ඔබව අවලස්සන කරන වැරදි විලාසිතා 13ක්

කාලෙන් කාලයට නවීන විලාසිතා වර්ග ලෝකයට හඳුන්වාදෙනු ලබනවා. විලාසිතා නිරන්තරයෙන් වෙනස් වුණත් ඇඳුම් අඳින පලඳින විලාසය වෙනස් වෙන්නේ නැහැ.  ඔබේ ඇතැම් විලාසිතා භාවිතාවන් නිසා ඔබේ වයසට වඩා වැඩි පෙනුමක් මතුකර පෙන්වීමට ඉඩ තිබෙනවා.  වඩාත් උචිත සහා ආකර්ෂණීය ආකාරයෙන් විලාසිතාවන් භාවිතා කරන්න නම් මේ Tips ටිකත් මතක තියාගන්න!

01. ඔබේ ඇඳුම් වල අනුපාතයන් ගැන සැලකිලිමත් වන්න (outfit proportion)

මෙය විලාසිතා භාවිතයේදී ඉතා වැදගත් වන දෙයකි. අනුපාතයන් නොගැලපීමෙන් ඔබේ සම්පූර්ණ විලාසිතාවම අවුල් වී යායි. මේ ඇඳුම් ගැලපීම් ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වන්න: පළල් කකුල් සහිත කලිසම් (wide-legged pants) සඳහා  slim fit top වර්ග වඩාත් උචිතය. Baggy වර්ගයේ T-Shirt වලට තද jeans වර්ගයේ කලිසම් වඩාත් හොඳින් ගැලපේ ඇඳුම් ගැලපීමේදී ශරීර ප්‍රමාණය ගැන සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. ඔබේ ඇඳුම් වඩාත් ලිහිල් වීම සුදුසු නැහැ. ඉන් ඔබේ සිරුරේ ලස්සන හැඩය සඟවනවා. ඒ වගේම ඇඟට හිර වඩාත් තද ඇඳුම් භාවිතයෙන් ද ඔබේ සිරුරේ හැඩය විකෘති වී කැතට පෙනිය හැකි නිසා ඔබේ සම්පූර්ණ විලාසිතාවම ප්‍රයෝජනයක් නොමැති වී යා හැකියි.

02. Accessories භාවිතය

style එකට අඳින විට ඒ සමඟ වඩාත් ගැලපෙන accessories වර්ග භාවිතා කිරීමත් වඩාත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම සපත්තු, සෙරෙප්පු, බෑග්, පර්ස් සහා බඳ පටි භාවිතය මේ අතරින් ප්‍රධානයි. වර්ණ ගැලපීම අද කාලයේ කල් ඉකුත් වූ විලාසිතාවක් ලෙසයි සැලකෙන්නේ. ඔබ භාවිතා කරන කරන එක් accessory එකක් වඩාත් bright , නැතිනම් වඩාත් දීප්තිමත් වර්ණයකින් ‍තෝරාගන්න. ඇඳුමේ ඉතිරි කොටස් neutral වර්ණ වලින් design කරගන්න.

03. belts භාවිතය

Baggy ඇඳුම් වර්ග නිසා ඇතැම් අවස්ථාවලදී  ඔබව අපිළිවෙල සහා අවුල්සහගත අයෙක් ලෙස දිස්විය හැකියි. ඒ වගේම ඉන් ඔබව තරබාරු අයෙක් ලෙස පෙනීමටත් ඉඩ තිබෙනවා. එවැනි ඇඳුම් වර්ග භාවිතා කිරීමේදී පින්තූරයේ ආකාරයෙන් belt විලාසිතාවක් භාවිතා කරන්න. ඉන් ඔබේ සිරුරේ හැඩය මනාව ඉස්මතු කරමින් ඔබට සැහැල්ලුබවක් ද ලබාදේවි.

