‘ඒ දැනුන ගැනීම මට වචනෙන් කියන්න බෑ’ ජනප්‍රිය නිවේදක ලහිරු කියන කතාව

ළහිරු මුදලිගේ නම කියු සැනින් මතක් වෙන නිවේදකයෙක්. කාලයක් සුන්දර රංගන ශිල්පියෙක්. ඉතින් මේ ඉඩකඩ අද ඔහු වෙනුවෙන්. ළහිරු මීට සුළු කාලයට පෙර ලැබු උතුම් පිය පදවිය ලැබුවා. පියෙකු වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. පිය සෙනෙහස පිය හැගුමන් ගැන ළහිරු පැවසුවේ මෙහෙම අදහසක්, “ඇත්තටම මම ජිවිතේ කොතනකවත් දරුවෙකු නොසිටි නිසා පියෙකුගේ හැගිම් ගැනවිස්තර කරන්න ගියේ නෑ. දවසක මම තාත්තා කෙනෙක් වෙලාම ඒ හැගිම කියන්න හිතුවා. හැබැයි මට කියන්න පුළුවන් ඒක විතරයි. මොකද තාත්තා කියන වචනයට අර්ථයක් කියන්න තාත්තා කියන ආදරය මෙච්චරයි කියන්න මම සමත් නෑ. එදා හිතුවට මගේම දරු පැටියෙක් ලැබුනහම මම තාත්තා කෙනෙක් කියන හැගිම අර්ථකථනය කරනවා කියලා ඇත්තටම ඒක අමාරු වැඩක්. අමාරුයි නෙවෙයි මටනම් ඒක කරන්නම බැරි වැඩක්. දවසක ඒ හැගිම විදින්නම ඕනි. අනිවාර්යයෙන් මම හිතනවා අපි කාටවත් ඒ හැගිම මෙච්චරයි කියලා විස්තර කරන්න බෑ කියලා. මම ජිවිතේ නොවිදපු අත්දැකිමක් මම ජිවිතේ විදපු අවස්ථාවක්” කියලයි.

මිනිස් හදවත තුළට කෙමෙන් රිංගන්න පුළුවන් සියුම් තැන මනාව ස්පර්ශ කරන්න පුළුවන් අපූරූ නිවේදකයෙක් විදිහට අපිට ළහිරු හදුන්වන්න පුළුවන්. දියුණු වන වර්තමානය එක්ක ජිවිතේ අලුත් දේ මත ජිවිතේ දියුණු කරගන්න මඟක් සෙවු ළහිරු වර්තමානයේ යුටියුබ් නාලිකා මාධ්‍යයේ ප්‍රධානියෙක් ලෙසද හදුන්වන්න පුළුවන්.

ඒ කොහොම වුනත් අද ළහිරු ඉන්න තැනට එන්න මාර්ගය සොයාගත්තේ ළහිරු. ඒ නිසාම අපි ඒ ආව ගමන ගැන අහන්න හිතුවා “මුලින්ම මම කියන්න ම ඕනි ළහිරු මුදලිගේ කියන නම හැදුවේ ස්වර්වාහිනියෙන්. මොකද මගේ ජිවිතේ වෙනස් කලේ එතනින්. පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු හයේදි මම මුතු අහුරට එකතු වුනා කාලයත් එක්ක ම ස්වර්වාහිනියේ නළුවෙක් නිවේදකයෙන් යන විදිහට වැඩ කලා. අවුරුදු දාසයක් පමණ සේවය කළ ස්වර්වාහිනියෙන් මම ඉවත් වුනේ මටම කියලා මගේම කියලා දෙයක් පටන් ගන්න. 2016 තමා මම ස්වර්වාහිනියෙන් අයින් වෙන්නේ. ඒ අයින් වෙලත් මම ෆ්‍රි ලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරනවා මම හිතුවා නවින ලෝකයට ගැළපෙන කෙනෙක් වෙන්න. ඒ නිසාම මම යුටියුබ් නාලිකාවක් පටන් ගන්නවා.

අවුරුදු දෙකක් මම උපරිම මහන්සි වෙනවා ඒ වෙද්දි මම මියුසික් විඩියෝ කර කර හිටියේ. ඒ වෙද්දි 600ක් විතර කරලා. මම අධ්‍යක්ෂණය කරපු රොෂාන් ප්‍රනාන්දුගේ “හද හඩලා” ගීතය බොහෝ දෙනෙක් අතර ජනපිය වෙනවා. ඔය අතරේ මම හරි බ්‍රෑන්ඩ් එක සේවකයින් විසිපහක් විතර සිමිත පිරිසක් අතරේ පටන් අරගෙන කරගෙන යන්න තිරණය කලා. සිංහල, දෙමළ, ඉංග්‍රිසි යන මාධ්‍ය තු⁣නෙන්ම ඒක ඉදිරිපත් වෙනවා. මම කොහොමත් ආස කවුරුත් කරන දේවල් නොකර මම කැමති දේ කරන්න.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ලහිරුගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.