ඔබත් ලස්සන වෙන්න කියලා හිතාගෙන මේ දේවල් කරනවනම් දැන්ම ඒ දේවල් නවතා දමන්න

සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට සහ තවත් ඔප්නංවාගැනීමේ අදහසින් ඇතැම් රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග සඳහා අපි විශාල මුදලක් වැයකරන්නෙමු. නමුත්, කොතරම් වැඩි මුදලක් ගෙවා පරිහරණය කලත් ඉන් අපට ලැබෙන ප්‍රයෝජනයක් නොමැති නම් එය තවදුරටත් භාවිතා කරනවාද නැද්ද යන්න  සිතා බැලීමට සිදුවෙනවා.  පහත දැක්වෙන්නේ චර්ම රෝග විශේෂඥවරුන් විසින් පැහැදිලි කරන ලද ප්‍රයෝජනයක් නොමැති එවන් රූපලාවන්‍ය ක්‍රම කිහිපයකි.

01. Eye patches

මෙය trend එකක් ලෙස ජනප්‍රිය වී ඇති ක්‍රමයක් වුවත් ඉන් ලැබෙන්නේ ඉතා තාවකාලික සත්කාරයක් පමණි. එමෙන්ම ඒවා භාවිතා කල හැක්කේ ද එක් වරක් පමණයි. මේවා තරමක් මිලෙන් අධික වීමත් අවාසියකි. මේවාට වඩා ක්‍රීම් වර්ගයක් භාවිතා කිරිමෙන් දිගුකාලින සහ වැඩි ප්‍රතිලාභයක් ඔබේ මුහුණේ පෙනුමට ලබාගත හැකි වේවි.

02. මිල අධික  Face masks වර්ග

Face masks සත්කාර සමේ ගැඹුරටම කාවැදි සමේ සිදුරු විවෘත කරමින් සත්කාරයේ අඩංගු අමුද්‍රව්‍ය වල පෝෂක සංඝටක සමට උරාගැනීමට සලස්වයි. මේවා මිලෙන් අධික විය හැකියි වගේම ඉන් ලැබෙන සත්කාරය බොහඔ විට තාවකාලික දිප්තියක් සමට ලබාදීම පමණක් විය හැකියි. දිනපතා සමට මොයිෂ්චරයිසින් ක්‍රීම් වර්ගයක් හෝ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරමින් සමට සත්කාරයක් ලබාදිය හැකි බැවින් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති නොවේ.

03. පිරිසිදු පොල් තෙල්

පොල් තෙල් සමේ තෙතමනය ඇතිකරවන සත්කාරයක් වුවද එහි බලපෑම කෙටිකාලීන වේ. ඒවා දිගු වෙලාවක් සම මත තිබෙන විට සමේ සිදුරු අවහිර වී ගොස් කුරුලෑ වැනි තත්වයන් පවා වර්ධනය විය හැකියි.

04. Pore strips

සමේ සිදුරු අවහිර වන්නේ සමේ ඉතා  ගැඹුරිනි. එබැවින් අවහිර වූ සමේ සිදුරු වලට pore strips නම් මෙම පටි  සිදුවන සත්කාරය්ක් නොමැති තරම්ය. මේ වෙනුවට සම ගැඹුරින් පිරිසිදු කරවන deep cleaning සත්කාරයක් සිදුකරගන්න.

05. ජෙල්  නිෂ්පාදන

ජෙල් ස්වභාවයේ නිෂ්පාදන භාවිතා කල යුත්තේ කුරුලෑ සහිත සහ තෙල් සහිත සමක් ඇත්නම් පමණි. වියළි සමකට ජෙල් නිෂ්පාදන භාවිතා කිරීමෙන් කිසිඳු හිතකර ප්‍රතිඵලයක් සමට නොලැබීමට ඉඩ ඇත.  එමඟින් ඔබේ සම වඩාත් වියළීයාම පවා සිදුවිය හැක.

