‘ඒ දේ වෙද්දී බෝයි කෙනෙක්වත් හිටියේ නෑ’ දුෂ්‍යන්ත සමග විවාහ වුන ස්ටෙෆනි කියන කතාව

2011වර්ෂයේ විශ්ව රූ රැජින කිරුළත්, 2013 වර්ෂයේ ශ්‍රි ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරූළත් දිනාගන්න සමත් වු ඇය උපාධිධාරිනියක්. සමාජය ක්‍රියාශිලි කාන්තාවන් සවිබල ගන්වන ඇය නමින් ස්ටෙෆනි සිරිවර්ධන. වර්තමාන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය ඇයයි. ඉතින් මේ කතා බහ ඇය ගැනයි. ස්ටෙෆනි ඇත්තටම සුන්දර කාන්තාවක්. එහෙත් කිසි දිනෙක ඇය නිරූපණ කේෂ්ත්‍රයේ සිටිය අයෙකුනම් නොවේ. බොහෝ දෙනෙකු ඇය නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ යැයි සිතුවේ මිස් ශ්‍රි ලංකා කිරුළ දිනා ගැනිමත් සමඟ. නමුත් ඇය නිරූපිකාවක ලෙස කටයුතු නොකළ බව අපි අප සමග කියා සිටියා.

සුන්දර යුවතියක් වෙන ස්⁣ටෙෆනි සුන්දරත්වය රැකගන්න මොකද කරන්නේ කියලා අපි ඇයගෙන් ඇසුවා. ඉතින් ඇය ඒ පිලිබඳ අපට පැවසුවේ මෙහෙමයි “ඇත්තටම මම ගොඩක් පාවිච්චි කරන්නේ දේශිය දේවල්. මොකද මම මගේ රූපය වගේම ශරිර සෞඛ්‍ය ගැන ගොඩක් හිතනවා. ඉතින් මම ගෙදර⁣දිම මට අවශ්‍ය පැක් එකක් හදාගන්නවා. අනිත් දේ හදවත ලස්සන ඕනිම කෙනෙකුගේ මුහුණත් ලස්සනයි කියලා මම හිතනවා. කෙනෙකුගේ හදවතයි ලස්සන වෙන්න ඕනි මුහුණ නෙවෙයි” කියලයි.

ස්ටෙ⁣ෆනි කියන්නේ ඇත්තටම වාසනාවන්ත බිරිඳක්. එය පැවසුවේ අපි නෙවෙයි ඇය විසින්මයි. ඇය එසේ කියන්න හේතුව පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්. “ඇත්තටම දුෂ්‍යන්ත වගේ කෙනෙක් ලැබුන එක මගේ වාසනාවක්. ඔහු හොද සහකරුවෙක්. මොකද මගේ වැඩ කටයුතු වලදි සැමියෙක් විදිහට ඔහුගෙන් ලැබෙන සහය කියන්න බැරි තරම්. අපි අපිව තේරුම් අරගෙන ජිවත් වෙනවා. අනිත් දේ මම සිංදු කියන්න පටන් ගත්තෙත් ඔහු නිසා. පොඩි කාලේ සිංදු කිවාට මම කවදාවත් එළිමහන් ප්‍රසංග වල සිංදු කියලා නෑ. හැබැයි දුෂ්‍යන්ත කියන්නේ මගේ දක්ෂතා අදුරගෙන මට අත දෙන කෙනෙක්. මම වැටෙන හැම තැනකම මාව ශක්තිමත් කරන්නේ ඔහු. මම අසාර්ථක ⁣වෙන හැම තැනකම මාව සාර්ථක කරන්න මඟ පෙන්වන්නේ ඔහු. ඉතින් ඇත්තටම මම වාසනාවන්තයි ඔහුගේ බිරිඳ වීම ගැන. ඒ විතරක් නෙවෙයි දුෂ්‍යන්තට රසට කෑම උයන්නත් පුළුවන්.” කියලයි.

ස්ටෙෆනි කියන්නේ ජීවිතයේ අත්දැකීම් රැසකට මුහුණ දුන් කාන්තාවක්. ඇය පාසල් 13ක අධ්‍යාපන හදාරලා තියෙනවා. ඒ වගේම විවිද රැකියාවන් කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් අපි ස්ටෙෆනිගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුවා. ස්ටෙෆනි කියන්නේ ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් දෛර්ය වන්ත කෙනෙක් ද? කියලා ඉතින් ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්. “ඇත්තටම මම මට ලැබෙන අවස්ථා විස්වාස කරන කෙනෙක්. මොකද එක දවසක් මගේ බඩේ වේදනාවක් නිසා හදිස්සි ඔපරේෂන් එකක් කරන්න වෙලා. මට ගොඩක් අමාරු වෙලා තිබ්බේ, ඒ වෙලාවේ මට මගේ තාත්තාගේ මුණ බලන්න හිතුනා ඒත් මට තාත්තව පෙනුනේ නෑ. ඔක්කොම බොඳවෙලා දැක්කේ. මම ඒ වෙලාවේ හෙමින් කිවුවා මට ඔයාව පෙන්නේ නෑ මම ඔයාට ආදරෙයි තාත්තේ කියලා. මේ මම ජිවත් වෙන අවසාන තප්පරය කියලා මට හිතුනා. ඒ වෙද්දි මම හිතාගත්තා මේ හැමදේම ඉවරයි කියලා. ඒත් නෑ ඇත්තටම මට දෙවනි අවස්ථාවක් ලැබුනා. හැබැයි ඒ වෙලාවේ මට මතක් වුනා ඒ වෙලාව වෙනකොට මට බෝයි කෙනෙකුත් නෑ, මම කරුවත් කිස් කරලත් නෑ කියලා, මට හිතුනා මම මේ ලෝකේ දාලා යන්න හැදුවේ ඒවාවත් නොකර නේ කියලා. ඉතින් ඒ නිසා ම මම ඕනම හාස්කමක් ගැන විස්වාස කරනවා. මම ඕනිම දේකට කැප වෙනවා. හැමදේම අපිට ලැබෙන්නේ කැප කිරිමක් කලොත් විතරයි. මට සිංහල කතා කරන්න බැරි වුනත් මම ඒකට කැප වෙනවා. මම මහන්සි වෙනවා. අපි අමාරු කාල වලට මුහුණ දෙන්නම ඕනි. ඒ තමා ජිවිතේ. ඉතින් ඒ දේවල් එක්ක මම හිතනවා කෙනෙකුගේ මහන්සිය කැපවිම තමා කෙනෙකුගේ දියුණුව.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ස්ටෙෆනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.