්ග වෙළඳපොලේ තිබෙනවා.

03. ප්‍රමාණයට වඩා ඇඳුම් වල අත් දිගින් යුක්ත වීම

ඇඟේ ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් වැඩි සහ දිගින් යුත් ඇඳුම් නිසා ඕනෑම කෙනෙකුට කුඩා දරුවෙකුගේ මෙන් පෙනුමක් ඇතිවේ. විලාසිතා ‍තෝරාගැනීමේදි ඔබ මේ ගැන විශේෂයෙන්ම අවධානය යොමුකල යුතුයි. නොගැලපෙන ඇඳුම් භාවිතය නිසා ඔබ කෙරෙන් අවුල් සහගත පෙනුමක් දිස්විය හැකියි. එය් අඔබේ පෞරුෂත්වයට වගේම පෙනුමට හානි කල හැකියි. ඔබේ ඇඳුම් වල අත් දිගින් වැඩිනම් ඒවා ඉහළට රෝල් කරමින් කෙටි කරගන්න. ඉන් ඔබේ පෙනුමට ආකර්ෂණීය බවක් එක්වේ. නැතිනම් වැඩි අත් කොටස ඉවත් කරමින් මිම්මකට අනුව ඇඳුම පිළිසකර කරගන්න.

04. නොගැලෙපෙන හෝ සුදුසු නැති ෆවුන්ඩේෂන් ආලේප කිරීම

 ඇතැම් ෆවුන්ඩේෂන් ක්‍රීම් වර්ග ආලේපයෙන් ටික වෙලාවක් ගත වන විට දියවෙන්නට පටන්ගන්නවා. ඇතැම් ඒවායේ  නිසා ඡායාරූප වල ඔබේ මුහුණ අධික සුදු පැහැයකින් දිස්වෙන්නට ඉඩතියෙනවා. ඊට හේතුව තමයි එම නිෂ්පාදන වල අඩංගු විවිධ රසයනික අමුද්‍රව්‍ය .

ඡායාරූප වලට පෙනී සිටීමට මේක්-අප් එකක් සිදුකරනවා නම් සාමාන්‍ය අගයට වඩා අඩු SPF අගයක් සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු සන්ස්ක්‍රීන් හෝ ෆවුන්ඩේෂන් නිෂ්පාදන මුහුණේ ආලේප නොකරන්න.ඉන් අදහස් වන්නේ සන්ස්ක්‍රීන් නිෂ්පාදන භාවිතයෙන් ඉවත්කරන්න කියලා නම් නෙවෙයි!

05. ගෙවි ගිය ,නොගැලපෙන  accessories භාවිතය

අපි accessories භාවිතා කරන්නේ අපේ පෙනුමට සම්පූර්ණ බවක් එක්කරගැනීමටයි. නමුත්, අපේ ඇතැම් වැරදි භාවිතාවන් නිසා අපේ සම්පූර්ණ විලාසිතාවේම පෙනුම නැතිවෙලා යන්නත් පුලුවන්. මේ වැරද්දත් ඉන් එකක්. ඔබ භාවිතා කරන බෑග්, සපත්තු, බෙල්ට්, ආභරණ මේ සියල්ල එකිනෙක් ගැලපිය යුතු නැති වුණත් සමාන තේමාවක් සහිතව ගැලපෙන ඒවා භාවිතා කිරීම ඔබේ පෙනුමට වැඩි ආකර්ෂණීය බවක් එක්කරයි.

අවපැහැ ගැන්වී ගිය, ගෙවී ගිය , පරණ ඇඳුම්, පැලඳුම් තවදුරටත් භාවිතය එතරම් ආකර්ෂණීය නැහැ.

06. පාද වලට නොගැලපෙන ප්‍රමාණයේ සපත්තු-සෙරෙප්පු පැලඳීම

පාවහන් විලාසිතාවට ඇති කැමැත්ත නිසා අපහසුවකින් හෝ ප්‍රමාණයට වඩා කුඩා ඒව පැලඳීම ඇතැම් අය සිදුකරන දෙයක්. නමුත්, වඩාත් වැදගත් වන්නේ සැපපහසුබව බව මතක තබාගත යුතුයි. මෙවැනි වැරදි භාවිතාවන් නිසා ඔබේ දෙපා වලට එල වන දැඩි පීඩනය සහ අපහසුව නිසා පාද වලට හානි වෙන්නත් පුලුවන් (ඉදිමීම, පෙරළී උළුක් වීම වැනි…).එබැවින්, ඔබට ගැලපෙන , පහසු සැකැස්මකින් ඇති පාවහන් භාවිතා කරන්න. පාවහන් පැලඳීමේදි කාලගුණය ගැන අවධානයක් තිබීමත් ඔබට වැඩි පහසුවක් ඇතිකරාවි.