04. Retro styles වලට බායි කියන්න

දශක ගණනාවක් තිස්සේ විවිධ විලාසිතා ලෝකයට බිහිවෙමින් පවතියි. ඒවා කාලයෙන් කාලයට අලුත් වන අතර ඇතැම් ඒවා භාවිතයෙන්ම ඉවත් වී යයි. කොතරම් කැමති විලාසිතාවක් වුණත් ඔබේ ඇතැම් jeans විලාසිතා යල් පැන ගිය ඒවා විය හැකියි.උදාහරණයක් ලෙස bell-bottom jeans විලාසිතා අද විලාසිතා ලෝකයේ භාවිතයෙන් ඉවත් වී ගිය විලාසිතාවකි.නමුත්, ඔබ තවමත් ඒවා අඳිමින් සිටිනවා නම් එය ඔබේ විලාසිතානුකූල බව ඉන් ඔබට වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් ඇතිකරවිය හැකියි. එබැවින් එවැනි යල් පැනගිය විලාසිතා භාවිතා කිරීමේදී ඔබේ පෙනුමට සිදුවිය හැකි හානිය ගැනත් සිතා බලන්න.

05. Teenage outfits භාවිතා කලා ඇති!

 වයසත් සමඟ විලාසිතා නීතිත් වෙනස් වෙනවා.  ඒ නිසා ඔබ වයස අවුරුදු 14 දි ඇන්ද ඇඳුම් තවදුරටත් ඇඳීම ඔබව තවත් තරුණ කර පෙන්වනවා කියා සිතන්න එපා. Glitter jeans සහා කා‍ටුන් ප්‍රින්ට් සහිත T-shirt වර්ග ඇඳීමෙන් ඔබව ලාබාල අයෙකු ලෙස පෙනෙනවාට වඩා ඔබේ වයසේ වෙනස වඩාත් හොඳින් කැපී පෙනීමට මෙය හේතුවක් වේවි. ඒ වගේම යෞවන කාලයේ ඇඳපු ඇඳුම් දැන් ඔබේ ශරීර ප්‍රමාණයට සහා වයසට නොගැලපෙනවා විය හැකියි. මෙය ඔබේ ආකර්ෂණීය පෙනුමට බාධාවක් විය හැකියි. ඉතින් එවැනි විලාසිතාවලට වඩා classic blue jeans කලිසමක් සමග සුදු  plain T-shirt විලාසිතාවකින් සැරසීම මඟින් ඔබට විලාසිතානුකූල තරුණ පෙනුමක් ලබා ගත හැකියි.

06. නවීන කණ්ණාඩි රාමු පලඳින්න

විලාසිතානුකූල බව වැඩිකරවන තවත් දෙයක් තමයි ඔබේ කණ්ණාඩි භාවිතය. නමුත්, නොගැලපෙන රාමු සහා වැරදි ප්‍රමාණයන් වල කණ්ණාඩි පැලඳීම මඟින් ඔබේ සම්පූර්ණ විලාසිතාවේම ලස්සන නැතිවී යා හැකියි. ඒ නිසාම නවීන විලාසිතාවලින් යුත් කණ්ණාඩි කුට්ටමක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා! මේ tip එක කිව්වේ කණ්ණාඩි භාවිතා කරන අයටයි.

07. කෙටි කොණ්ඩ විලාසිතාවක් භාවිතා කරන්න.

දිගු කොණ්ඩ විලාසිතාවකින් ඔබට වයසට වඩා වැඩි පෙනුමක් එක් කරන බව සිතෙනවා නම් කෙටි කොණ්ඩා විලාසිතාවකට මාරු වෙන්න උත්සාහ කල හැකියි. මේ සඳහා shoulder bobs සහා short layers කොණ්ඩ විලාසිතාවක් භාවිතා කිරීම වඩාත් උචිත වේවි. එමඟින් ඔබට ඉතා ලාබාල පෙනුමක් එක්කරනවා වගේම ඔබේ සමේ පැහැය වඩාත් දීප්තිමත් පෙනුමකට පත් කරවයි.