06. Self- Tanner නිෂ්පාදන

සම පදම් කරගැනීම නැතිනම් tan කරගැනීම සඳහා හිරු එළියට නිරාවරණය වීමට හෝ අව්ව තැපීමට වඩා වඩාත් හිතකර සහ පහසු ක්‍රමය ලෙස tanner නිෂ්පාදන භාවිතයට බොහෝ දෙනා යොමුවී ඇත.  නමුත්, චර්ම රෝග විශේෂඥයින් පෙන්වාදෙන්නේ මෙසේ සමේ tone එක වෙනස්කරගැනීමට යොමුවීම අහිතකර ආකාරයේ ඇබ්බැහියක් වන බවයි. ඔවුන් පෙන්වාදෙන්නේ වඩාත් නීරෝගි සම වන්නේ අපගේ ස්වභාවික සම බවත් එහි ස්වභාවය වෙනස්කිරීමට උත්සාහ කිරීමට වඩා එය හොඳින් ආරක්ෂා කරගැනීමට කලයුතු දේවල් ගැන සිතීම වඩාත් උචිත බවත්ය.

07. Toner වර්ග

Toner නිෂ්පාදන වලින් ඔබේ සමට සිසිල් බවක් මෙන්ම සමට හොඳ පැහැදිලි නිමාවක් සහිත පෙනුමක් ලබාදෙයි.සමේ මැරුණු සෛල ඉවත්කිරීම මෙන්ම අනවශ්‍ය  තෙල් සමෙන් ඉවත් කිරීම වැනි ප්‍රතිලාභ ද ඔබට ඉන් ලැබෙනවා. නමුත්, ඇතැම් පුද්ගලයින් හට මේවා ආසාත්මිකතා ඇතිකරවන අවස්ථා ද ඇත. මේවා භාවිතය නිසා සම කැසීමට පටනගෙනීම, දැවිල්ල ඇතිවීම, හෝ සම රතු වීඉම වැනි තත්වයන් ඇතිවිය හැකියි. එය සමේ ස්වභාවික ආරක්ෂාව ද බිඳ දැමිය හැකි ආකාරයේ බලපෑම් ඇතිකිරීමටඩ ඉඩ ඇත. එබැවින් මුදල් වියදම් කරමින් අවදානමක් ඇති දේ මිලදී ගැනීමෙන් ඵලක් නැහැ නේද?

08. Eye cream

මේවා මඟින් ඇස් වටා සම හොඳින් තෙතමනය පවත්වාගනිමින් ආරක්ෂා කිරීම සිදුකරයි. නමුත්, ඒ සඳහා විශේෂ ක්‍රීම් වර්ගයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ඒ සඳහා ඔබ සාමාන්‍යයෙන් ඔබේ මුහුණට , අත් වලට සහ බෙල්ල ප්‍රදේශයේ ගල්වන ක්‍රීම් වර්ගයම භාවිතා කල හැකි බවයි චර්ම රෝග විශේෂඥයින් විසින් නිර්දේශ කරන්නේ.

09. සෙලියුලයිට් (මේද කැටිවීම්) සහ ස්ට්‍රෙච් මාක්ස් තත්වයන් සඳහා භාවිතා වන ක්‍රීම් වර්ග

ඔවුන් පවසන ආකාරයට මෙවැනි තත්වයන් සමනය කරවනවා යැයි කියන ක්‍රීම් වලින් සිදුවන සත්කාරයක් නොමැත. ඒවා මඟින් තාවකාලිකව සමේ මෙවැනි කැලැල් තත්වයන් යටපත් කිරීම හෝ තාවකාලිකව අවහිර කිරීම සිදුකල හැකි අතර එහි බලපෑම නිසා සම ප්‍රදාහයට ලක්වීම සිදුවේ. මෙවැනි තත්වයන් ඉවත් කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සිදුකිරීම වඩාත් සුදුසුය.

10. Beauty elixir නිෂ්පාදන

මේවා භාවිතයෙන් ක්ෂණිකව ඔබේ මනසට යම් ශාන්තිමත් බවක් දැනුන ද ඉන් සමට එතරම් සත්කාරයක් නොලැබෙයි.සමේ රතු පැහැයට හැරී ඇති ස්වභාවය සමනය කරමින් සමේ තෙතමනය සුලු වශයෙන් ඇතිකල ද ඉන් ඇති කරන ප්‍රබලතම  බලපෑම වන්නේ එහි ඇති සුවඳවත් බව පමණයි.