ඔබත් ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කරනවනම් මෙන්න මේ දේවල් ගැනත් ටිකක් හිතන්න

ආසියානු ජනයා හා වෙනත් ජාතීන් සමඟ ඇති වෙනස්කම් වලින් තවත් එකක් ලෙස  සැලකෙන ආසියාවේ පුද්ගලයින් හට දහදිය දුගඳ පාලනය කිරීමට නිතර ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කල යුතු නැතැයි කියන මතය ගැන අද අපි සොයාබලමු. අධ්‍යනයන් මඟින් පෙන්වා දෙන්නේ මේ සඳහා ඔවුන්ගේ විශේෂ ශරීර ස්වභාවය හේතුවන බවයි.

දුගඳ ඇතිකරවන ජානය

කිසිවෙකුගේ දහඩිය උපතින්ම දුගඳකින් යුතු වන්නේ නැහැ. ඊට හේතුව තමයි දහදිය යනු ගඳ සුවඳකින් තොර ශ්‍රාවයක් වීම. දහදිය පිට වූ පසු ඒවා මත දුගඳ ඇතිකරවන බැක්ටීරියා වර්ධනය වීමට පටන්ගැනීමත් සමඟ ක්‍රමයෙන් දහදිය දුර්ගන්ධයක් ඇතිවිය හැකියි. කෙසේවෙතත්, බ්‍රිස්ටෝල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකල මෑතකාලීන අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ කිහිළි දුර්ගන්ධයකින් යුක්ත වීම හෝ එසේ නොවීම සිදුවන්නේ ‘ABCC11’ නම් එක්තරා විශේෂ ජානයක් නිසා බවයි.

මුල් කාලීනව විද්‍යාඥයින් විසින් විශ්වාස කර ඇත්තේ මෙම ජානය හේතුවෙන් කනේ කලාඳුරු වල සාන්ද්‍රතාව (ear wax consistency) හෙවත් ඒවායේ වියළි බව හේ තෙත බව තීරණයවන බවයි. එහිදී, තහවුරු වී ඇත්තේ 80%-95% ක් පමණ නැගෙනහිර ආසියාතික ජනයා අතරින් පිරිසකගේ කන් කලාඳුරු වියළි ස්වභාවයක් ගන්නා බවත්, අප්‍රිකානු සහ යුරෝපානු ජනයාගේ කන් කලාඳුරු තෙත සහිත ස්වභාවයක් ගන්නා බවත්ය. එහිදි අනාවරණය වූ පුදුම සහගත කරුණ නම් කන් කලාඳුරු වල සාන්ද්‍රතාව කිහිළි වල ගන්ධයට බලපාන ආකාරයේ  යම් සම්බන්ධතාවක් දක්වන බවයි.

එහිදී තවදුරටත් අනාවරණය වූයේ ආසියාතික ජනයාගේ සිරුරේ විශේෂ ජානමය ලක්ෂණ ස්වභාවයක් පිහිටා ඇති බවයි. එනම් ‘ABCC11’ නම් ජානයේ ඌනතාවයි. මේ හේතුවෙන් ඔවුන්ගේ කන් කලාඳුරු වියළි ස්වභාවයක් ගනියි. ඊට හේතුව වන්නේ බැක්ටීරියා වර්ධනයට ඉවහල් වන ද්‍රව්‍ය එහි අඩංගු නොවීම නිසයි. මෙම තත්වය ඔවුන්ගේ සිරුරේ දහදිය පිටවීම සමඟ එක හා සමානව අදාල වේ. ඔවුන්ගේ දහඩිය දුර්ගන්ධය දැඩිව ඇති නොවන්නේ බැක්ටීරියාවන්ට හිතකර ද්‍රව්‍ය ඔවුන්ගේ සිරුරේ නිපද නොවන නිසාය.

කෙසේවෙතත්, මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ මෙම විශේෂ ජානය යුරෝපානු සහ අප්‍රිකානු ජනයාගෙන් 3% ක් පමණ් දෙනාට හැර අනිකුත් සෑම දෙනාගේම සිරුරු වල පිහිටා ඇති බවත් , ඒ හේතුවෙන් කිහිළි වලට දහදිය දැමීමේදි ඒවා ඉක්මනින් අප්‍රසන්න දුර්ගන්ධයක් බවට පත්කරවන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වේගවත්ව සිදුවන බවත්ය. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් අවශ්‍ය නැතත් ඩියොඩ්‍රන්ට් එකක් භාවිතා කිරීමට හුරුවී සිටිති. විද්‍යාඥයින් විසින් පෙන්වාදෙන්නේ අත්‍යවශ්‍ය නොවුවද එවැනි අත්‍යවශ්‍ය නොවන සනීපාරක්ෂක ක්‍රම භාවිතයට කාන්තාවන් සහ පිරිමින් යොමුවන්නේ අන් අය කරන නිසා තමන් ද එය සිදුකල යුතු බවට සමාජයෙන් එල්ල වන පීඩනය නිසා බවත්ය.

01.

02.

03.