08. Manicure සත්කාර

ඔබේ අත් ඔබේ වයස හෙලි කරයි. දම්, පීච් සහා මුතු රෝස පැහැය යන නිය ආලේපන වර්ග වලින් ඔබේ ඇඟිලි වලට වියපත් පෙනුමක් එක්කරයි. විශේෂයෙන්ම ඔබේ සමේ පැහැය සමඟ මෙම වර්ණ වඩාත් වෙනස් ලෙස (contrast) පෙනේ. ඔබේ අත් වල වියපත් පෙනුම අවම කරගැනීමට dove beige, දීප්තිමත් සුදු පැහැය,හෝ ක්‍රීම් සුදු පැහැයෙන් යුත් නිය ආලේපන භාවිතා කරන්න. ඕවලාකාර සහා දිගුව නිය පොතු හැඩකරගනිමින් පවත්වාගැනීම වඩාත් උචිත manicure ක්‍රමයයි.

09. Blush කිරීමේදී එය නිවැරදිව සිදුකරන්න.

කොපුල් මත blush කිරීමෙන් ලෙස ‍රැළි වැ‍ටුණු ස්වභාවයන් අනවශ්‍ය ලෙස ඉස්මතු කර පෙනිය හැකියි. එය වළක්වාගැනීමට blush කිරීමේදී කම්මුලේ සිට කම්මුල් ඇටය හරහා නළල කෙළවර දක්වා තිරස් අතට ආලේප කරගන්න.

10. Bronzer වඩාත් සැලකිල්ලෙන් භාවිතා කල යුතුයි.

නාසය මත, නිකට මත සහා නළල මත bronzer ආලේප කිරීමෙන් ඔබට වයස්ගත පෙනුමක් ඇති make-up look එකක් ලබාදේ. එය වළක්වාගැනීමට මේ ත්‍රිත්ව හැඩ චලනයන් අනුගමනය කරන්න:නළලත මැද සිට දෙපසට ,පසුව කම්මුල් මැද හරහා නිකට සහා බෙල්ල දෙසට ආලේප කරගන්න. මෙම ක්‍රමයෙන් ඔබට හොඳ tanned look එකක් සහා දීප්තිමත් නිමාවක් ලැබේවි.

11. ස්වභාවික ලස්සන ඉස්මතු කරවන ආකාරයේ make-up එකක් භාවිතා කරන්න.

පුද්ගලයෙකුගේ වයස හඳුනාගත හැකි ශරීර ලක්ෂණ ලෙස දෙතොල් , ඇස් සහා ඇහි බැමි හැඳින්විය හැකියි. වයස් ගත වීමේදී දෙතොල් සිහින් වී ඇහි බැමි හැලි කුඩා වී යයි. ඔබේ මුහුණේ වියපත් පෙනුම අවම ලෙස පෙනෙන ආකාරයෙන් දිස්වීමට නම් Make-up  භාවිතයේදී bright වර්ණ භාවිතා නොකර සිටීමට මතක තබාගන්න.

02. තොල් ආලේපන ලා වර්ණයකින් ‍තෝරාගන්න.

 තද පැහැති තොල් ආලේපන වලින් ඔබේ දෙතොල්

සිහින් කර පෙන්වයි. එමෙන්ම වයසට වඩා වැඩි පෙනුමක් දිස්වීමටත් එය හේතුවක් වේ. ඒ වෙනුවට ලා පැහැ වර්ණ (juicy berry colors) ‍තෝරාගන්න.

13. සිනහාව

ඔබට තරුණ පෙනුමක් ලබාදීමට සමත් වන තවත් වැදගත් දෙයක් වන්නේ ඔබේ ලස්සන සිනහාවයි!  ඔබ සිනාසෙන විට ඔබව වඩාත් තරුණ ලෙස පෙනෙන බව පර්යේෂණයක් මඟින් තහවුරු කරගත් කරුණකි.