07. බෙල්ට් ලූපයක් මගහැරී තිබීම

මේ වගේ සුලු අත්වැරදි ඔබටත් වෙලා ඇති. කමිසය යට කර අඳින විට මෙය අන් අයගේ නෙත ගැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. සමහර විට එය මගහැරුණු දෙයක් ලෙස සිතනවාට වඩා ඇතැම් අය ඔබ අපිළිවෙල කලබල පුද්ගලයෙක් කියා වැරදියට වටහාගන්නත් ඉඩ තිබ්වෙනවා.

ඇඳුම් ඇඳගත් පසු ඔබේ පෙනුම සම්පූර්ණයෙන්ම බලාගත හැකි උස කණ්ණාඩියක් කාමරයේ සවිකරගන්න. ඉන් ඔබට මේ වගේ අතපසුවීම් නිවසින් පිටවන්නට කලින්ම නිවැරදි කරගන්න පුලුවන්.

08. ඇඳුම් වලට ඉස්හොරි හෝ හිසකෙස් කොටස් වැටී තිබීම

වියළි හිස්කබලක් ඇතිවීම නිසා ඉස් හොරි ඇති විම ලැජ්ජාවට හේතුවක් නොවුණත් ඇතැම් අය මෙය ඔබේ සනීපාරක්ෂාව මදිකම කියා සිතන්නට ඉඩතිබෙනවා. ඉතින් ඔබේ ඇඳුම් වල පිරිසිදු බව -පිළිවෙල ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. හිසකෙස් පීරාගත් පසු ඇඳුම් මතට වැටී ඇති ඉස් හොරි හෝ හිසකෙස් කොටස්  ලින්ට් රෝලර් එකකින් හෝ කුඩා බුරුසුවකින් ඉවත්කරගන්න.

09. ඇඳුම් වල ෆවුන්ඩේෂන් පැල්ලම්

කලබලෙන් මේක්-අප් එක කරගන්නා විට මේ වගේ ගැටලු ඇතිවිය හැකියි. ෆවුන්ඩේෂන් ගැල්වූ පසු ‍ෆිනිෂිං පවුඩර් එකක් භාවිතා කරන්න.  මේක්-අප් එක විනාශ නොවී ආරක්ෂා වීමට නිපදවා ඇති සුවිශේෂි රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොලේ තිබෙනවා. ඒ වගේම තමයි මේක්-අප් කරගත පසු ඇඳුම් අඳිනවා නම් ඔබේ හිසට රෙදි කැබැල්ලක් දමා ඉන් පසුව ඇඳුම ඇඳීම සිදුකරන්න. බෙල්ලට පහළ ෆවුන්ඩේෂන් ආලේප නොකිරීමට සැලකිලිමත්වන්න.

10. කිලිටි දෙපතුල්

යටි පතුල් වල පිරිසිදු බව ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න. සෑම දින 2 කට වරක්ම ඔබේ යටිපතු සඳහා ස්ක්‍රබ් සත්කාරයක් ලබාදෙන්න.  රාත්‍රී නින්දට පෙර ෆුට් ක්‍රීම්  එකක් ආලේප කරන්න.

11. හෙයාර් බෑන්ඩ් බ්‍රේස්ලට් ලෙස පැලඳීම

මේ පුරුද්ද එතරම් ආකර්ෂණීය එකක් නොවන බවයි කියන්නේ. කොහොම වුණත් හෙයාර් බෑන්ඩ් එකක් නිතර ලඟ තබාගැනීම නරක දෙයක් නෙවෙයි. ඔබට හැකියි ඒවා ඔබේ පසුම්බියේ හෝ බැගයේ තබාගන්න.

12. අපිරිසිදු කන් පෙති

අලංකාර කරාබු වලින් කන හැඩකරගන්නවා වගේම කන් වල පිරිසිදුකම පවත්වාගැනීමට සැලකිලිමත් වීමත් ඉතා වැදගත් වෙනවා. වාතාශ්‍රයේ ඇති කුණුදුහුවිලි අපද්‍රව්‍ය වගේම කනේ ඇති කන් කලාඳුරු ඒකරාශී වීම නිසා කන නිතරම අපිරිසිදු වෙනවා.  දිනපතා  ඇඟ සෝදන විට හෝ ස්නානය කරන විට බාහිර කන් පෙති හොඳින් පිරිසිදු කරගන්න. කන් වල අපිරිසිදු බව පිටතට හොඳින් පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙයක් නිසා එය ඔබේ සුන්දරත්වයට හානිකරයි.